අපේ ආදරේ...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිරු පිබිදෙන උදෑසනක
    පිණි බිදු දිලිහෙන අරුණෝදෙක...
    කුරුළු හඩින් සුපිපෙන කුසුමක් වාගේ...
    නොවේ....... අපේ ආදරේ......

    හිරිපොද වැටෙනා හැන්දෑවක...
    ගණදුර රජයන නිමේශයක....
    හැමදාමත් උනුහුම ඉල්ලන....
    සුවයක් නොවේ... අපේ ආදරේ......

    කදුළ සුසුම තුරුලු කරන්....
    වේදනාව හිතේ දරන්....
    බාධක පිට බාධක මැද දිනෙන් දිනට පා තබනා....
    ගංගාවයි... අපේ ... ආදරේ....

    උල්පතකින් හැදෙන බිංදු..
    එකතුවෙලා හැදෙනා මහ ගංගා.....
    සරුසර මහ කෙත් වතුපිටි
    දෙගොඩතලා ගලා ගියේ ගංගා.....
    විශ්වාසය තමයි හිතේ...
    හැමදාමත් තිබුනේ ජය නංවා.....
    ඒ ගුණයයි මතු දවසක...
    ජය ගෙන එන්නේ අප කැන්දා....

    කදුළ සුසුම තුරුලු කරන්....
    වේදනාව හිතේ දරන්....
    බාධක පිට බාධක මැද දිනෙන් දිනට පා තබනා....
    ගංගාවයි... අපේ ... ආදරේ....

    හිරු පිබිදෙන උදෑසනක
    පිණි බිදු දිලිහෙන අරුණෝදෙක...
    කුරුළු හඩින් සුපිපෙන කුසුමක් වාගේ...
    නොවේ....... අපේ ආදරේ......

    හිරිපොද වැටෙනා හැන්දෑවක...
    ගණදුර රජයන නිමේශයක....
    හැමදාමත් උනුහුම ඉල්ලන....
    සුවයක් නොවේ... අපේ ආදරේ......

    කදුළ සුසුම තුරුලු කරන්....
    වේදනාව හිතේ දරන්....
    බාධක පිට බාධක මැද දිනෙන් දිනට පා තබනා....
    ගංගාවයි... අපේ ... ආදරේ....


    120.jpg