අපේක්‍ෂා රෝහලේ 'අපේක්‍ෂාව' ගුවනින් පැමිණ&#3545

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අපේක්‍ෂා රෝහලේ 'අපේක්‍ෂාව' ගුවනින් පැමිණ&#3545

    අපේක්‍ෂා රෝහලේ 'අපේක්‍ෂාව' ගුවනින් පැමිණෙයි



    මහරගම අපේක්‍ෂා රෝහල තුළ ස්‌ථාපිත කිරීමට නියමිත පෙට්‌ ස්‌කෑනර් යන්ත්‍රය ජර්මනියේ සිට ගුවන් මගින් මෙරටට ගෙනැවිත් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යාංශය පවසයි.

    රුපියල් මිලියන 202 ක්‌ වැය කරමින් ජර්මනියේ "සීමන්ස්‌" වෙළෙඳ සමාගමෙන් මෙම ස්‌කැනර් යන්ත්‍රය මිලට ගෙන තිබේ. මෙම යන්ත්‍රයෙන් පිළිකා රෝගය සියුම්ව හඳුනාගත හැකි අතර මසකට ස්‌කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක්‌ සිදුකළ හැකි බව පෙන්වා දෙන අමාත්‍යංශය අප්‍රේල් මාසයට පෙර යන්ත්‍රය අපේක්‍ෂා රෝහලේ සවිකරන බව සඳහන් කර සිටී.

    "තදීප්" පදනමේ සභාපති එම්. එස්‌. එච්. මොහොමඩ් මහතා හා දෙරණ මාධ්‍ය ජාලයේ මැදිහත්වීමෙන් ලැබුණු මහජන මුදල් ආධාර යොදාගෙන මෙම පෙට්‌ ස්‌කැනර් යන්ත්‍රය මෙරටට ගෙන්වා තිබේ. ප්‍රසම්පාදන ක්‍රියාවලියට පසු අමාත්‍ය මණ්‌ඩල අනුමැතියද මෙම යන්ත්‍රය ගෙන්වීම සඳහා ලැබී තිබේ.

    ඒමන්ති මාරඹේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාසෙකට 100කට අධික ස්කෑන් ප්‍රමාණයක් කරන්න පුලුවන් කියන්නෙ 110 120ක් වගේනෙ පුලුවන් ඇත්තෙ :sorry: ඒත් මදිනෙ බං :sorry: තව එකක් ගත්ත නං හරි :yes: