අපේ මහා වංසෙ තාම ලියනවලු නේද අලුත් ඒවත් දදා....?...
ඒකෙ මැයි නමය සිද්ධිය ලියන්නෙ කොහොමද?
1.1 - සත්වැනි මිහිඳු බලවේගාභිමුඛ වීම
සත්වැනි මහින්ද රජ තමාට සහ තම කණිටු බෑයාට රැහැණිව ගාලු වක්ත්රයෙහි ( ගෝල්ෆේස් ) කඳවිටි ලෑ දානවකයෝ හා රණාවර්තී වන්නට සමන් ලාල, ජොන්ට, නිශාන්ත යනාදී සෙනෙවිරත් හු යටතේ හේවාපන්න සපයා ගනියි...රජපුත් නාමල එහිමැ පෙරටු කොට බහලායි.....සෙමෙර පාණයට, කහවණු පන්දහසට සහ බත් පතට ආ රදපස දස්ගැති හේවායන්ගේ රෝම කූපෝද්දීපනය වන කථා අරලිය මැදුරත ඇසේ
1.2 "පක්ෂියා නික්මෙව " ( මයිනාගෝගම ) ග්‍රාමය ගැනීම
වීදි බට මිහිඳු රජසෙන් "මයිනගෝගම්" නුවර කඳවිටි ලා සිටියෝ පළවා එම ග්‍රාමය ගැනීම
1.3 ගෝඨගෝ නුවර වටලෑම
ජයෙන් මන්මත්වූ මිහිඳු රජ සේනාවෝ ගෝඨගෝ නුවර අවරෝධනය කොටැ, එහි බළමුළුවටැ කෙළවා, මාසයක් තුබූ කඳවිටි කඩා, පුස්තක හලට ගිනිලෑම....සෙනෙවිරත් කහඳගම දියණියෝ " එක් ගමක් ගතුම්, අනෙක හැකිළුයේ නොවේද?" යි වහසිබස් වත්පොතේ ලෑම...දුටුදුටුවන් " අනේ අහෝ !" කියවමින් මිහිඳු සේනා ගෝඨා ගෝ නුවර වීදි ලෙයින් පෙඟීම..."සියල්ල අවසන් !" යැයි එනුවර විසූවෝ හැඬූ කඳුළින් වත්පොතේ ලෑම
1.4 චන්ද්‍ර පෝරියලය
එකළ ගෝඨාගෝ නුවර වැටී, එහි වූවෝ මඬනා ලද නියා දැක කොළොම්තොටමුණ සතර දෙස රැකියා කරුවෝ, කර්මාන්ත කරුවෝ, ඉත්ථී පුරුස භේද හැරපියා, උතුරු කුරු දෙසින් හමන වේරම්භ වාතයෙන් කැළඹුණු උදම් රළ පෙළක් සේ සතර අතින් පොළව සොලව සොලවා ගෝඨාගෝ නුවර දෙසට දිව ඒම... .
හදිසියේම දහස් ගණනින් මතුවැ ගිය මහ සේනා දැක අංඥාකොරෝසයට පැමිණි මිහිඳු රජ හේවායෝ පුරාතන චාරිත්‍ර පරිදි " සඳ පෝරියලය " අත් දැකීම...
චන්ද්‍ර පෝරියල සිරිත හමුවේ මිහිඳු රජ සේනා බඩැ බන් කඩටත් අස්වාමික නිගණ්ඨ රළක් සේ හිස්ලූලූ අත විසුරුවා පීම
1.5 රිය දියේ ලෑම
මිහිඳු රජ සෙන් ආ රිය සක් පිටින් බේර වාපී කර්මාන්තයෙහි ලෑම
1.6 බයියන් පෙඟීම
මිහිඳු සේනාවෝ ගලග්රහයෙන් ගෙන බේරේ වාපියේ එබීම....පෙඟෙන තුරු තැබීම
1.7 පසුබසින මාවත් රැකීම
මිහිඳු සේනා පලා යන මාවත් ජනකරුවෝ ගැනීම. රිය වටා උහු දණින් හිඳුවීම. බැකෝ සාත්තුව සහ චන්ද්‍ර ගුට්ඨ කථා වත්ථුව
සෙනෙවිරත් කහඳගම සිය යටිවත පිටින් "මා ගිලන් හලෙහි ලව අහෝ ! මා ගිලන් හලෙහි ලව අහෝ !" කිය කියා වීදි සැරීම
දණින් හෝ උක්කුටයෙන් හිඳුවාලූ මිහිඳු රජ පිරිස් බණවා පුරවැසි තරුණයෝ "තෙපි කොහි සිට ආවහුද ? ..මේ කෙළතො ළු මිහිඳු රජහට නොපනත් සේවාකම් කරන්නට තෙපි ගෙනාවෝ කවරහුද? වහා කියවැ " යි උන් පිළිවිසීම....
1.8 මහල්ලා රැකීම
රැය පහන් වනතුරු දඟලා රණෝරුවෝ පාපීවූ වයෝවෘද්ධ මිහිඳු රජ මුදාගැනීම
1.9 ගෝකණ්නයට පලා යෑම
සත්වන මිහිඳු රජ තෙමේ සිය පුණ්‍ය බත් කුමරුවන් සහ උන්ගේ පුණ්යබත් බිසවුන් කැටිවැ ගෝකණ්න වෙරළේ මුහුදු හේවායන්ගේ තොටමුණකට පලායෑම
2.0 රෑ මුළුල්ලේ ගිනිලෑම සහ මාතා පීතූ සුසාන ඉකුත්වීම
- පසුපසට ගිනි හෙවත් "බැක්ෆයර් " පරිච්ඡේදය නිමියේයැ -
~Damith Kethaka