සචින් තෙන්ඩුල්කාර් ඉකුත් දා ක්‍රිකට් පිටියේ ලෝක පූජිත වාර්තාවක් තැබුවේ ය. එක් දින තරගයකදී ලකුණු 200 ක් හෙවත් ද්විත්ව ශතකයක් ලබාගැනීම ඒ හපන්කම ය. ඉන්දීය පුරවැසියකුට ලැබිය හැකි ඉහළම සම්මානය වූ ‘භාරත රත්න’ සම්මානය ඔහුට පුද කෙළේ ය. එහෙත් මීට කලකට පෙර සචින් තෙන්ඩුල්කාර් සිටියේ ක්‍රිකට් පිටියෙන් සමුගන්නා තත්ත්වයක ය. දණහිසේ ඇති වූ ආබාධයක් එයට හේතුව විය. මේ බව දැනගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සචින්ට වෛද්‍ය වයිට් එලියත්ත මහතාගේ සේවය ලබා දුන්නේ ය. ඒ ප්‍රතිකාරයෙන් සුව වූ සචින් ලෝක පූජිත වාර්තාවක් තැබුවේ ය. තම ජයග්‍රහණයේ ගෞරවය ජනාධිපතිතුමාට හිමිවන බව ඔහු පසුව පැවසීය. ඡායාරූපයේ දැක්වෙන්නේ සචින් තෙන්ඩුල්කාර් මහතා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ජනාධිපතිතුමා හමුවූ අවස්ථාව. වෛද්‍ය වයිට් එලියත්ත මහතා ද ඡායාරූපයේ සිටී.