නිවැරදි සත්‍ය දැකීම යනු විමර්ශණයක ප්‍රථිපලයෙන් ලබා ගත යුතු දෙයකි. බුදුන් වහන්සේ විසින් සියලුම පුද්ගලයන්ට තමන් වහනසේ විසින් දේශණා කරන ලද ධර්මය විමසීම සදහා විවෘත කරන ලද්දේ එහි පවතින්නා වු සත්‍ය භාවය නුවණින්ම අවබෝධ කර ගැනිම පිණිසයි. කෙසේ වුවද මිත්‍යා මත වල එල්බ සිටිනා මිත්‍යා වාදින් විසින් කිසිවක් විමසිමට හෝ සොයා බැලිමට නොයන්නේ විමසිමෙන් තමන්ට මෙතෙක් තම දේව වාදි ආගමෙන් පැවසු වදන් මුලාවක් බව වැටහෙන බැවිනි. එය එම දේව වාදි ආගමි වල නායකයන්ද අවබෝධ කර ගත බැවින් + නොදැක විශ්වාස කරන්නේ භාග්‍ය වන්තයෝය+ යන කියමනක්ද ප්‍රසිද්ධ කරන ලදි. එයට හේතුව විමසන්නට යැමෙන් සියලල් මුලාවක් බව පසක් වෙන බව ඔවුන් අවබෝධ කරගත් බැවිනි




