අපේ පන්සලේ කඨිනේ
අපේ පන්සලේ කඨිනේ
අද අපේ පන්සලේ කඨිනේ
ඉතින් මම ගියා පන්සල පැත්තේ
කාලෙකින් කට්ටියම හම්බවුණේත් නැති හින්දා
ඉස්සර වගේ අපි පන්සල් වන්දනාවේ යන්නෙත් නැති හින්දා
ඉස්සර වගේ පන්සලේම ඉන්න වෙලාවක් නැති හින්දා
හැබැයි කට්ටියම අද බැහැල වැඩ
මම විතරමද කොහෙද අඩු
ඒ හින්දා පුළු පුළුවන් විදිහකට
මමත් බැස්සා වැඩට
කොහොම වුණත් මේ පාර
ගිය පාරට වඩා කළ එළියයි
පෙරහැරත් ජයයි මේ පාර
අලි ඇත්තුත් ඉන්න නිසා වෙන්න ඇති
කසකාරයෝ,ගිනිබෝලකාරයෝ,නැට්ටුවෝ
බොරැ කකුල්කාරයෝ ඉන්න නිසා වෙන්න ඇති
ඒත්,
වැඩ කරන අතරේ
දැනුනා මට අමුත්තක්
දැන්
පන්සල වගේම මං දිහා බලන විදිහත්
හරිම අමුත්තක්
“හලෝ මචං කොහොමද*
වෙනදට ඔරවගෙන ඉන්න මූණු මගෙන් අහනවා
අඳුරන්නේ නැති වුණත්
තව සමහර මූණු හිනාවෙනවා
දත් තිස්දෙකම පෙන්නලා
හරියට කියලා කරවාගත්තා වගේ
තව සමහර මූණු හිනාවෙනවා
යාළුවෙන්න ඕනැ කියලා මට අඟවලා වගේ
ඒ අතරේ
මම කලින් ආදරේ කරපු කෙල්ලත්
මං එක්ක ජීවිතේට කතා කරන්නේ නැහැ කියපු කෙල්ලත්
දොතොලගින් හිනා වෙනවා මං දැක්කා
හරියට කතා කරන්න ඕනැවෙලා වගේ
ඒත් ඒ පුංචි ඇස් දෙක මං අමතක කළේ ඒ දවස්වලමයි
හැබැයි ඔය අතරේ
තව සමහරැ මා එක්ක හිනාවුණේ
කපන්න බැරි අත ඉඹින්න ඕනෑ හින්දාමයි
ඒත් ගිය අවුරැද්දේ
සුදු ඇඳුමකින් සැරසිලා පන්සල් ගිය මම
මේ පාරත් ගියේ සුදු ඇඳුමකින් සැරසිලාමයි
ගිය අවුරැද්දේ තෙල් මල් හඳුන්කුරැ අරන් ගිය මම
මේ පාරත් ගියේ එහෙමමයි
මාලන් විදානපතිරණ
අපේ පන්සලේ කඨිනේ
අද අපේ පන්සලේ කඨිනේ
ඉතින් මම ගියා පන්සල පැත්තේ
කාලෙකින් කට්ටියම හම්බවුණේත් නැති හින්දා
ඉස්සර වගේ අපි පන්සල් වන්දනාවේ යන්නෙත් නැති හින්දා
ඉස්සර වගේ පන්සලේම ඉන්න වෙලාවක් නැති හින්දා
හැබැයි කට්ටියම අද බැහැල වැඩ
මම විතරමද කොහෙද අඩු
ඒ හින්දා පුළු පුළුවන් විදිහකට
මමත් බැස්සා වැඩට
කොහොම වුණත් මේ පාර
ගිය පාරට වඩා කළ එළියයි
පෙරහැරත් ජයයි මේ පාර
අලි ඇත්තුත් ඉන්න නිසා වෙන්න ඇති
කසකාරයෝ,ගිනිබෝලකාරයෝ,නැට්ටුවෝ
බොරැ කකුල්කාරයෝ ඉන්න නිසා වෙන්න ඇති
ඒත්,
වැඩ කරන අතරේ
දැනුනා මට අමුත්තක්
දැන්
පන්සල වගේම මං දිහා බලන විදිහත්
හරිම අමුත්තක්
“හලෝ මචං කොහොමද*
වෙනදට ඔරවගෙන ඉන්න මූණු මගෙන් අහනවා
අඳුරන්නේ නැති වුණත්
තව සමහර මූණු හිනාවෙනවා
දත් තිස්දෙකම පෙන්නලා
හරියට කියලා කරවාගත්තා වගේ
තව සමහර මූණු හිනාවෙනවා
යාළුවෙන්න ඕනැ කියලා මට අඟවලා වගේ
ඒ අතරේ
මම කලින් ආදරේ කරපු කෙල්ලත්
මං එක්ක ජීවිතේට කතා කරන්නේ නැහැ කියපු කෙල්ලත්
දොතොලගින් හිනා වෙනවා මං දැක්කා
හරියට කතා කරන්න ඕනැවෙලා වගේ
ඒත් ඒ පුංචි ඇස් දෙක මං අමතක කළේ ඒ දවස්වලමයි
හැබැයි ඔය අතරේ
තව සමහරැ මා එක්ක හිනාවුණේ
කපන්න බැරි අත ඉඹින්න ඕනෑ හින්දාමයි
ඒත් ගිය අවුරැද්දේ
සුදු ඇඳුමකින් සැරසිලා පන්සල් ගිය මම
මේ පාරත් ගියේ සුදු ඇඳුමකින් සැරසිලාමයි
ගිය අවුරැද්දේ තෙල් මල් හඳුන්කුරැ අරන් ගිය මම
මේ පාරත් ගියේ එහෙමමයි
මාලන් විදානපතිරණ
Last edited: