අපේ අය බොරු කියන්නේ හිතාමතා නොවේ..- ජනපති

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    ආණ්ඩුවේ ඇතැම් ඇති ඇමතිවරුන් මහජන හමු වලදී සත්‍ය නොවන ප්‍රකාශ කරන්නේ සිතා මතා යැයි තමන් විශ්වාස නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

    ඇතැම් විට එය නොදන්නාකම විය හැකි බවද පැවසූහු මිනිසුන් අතින් වැරදි විය හැකි බවද කියා සිටී.

    මෑතකදී එවන් ප්‍රකාශයක් සිදු කළ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් එම අදාළ ප්‍රකාශය තවත් තැනක නිවැරදි කර ඇති බවද ඔහු කියා සිටියේය.

    එවන් ප්‍රකාශය සිදුවේ යැයි මාධ්‍ය විසින් ඉලක්ක සහගතව බලා සිටින පිරිස් කැඳවා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවද ජනාධිපතිවරයා පවසයි.

    කෙසේ වෙතත් එවන් සිදුවීම් නිසා ආණ්ඩුවේ විශ්වාසනීයත්වයට හානියක් වෙමින් ඇති බවත් ආණ්ඩුවට අහිතකර ලෙස බලපාමින් තිබෙන බවත් ඒ මහතා කියා සිටියේ දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.