අපේ ජාතික කොඩිය
අපේ ජාතික කොඩිය සැම දෙනාම දැක පුරුදු අපට හුරු වූවකි. ජාතික වශයෙන් වැදගත් උත්සව අවස්ථාවල මෙය ප‍්‍රදර්ශනය කරයි. කොඩිය සකස් වූ ආකාරය හා එහි නිරූපණය වන දේවල් පිළිබඳව ඔබ දැනුවත් කිරීම අපගේ අරමුණයි.ලංකාවේ ප‍්‍රථම අගමැතිවරයා ලෙස ඩි. එස්. සේනානායක මහතා 1948 වසරේ මාර්තු මස 06 වන දින ජාතික කොඩිය නිර්මාණය සඳහා කමිටුවක් පත්කළේය. එම කමිටුව සියලු ජනවාර්ගික නියෝජිතයන්ගෙන් සමන්විත වූහ. කමිටුවේ තීරණය පරිදි වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කරන ලදී.කොඩිය නිර්මාණය කිරීමේ වගකීම පැවරුනේ රජයේ කලායතනාධිපති ජේ. ඒ. ඩී. පෙරේරා මහතා සහ එස්. ජි. චාර්ලිස් යන මහත්වරුන්ටය. ජාතික එකමුතුව පෙන්වීම සඳහා යොදාගනු ලබන දේවල් අතරින් ප‍්‍රධාන ස්ථානයක් ගන්නේ ජාතික කොඩියයි. ජාතික කොඩිය අපසතු වස්තුවකි. ජාතික කොඩියේ අන්තර්ගත දේවල් පිළිබඳව විමසා බලමු.
අපේ ජාතික කොඩියේ පසුබිම රතු පාටය. එයින් සමෘද්ධිය සංකේතවත් කෙරේ. රතු පසු බිමේ කඩුවක් අතින් ගත් සිංහයෙකි. සිංහයාගේ හා කඩුවේ වර්ණය කහ පාටය. කඩුවත් ඉදිරියට අල්ලාගෙන සිටින සිංහයාගේ එඩිතරබව සංකේතවත් කරනු ලැබේ.රතු පසු බිමේ කොන් හතරේ බෝ කොළ හතරකි. එම බෝපත් හතරින් දැක්වෙන්නේ ධර්මිෂ්ඨ භාවය. සිංහයා ඉදිරියෙන් ඇති තැඹිලි වර්ණ තීරුවෙන් මෙරට වෙසෙන ද්‍රවිඩ ජතිකයන් සංකේතවත් වේ. ඊට යාබද පිහිටි කොළ වර්ණ තීරුවෙන් සංකේතවත් කරනු ලබන්නේ මෙරට වෙසෙන මුස්ලිම් ජනතාවය. ජාතික කොඩිය වටේම කහපාට තීරුවක් ඇත. ජාතික කොඩියෙන් සංකේතවත් වන දේවල් වෙන වෙනම විමසා බලමු.
