අපේ ඡන්දේ කාටද?

slpx

Member
Jul 10, 2008
7
2
0
අපේ ඡන්දේ කාටද?

මේ දවස් වල අපේ රටේ මාතෘකාව ඡන්දේ. ඉතිං කාලෙකට පස්සෙ වෙලාවක් ලැබුන නිසා ඒක ගැන කතා කරන්න හිතුනා.

මම හැමදාම දිවයින කතුවැකිය කියවනවා. ඒකෙ තිබ්බ දේකුත් එක්ක මෙහෙම කියන්නම්.. ... ලෝකෙ මිනිස්සු වර්ග 3ක් ඉන්නවා.
1. තමන්ට මොකුත් ඕනි නැතුව හැමදෙයක්ම ලෝකෙට දෙන අය.
2. තමන්ටත් දෙයක් කරගෙන අනිත් අයටත් දෙයක් දෙන අය,
3. හැමදේම තමන්ට විතරක් කර ගන්න අය. කියන ඛාණ්ඩ 03.

මේ අයගෙන් පළවෙනි අය ලංකාවේ දේශපාලනය කරපු කාලය ඉවරයි. දෙවැනි අය කීප දෙනෙකුත් අනිත් ඔක්කොම් 3 වැනි අයත් තමයි දැන් රටේ ඉතිරි.

අද දේශපාලනය කරන්න මුදල් ඕනි. මමත් පෞද්ගලිකව එහෙම දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මෙහෙම පෙන්නන්න පුළුවන්. මේ වියදම් යන්නේ කටවුට්, පෝස්ටර්, ඇඩ්, ඇඩ් දිසයින්, මොඩ්ල් ලට කරන ගෙවීම්, ගෙන් ගෙට යන අයට වියදම්, කෑම, සැර බීම, මස් වර්ග, ප්‍රවාහන, ජීප් රේස් වලට වාහන, සම්බන්ධීකරණය, ලිවුම්, තැපැල් වියදම්, ටෙලිපෝන්, ආදී වශයෙන්....
ඒක, ප්‍රාදේශීය සභා නම්, ලක්ෂ 50ක් විතර (5,000,000) , පළාත් සභා නම් කෝටි 10ක් විතර (100,000,000), ජනාධ්පති නම් හිතාගන්න පුළුවන් නේද එතකොට .

එක විනාඩියකට හිතන්න මෙහෙම. ලංකාවෙ ටීවී චැනල් 20යි, පියෝ ට්වී වලයි, ඩයලොග් වලයි, පත්තර වලයි යන ඇඩ් ටික ගැන. ටී.වී චැනල් එකක එක විනාඩියක ඇඩ් එකක් ලක්ෂ 5ක් විතර ( 500,000). එතකොට දවසකට යන ඇඩ් ගාන. ඒ ට්කට විතරක් කීයක් වියදම් කරන්න ඕනිද කියලා. මේ වියදම කෝටි 100 පනිනවා (100,000,000,000). හිතාගන්න පුළුවන්ද කැම්පේන් එකක වියදම.

එතකොට එක වගේ සල්ලි තිබ්බෙ නැතිනම් අනිත් පාටි එකකට ඒ වහේම සීග්‍රතාවයකින් ඇඩ් කරන්න පුළුවන්ද. බෑ. ඒකයි දෙන්නගෙ ඇඩ් වල ම්හින්දගෙ 5ක් යනකොට මෛ3 ගෙ 2ක් වෙන්නෙ.

ඉතිං හිතන්න මෙහෙම වියදමක් ඔබට අපට කරන්න පුළුවන්ද කියලා. එතකොට මේ අයත් මේක කරන්නෙ කරන්න පුළුවන් නිසාමද කියලා. අපි අපේ අතේ තියෙන රුපියල් 100ක් හිඟන්නෙකුට දීල තියෙනවද?. බාර් එකක බිව්වොත්, යාළුවො එක්ක සෙට් උනොත්, අපේ බිල 5000ක් වෙනකොට වේටර් මල්ලිට 500ක් දෙනවද කියලා.

වැඩිය ඕනි නෑ. 3-වීල් එකේ හරි, බස් එකේ හරි ඉතුරු රුපියල් 5ක් දුන්නෙ නැති වුනාම ලෝකෙටම කෑ ගහන, ඒක ඔෆිස් වල, යාළුවො අතරෙ පළු යන්න බනින අපි, ඒත් බොන්න හරි, ඔෆිස් එකක පාටි එකකට රුපියල් 5000ක් ඉල්ලුවොත්, ලොක්කගෙ ගෙදර යන්න කේක් ගන්න කරන වියදම් ගැන ප්‍රශ්ණ නෑ නේද කියලා. බස් එකේ කොන්දා, වේටර් මල්ලි, ත්රිවිල් අයියලා මේ හැමෝම අපි වගේ මහන්සි වෙලා දුක් වෙලා යන්තම් එදා වේල ගොයාගන්න අය නේද. ඒ අයට වැඩිපුර රුපියල් 10ක් ගියොත් කෑ ගහන අපි ඇත්තටම උදව් කරන්නෙ උදව් කොහොත්ම ඕනි නැති අයට නේද කියලා.

