අපේ පඩිය සහ වෙනිසියුලාවේ පඩිය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ පඩිය සහ වෙනිසියුලාවේ පඩිය

    අපේ පඩිය සහ වෙනිසියුලාවේ පඩිය
    ======================
    මේ ඇත්ත කතන්දරය මට ලියන්නට හිතුනේ al jazeera.com අඩවියේ ඇතුලේ තිබු ලිපියක් කියවීමෙන් පසුවය .වෙනිසියුලාව ගැන ලියන ලද ලිපියක් වූ එය බටහිර මාධ්‍යක තිබුණේ නම් අමු පචයක් ලෙස සලකා අපගේ සමාජවාදී මිතුරන් එය තුට්ටුවකට වත් ගණන් නොගනු ඇත .

    අවුරුදු තිහක් ගුරුවරියක ලෙස සේවය කොට විශ්‍රාම ගොස් සිටින කාන්තවක් වසර අවසානය සැමරීමට ආණ්ඩුවෙන්නොමිලේ දෙන රුසියානු ඌරූ මස් කෑල්ලක් මිලදී ගැනීමට පෝලිමට එක්වී සිටියදී අල්ජසීරා මාධ්‍යවේදියා ඇයය සමග කතා බහකර තිබුණි .
    500 ක් පමණ පිරිසක් අතර ඇය පැය 11 ක් පෝලිමේ සිටි බව මාධ්‍යවේදියාට කියා තිබුණි.
    අවුරුදු 70 ක් පමණ වයසැති ඇය ගේ විශ්‍රාම වැටුප ඇමරිකානු ඩොලර් 8 කී .ඩොලරයක් රූ 180 න් වැඩි කර බැලුවිට උත්තරය රු. 1440 කී.
    "මට මේ පඩියෙන් මස් කිලෝ දෙකක් වත් ගන්න බෑ " යයි Carmen Graffe නමැති එම විශ්‍රාමික ගුරුවරිය කියා තිබුණි .

    ඇත්ත වශයෙන්ම ලංකාවේ විශ්‍රාමික ගුරුවරයෙකුට අඩු වශයෙන් රූ 30000 ඉක්මවා මසකට ලැබේ යන්න මගේ විශ්වාසයයි .ගිය අවුරුද්දේ අගදී රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප විශාල සංඛ්‍යාවකින් ඉහල දමනු ලැබිය
    ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදකයෙකු වන වෙනිසියුලාව අවුරුදු කීපයක සිට යන්නේ රීම් එකෙනි . එයට හේතු දෙකකි
    එකක් සමාජවාදයට බර ප්‍රතිසංස්කරණ කරන්නට ගොස් අසාර්ථක වීමය අනික ඇමරිකාව විසින් තහංචි පනවා තිබිමය . වෙනිසියුලාවේ බැංකුවලට සහ තෙල් කොම්පැනියට තහංචි පනවා තිබේ . අවට රටවල් ගණනාවක්ද මදුරෝගේ ආණ්ඩුව පිළිගන්නේ නැත .
    මේ නිසා වෙන රටවලින් භාණ්ඩ ගෙන්වා ගැනීමට ඩොලර් භාවිතා කිරීමට ඩොලර් වලට තෙල් විකිනීමට වෙනිසියුලාවට නොහැකි වී තිබේ
    අද වෙනිසියුලාව දුවන්නේ චීනයේ සහ රුසියාවේ සහයෝගයෙනි දේශීය මුදල් සහ යුරෝ භාවිතා කොට රුසියාවට ගෙවන්නට තිබු ණය ගෙවූ බව සඳහන් වේ .
    ලංකාවේ සමාජවාදින්ට වෙනිසියුලාවෙන් ඉගන ගැනීමට හොඳ පාඩමක් තිබේ . ඒ බලවත් රටවල් කීපයක් සමාජවාදී මාවත අනුගමනය කරන තුරු ලංකාව වැනි ආර්ථක වශයෙන් දුර්වල රටකට සමාජවාදයක් ගැන සිතීමටවත් නොහැකිය යන්නය .අප සමාජවාදය කරන්නට ගියහොත් බලවත් රටවල් අපට ආර්ථික සම්බාධක පැනවීම ස්ථිරය . සියලු ඇඟලුම් කම්හල් වසා දමා ගොන් කරත්තවලින් ගමන් බිමන් යන තැනට ඔවුන් අප පත් කරනු සැක නැත .


    https://sudukukula.blogspot.com/202...kZqHR90ZCAsQMvzldPGsqQUGBnIqcDJjTmzV0hoetxa6Y
     
    • Like
    Reactions: silentsahan

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Samajawadiyo witharak newine dan jana mathaya amarican virodee widiyata hadila thiynne, America europe walata banala daana post, e wageda putin padayak ariyath warnana karala post danne :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමාජවාදෙ වැරදි වලට වඩා තියෙන්නෙ බටහිර රටවල් උන්ගෙ සිස්ටම් එක ඇරෙන්න වෙන system implement කරන රටවල් වලට ගොඩඑන්න දෙන්නෙ නැති එක.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සමාජවාදෙ වැරදි වලට වඩා තියෙන්නෙ බටහිර රටවල් උන්ගෙ සිස්ටම් එක ඇරෙන්න වෙන system implement කරන රටවල් වලට ගොඩඑන්න දෙන්නෙ නැති එක.
    :yes::yes::yes::yes::yes::yes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    So you against more than 75 % people of SL's mindset?

    "WEST trying to conquer SL"
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,103
    113
    34
    Kalutara
    පිස්සුද බන් ලංකාවේ ගුරුවරයෙක්ගේ විශ්‍රාම වැටුප කොහෙද 30,000 වෙන්නේ. විහිලු කරන්න එපා.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    othana thiyenne communism ma neme


    america we padeta natanne nathi eka


    basically american company walata venezuela wala mining karanna denne nathi eke ariyas eka ganne



    paw e rate minissu
    2.gif