අපේ ඉතිහාසෙ සදාචාරවත් ද ?
"අපේ ඉතිහාසෙ එහෙම සදාචාරවත් ඉතිහාසයක් නෙමෙයි. අපේ රජවරු පොඩි ළමයින්ව වංගෙඩිවල දාලා කෙටුවා. ගෑනුන්ව ගල් බැඳලා වැව් වල ගිල්ලලා මැරුවා. හැමදාම සුද්දන්ට විරුද්දව සදාචාරෙ ගැන කතා කරන සිංහල බෞද්ධ ජනතාවට ඒ ඉතිහාසෙ ම්ලේච්ඡු දේවල් පෙනුනෙ නෑ. අපි දන්න බෞද්ධ කතා වල ළමයින් සහ ගෑණුන් ගැන එන කතා කොයි වගේද? රාජ රාජ අමාත්‍යවරුන්ගෙ ඇරුණම අනෙක් සාමාන්‍ය හුදී ජනයාගෙ තත්වය කොහොමද තිබුනෙ? සෝපාක කියන්නෙ මළ මිනියකට තියල බැඳලා බාප්පා මැරෙන්න දාලා යන දරුවෙක්. රජ්ජුමාලා බුදුන්ට මුනගැහෙන්නෙ එල්ලිලා මැරෙන්න යද්දි. මේ ඉතිහාස කතන්දර ඇතුලෙ කවුරුවත් නොකියන ඇත්ත කතාව තමයි අපේ කලාපෙ රටවල කාන්තාවන්ට හා ළමයින්ට අතිශය ඛේදජනක තත්වයන්ට මුහුණදෙන්න සිදු වුණු එක. බුදුන් පවා මෙතනදි ඒ අයව තමන් ළ`ග මහණ කර ගත්තා මිස ඒ වෙනුවෙන් නීතිමය හෝ දේශපාලනික පියවරකට යන්නෙ නෑ. මේක යුරෝපයේ අතීත කතාවෙදිත් මේ විදිහමයි. ඒත් ඒ තත්වය තේරුම් ගන්නත් ඒකට විරුද්ධ වෙන්න ඇත්ත උවමනාවක් ගොඩනගා ගන්නත් ඒ සමාජ වලට පුළුවන් වුණා. අපි මේ වෙද්දි අපේ විදිහට පෙන්නන්න හදන ළමා හා කාන්තා අයිතීන් යුරෝ-ඇමරිකානුවන් විසින් නිර්මාණය කරපු සහ සමාජගත කරපු අදහස්. නැතුව ලංකාවෙ රජවරුන් හෝ පූජ්‍ය පක්ෂය කිසි වෙලාවක මේ අයිතීන් වෙනුවෙන් ඉතිහාසය පුරාම කතා කරලා නෑ කියන එක පැහැදිලිව තේරුම් ගන්න ඕන ...
මේක මේ දවස් වල අපේ ලොක්කෝ කියන ඇදුම් ගැන කියන කතාවක්
උලකුඩය දේවිය වෙනුවෙන් "පෙකණීය නොදක්වා, සළු ඇඳ බොලට දක්වා, නොපව තන සක්වා, සිනා නොමසෙන් දසන් දක්වා" කියල ලියපු රහල් හිමියන්මයි සැළලිහිණිය ලියද්දි පුරඟන දෙවඟනට සමාන කරන්නේ... ඒත් වර්තමාන සිංහලයෝ අපේ සාහිත්‍යයෙන් සහ ඉතිහාසෙන් තෝරා ගන්නේ තමාගේ සිතුවිලි වලට ගැලැපෙන දේවල් විතරයි නේ... ඒත් එම වත්මන් සිතුවිලි තමුන්ගේ ඔලුවට කැව්වේ කොහෙන්ද කියල හිතන්නේ නෑ.
යටි හිතින් සුද්දාගේ සභ්‍යත්වයට කඩේ යාම ගත්තම අන්තිමට බලනකොට ඉන්දියන් කාරයාගෙයි, සිංහලයාගෙයි, හම්බයාගෙයි වෙනසක් නෑ!