ඇයි අපි එහෙම කරන්නේ. ඒකට එක එක හේතු. ඒත් ඒකෙන් එකක් නම් ලකුණු දාගන්න. ඒ කියන්නෙ අපේම යහපතට පන්දමට නෙවෙයිද කියලා.

දැන් මේ දෙන්න ගැන ආයෙත් හිතුවොත් මේ දේවල් එක්ක, අපිට සල්ලි තියෙන නිසා අපි එහෙම කරනව වගේ, මේ අයත් ඒ දේ කරන්නෙ එහෙම. හැබැයි අපි වහේම ණය වෙලා, යාළුවෙක් ගෙන් උදව් අරගෙන ඒ විදිහටම.

අපේ යාළුවෙක් ඇවිත් කිව්වොත්, මචං මගේ මල්ලිට ජොබ් එකක් ඇවිත් තියෙන්නෙ, උඹේ අර යාලුවට පොඩ්ඩක් කියපන්, නැත්නම් මචං මල්ලි ලෛෂන් නැතුව හරි හෙල්මට් නැතුව හරි පොලීසියෙන් අල්ලලා, අයියට කියල පොඩ්ඩක් ෂේප් කරල දීපන් කියලා එහෙම වෙලාවක ඔයාලත් නිකම් ඉන්නවද?

මෙන්න මේ හේතු දෙක හින්දා, කවදාවත් ලංකාවේ දේෂපාලනේට එන මිනිස්සුන් ගෙන් අපි බලාපොරොත්තු වෙන හොඳ ලබාගන්න බැහැ. ඒ හැමෝම එන්නෙ තමන්ට දෙයක් කරගන්න මිස අනිත් අයට දෙයක් කරන්න නෙවෙයි. අනිත් අතට රුපියල් 100,000,000,000 ක් අතින් වියදම් කරලා රටේ මිනිස්සුන්ට වැඩ කරන්න උන්ට පිස්සුද?. ඒවා හීන. කවදාවත් සැබෑ නොවෙන දේවල්.

අපි අපේ අතේ තියෙන සල්ලියි, බැංකුවෙන් ලෝන් එකක් අරගෙනයි ගන්න සල්ලි, නිකම් හේතුවක් නැතිව ආශාවට රටේ ඉන්න දුප්පතුන්ට බෙදන්න පුළුවන්ද?. මෙතන ඉන්න එකෙක්ට එහෙම කරන්න පුලුවන් කමක් තියෙයිද?. ඉතිං ඔයාල කොහොමද දේශපාලනේට එන කෙනෙක්ගෙන් ඒක් බලාපොරොත්තු වෙන්නෙ ඒක ඔයාටමත් කරන්න බැරි දෙයක් නම්....

මේ නිසාම මේ අය බලන්නෙත් අපි වගේම වියදම් කරපු සල්ලි වලට ආදායමක් ලබාගන්න. ඒකට කොමිස්, අල්ලස් මේ ඕනි විදිහක්. ඒ නිසයි මහින්ද ගෙ දේශපාලනේ මේ දූෂණය වැඩීම. එයා වියදම් කරන ප්‍රමාණෙ වැඩියි. ඒක කවර් කරන්න ඕනි ප්‍රමාණෙ ඊටත් වැඩියි. එතකොට දූෂණය ඊට හුඟක්ම වැඩියි. ඒ නිසා බිලියන 15 (15,000,000,000) ක හම්බන්තොට ජල වයාපෘතිය ඉවර වෙනකොට ඒකෙ කොමිෂන් එක (25,000,000,000) වෙන්නෙ. (මේ ඇත්ත කේස් එකක්, කොමිශන් එක 150%ක්, බලය-හිරු 2014-01-01)

ජන්දෙකට මෙහෙම වියදම් කරන්න සල්ලි එන්නෙ ඒකෙන්.

ආණ්ඩුවේ සල්ලි පාලනය වෙන්නෙත් මේ විදිහටයි. බත් පැකට් දීලා, බස් වලින් සෙනඟ අද්දලා, ටීවී එකේ ඇඩ් දැම්මෙ නැත්නම්, ඒ සෙනඟ ටීවී එකේ නිවුස් වලදි අඩුයි වහේ නම්, ඒ කෙනුයි මිනිස්සු ආණ්ඩුවෙ තරම මනින්නේ. ඒකෙනුයි මෛ3 ගෙ තරම මනින්නේ. ඒ නිසා අන්න ඒකෙන් මයි මෙයාල මේ දූෂණයට පෙළෙබෙන්නෙත්...

කොහොම උනත්, දැන් ඇත්තටම අපි මොකක්ද කරන්න ඕනි.
සරලයි. දෙන්නම අන්ත දූෂිතයි. හැබැයි අපේ බදු සල්ලි අඩුවෙන් ම නාස්ති කරන එකා මේකෙන් තෝර ගන්න ඕනි. වැඩියෙන් ම මෙතෙක් වියදම් කරේ මහින්ද. එතකොට වැඩියෙන් ම මේ රටේ සල්ලි ගිලින්න හදන්නෙත් මහින්ද. එතකොට මහින්ද ට ජන්දෙ දෙන එක අපේ රටට අපි කරන ලොකු ද්‍රෝහි කමක්.