කහ පාට :- බුද්ධිය, සාමය, අවිහිංසාව, සත්‍යය ධර්මය දැන ගැනීමරතු පාට :- බුද්ධි ගෝචර අවිහිංසාවාදි සමාජයන් ඇති බවය.බෝපත් :- මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, යන පරම සත්‍ය අවබෝධයමෙත්තා – රටවැසියා එක් මඟකට යොමු කිරීමමුදිතා - දුකට පත් වූවන් ඉන් මුදා ගැනීමකරුණා - සමාව, ඉවසීම, අනුන්ගේ යහපත සැලසීමඋපේක්ඛා - නිහතමානිකම , දානය, ප‍්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මකතාව අනුව සකස් කළ යුතු බව.සිංහයා :- සෙසු සතුන්ට වඩා සංවරය, ආත්ම ශක්තියෙන් යුක්තය. තමාට ගැලපෙන දේ පමණක් කිරීමරූපයේ කහපාට :- එඩිතරව, උපන් ගතිය අනුව හැසිරේකෙසරමාලාතුන :- බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරේ විශ්වාසය තැබීමග‍්‍රීවය :- පාලකයා ඍජු ශක්තිමත් අයෙකු බවඅයාගත් මුඛය :- රාජකීය හඬ නිර්භීතව ප‍්‍රකාශ කිරීමට හැකියාව ඇති බවනාසය :- හරිවැරදි හඳුනා ගැනීමදිව :- පාලකයාගේ ප‍්‍රකාශ සත්‍යවාදීවත්, අවංකවත් සිදුවන බවඇස :- ජනතා ඇස තුළින් ජනතා ප‍්‍රශ්න දෙස බැලීමමුඛයට නැමී ගිය දත්තුන :- සිත කය වචනය යන තුන්දොර හික්මවා විවෘතව ප‍්‍රකාශ කිරීමඇස කඩුව දෙසට යොමු වීම :- පාලකයා, නිසි ලෙස පාලනය සිදු කරන්නේ දැයි පාලිකයෝ බලා සිටි ජනතාව නිතරම අවධියෙන් සිටින බවකේසර කැරලි 24 :- ගිහි විනයහිස වලිගය මතට අක්ෂගතව තිබීම :- පාලකයා හා පාලිතයා අතර සමාන්තරතාවයක් ඇති බව ය.වලිගය ස්ථාන 2 න් නැමීම :- ජනතාවගේ දැනුම, කැපවීම. පාලකයාට නොඅඩුව ලැබිය යුතු බව ප‍්‍රථම නැම්මෙන් ද රටවැසියන් හා පාලකයා ජාතියේ තීරණාත්මක අවස්ථාවල එකම මඟක ගමන් කරන බවවලිගයේ කේසර කැරලි :- සැමට සුදුසු මග ආර්ය්‍ය අෂ්ටාංගික මාර්ගය බව ඉහළින් දැක්වේකඩුව ගත් දකුණු අත :- ආරක්ෂාව ස්වාධීනත්වය නිදහස ආරක්ෂා කිරීමපාද :- උටිධාන සම්පාද, ආරක්ඛ සම්පාද, කල්‍යාණ මිත්තා, සමජීවකතා යන හතරඋඩට විහිදුනු නිය :- ශ‍්‍රද්ධා, ශීල, ත්‍යාග, ප‍්‍රඥා යන ධර්ම මෙලොව ජය ගැනීමට අවශ්‍යයඅසිපත :- අසාධාරණයේදී සටන් වැදීමත් එය ධර්මයට අනුව සිදුවීමත් කහ පාටින් දැක්වේ.නැවුණු තුඩු තුන :- අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයට රට ජාතිය ලක් වීමඅසිපතේ මිටේ තුඩුහතර :- රටවැසියා ගොඩනැගී ඇත්තේ ආපෝ, තෝජෝ, වායෝ, පඨවි, යන මහ භ®තයන්ගෙනි.කඩුව අල්ලාගත් ඇඟිලි සතර :- චතුරාර්ය සත්‍යඅත් වැස්මේ අන්ත දෙක :- රාජ්‍ය පාලනය පැත්තකට අන්තගාමී නොවීමකෙලින් පිහිටි කඩු තලය :- පාලනය මධ්‍යස්ථය මධ්‍යම ප‍්‍රතිපදාව අනුව සිදු විය යුතුය.කඩු තලය :- පාලකයා, පිළිපැදිය යුතු දසරාජධර්මයඇස් ඒ තලය දෙසට යොමුවීම :- පාලකයන් ධර්මතා රකින්නන්ද බැලීමරතු පාට :- සිංහල ජාතියජාතික කොඩිය එසවීමෙදී නිසි ගෞරය ලැබෙන ආකාරයට කටයුතු කළ යුතුයි. කොඩිය සඳහා ප‍්‍රමිතීන් නියම කොට ඇත. ප‍්‍රමිති අංක 693 වර්ෂ 1985 එය සුරක්ෂිත කර ඇත. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ නියමයන් අනුව සිංහයා කහපාටින් විය යුතුය. කොඩියේ දිග පළල මෙන් දෙගුණයක් විය යුතුයි. අපේ ජාතික කොඩිය අපේ ජාතික වස්තුවකි