අපේ අම්මා හැර සේරම බුදු වේවා…!

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
අපේ අම්මා හැර සේරම බුදු වේවා…!

අපේ අම්මා හැර සේරම බුදු වේවා…!​




නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව .

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම

තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වණේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට….

දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවොත් අණකර බන පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අම්මා බන කතාවක් බුදු මැදුරෙත් ලිව්වා

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

- ටිම්රාන් කීර්ති -​

attachment.php
 

Attachments

  • 38638485_287861888463071_2447124648450588672_n.jpg
    38638485_287861888463071_2447124648450588672_n.jpg
    69.9 KB · Views: 412

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,665
    11,418
    113
    හඳට කිට්ටුව
    වේසිගෙ පුතා මම ( 18 + නොවේ )

    වියැකෙන මුදු සුසුම් හඬ
    සමග ගොරහැඬි රැවුම් හඬ
    ඇසී අවදිව පෙර දිනක
    සෙවුවා මම කෝ කොහෙද
    පැදුරේ නුඹ නෑ
    අනිත් කොන..

    මියැදෙන ලාම්පු දැල්ලට
    මැටි බිත්තියට මුවා වී හිද
    වලදන්න දී මත්
    රකුසෙකුට කුණු කය
    කැවුවා මට ඇනූ බත් ගුලි
    බඩගින්නෙ අඩන මා නලවන්න...

    සෙල්ලම් පිටිය පුරාවට
    පාසලේ කොට බිත්ති අතර මැද
    ගම්සභා පාර
    කඩමන්ඩියෙත් අද
    රැවුදුන්න හඬ හැමදාම
    නොදෝකින් අවජාතක
    වේසිගෙ පුතා උඹ....

    ආ බව නපුර අඳුරට මුවා වී
    දෙදරණ කුස්සි දොර කෑ ගසද්දී
    හොයන්නෑ පෙර වගේ මම නුඹ
    අවුල් කෙස් මැද ගිලුනු දෑසේ
    බෑ බලන්නට
    ඇති කඳුලු කැට...

    සින්න වූ පසුත් නුඹෙ
    උගස් කල ආලය
    දුන්න ඇති මට ඉඩ
    දකින්නට ලෝකය...
    වඩන්නට මා බිලිදී..
    නුඹ වතේ තාලය
    මතු බුදුවන්න කරපු පිං ඇති
    ආඩම්බරයි තව ඒ..

    වේසිගෙ පුතා මම...!!!

    mekath patta, kauda danne na meke aithikaru....