මෛ3 ඒ අතින් පොඩ් ද්‍රෝහි කමක්. කරන්න තියෙන්නෙ මේ දෙකෙන් එකක් නම් චන්දෙ මෛ3 ට දෙන්න.

ජනාධිපති කෙනෙකුට බුදු වෙලා වැඩ කරන්න බෑ වගේම, මේ සල්ලි කන දේශපාලන මනාප ක්‍රමේ ඇතුලෙ එහෙම කෙනෙක්ට ඡන්දයක් කරන්නත් බෑ.

ඒක නිසා මූ හොඳයි, අරූ නරකයි, ඌ ආවෙත් කරන්නෙ ගසා කෑම කියනවට වඩා, කන්නාඩි ගැලෙව්වොත් ඔයාලටත් පේන්න පුළුවන් මෙහෙම.

දෙන්නම අන්තිම නරකයි. එකෙක් වත් හොඳ එකෙක් නෙවෙයි. කවුරු ආවත් කරන්නෙ ගසා කෑම. ඒක වෙනස් වෙන්නෙ නෑ. වෙනස් වෙන එකම දේ, මහින්ද හැම තීරණයක්ම තනියෙන් ගන්න කෙනෙක්. ඒ නිසා උගෙ ගසාකෑමේ කිසිම පාලනයක් නෑ. ඒක කරන්න කෙනෙකුත් ඌ ලග නෑ. ඒත් මෛ3 ආවොත් ඌට හිතේ හැටියට නටන්න බෑ. පාඨලී, රනිල්, රතන හාමුදුරුවො, සජිත්, චන්ද්රිකා වගේ අය සෙට් එකක් ඉන්නවා එයාගෙ කොන්ට්‍රෝල් එකට.

ඒ නිසා හොඳ එකෙක් තෝරන්න නැති තැන, වැඩිය නරක අඩු මෛ3 වෙනකොට අඩුවෙන් නරක කෙනා තෝරාගැනීම විදිහට මෛ3 ට අපේ සහය දෙන්න ඕනි.

එක වැදගත් ම දෙයක්.. කවුරු දිනුවත් ලබන මැයි මාසේ එන පාර්ලිමේන්තු ඡ්න්දෙ නම් තදින් ම ඉන්න. . .
 
  • Like
Reactions: roma3547

slpx

Member
Jul 10, 2008
7
2
0
සුළු ජාතික ඡන්ද වල හැසිරීම සාමාන්‍ය පරිදිම තිබියදී රටේ නාගරික ජනතාව ජීවත් වන ප්‍රදේශ සියල්ලම පාහේ මෛත්‍රී ජයග්‍රහනය කර තිබේ. රටේ මාධ්‍ය වැඩි ප්‍රමාණයක් ග්‍රහණය කරන උගත් විචක්ශණශීලී සමාජය මහින්ද ව ප්‍රතික්ශේප කර තිබේ.

රටේ තිරයෙන් පිටුපස සිද්ධ වෙන දේ අති බහුතරයක් දෙනා නොදන්නා වෙලාවේ මේ ඡන්ද ප්‍රතිඵලය ඈත ගම් වලට හෙණ ගෙඩියක් වාගේ ය. එහෙත් බුද්ධිමත් මිනිසුනි, සියළු බලයට වඩා ඔබ විශිෂ්ඨ බව යලිත් පෙන්වීය.

මේ අවසානය නොවේ. මෛත්‍රී නිවැරදිව කටයුතු නොකරන්නේ නම් එය ඔහුගේ ද අවසානය වනු ඇත.

අපේ ඡ්න්දය ප්‍රතිරූප වෙනුවෙන් නොවේ. මෛත්‍රී, රනිල් හෝ මහින්ද යනු මිනිසුන් තිදෙනෙකු පමනි. එහෙත් ඔවුන් රටට කරන දෑ අනුව අපට ඒ යාන්ත්‍රන 3කි.

අවසාන වශයෙන්, මාධ්‍ය වල පලවූ පරිදිම සුන්දර හා මෘදු නොවෙතත්, මහින්ද මේ ප්‍රතිඵලය භාරගත් ආකරය ගෞරවයෙන් සිහිපත් කරමි. වරද ඔහුගේ අනුගාමිකයන් ගේය. කාලකන්නි නාමල් හා චාරයක් නැති ඇමැතීන් ගේය. රටක විශිෂ්ඨ ගෞරවය ලැබිය යුතු නායකයෙකු ඔවුන් මහමඟට ඇද දැම්මේය. එහෙත් යුද්දය දිනූ නායකයා ඔහුය. ඒ ගෞරවය සදාකාලිකව ඔහුට හිමි වේ.

ඉතින් මෛත්‍රී පාලනේ කෙසේදැයි අපි බලා හිඳින්නෙමු.