අපේ රටේ මිනිස්සු මෙහෙමයී ..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    25,127
    52,927
    113
    Kuwait-Galle
    මම මිට දවස් දෙක තුනකට ඉස්සෙලත් දැම්ම මුගේ video එකක් ගැන ත්‍රෙඩ් එකක්. මේ පහල link එක ඒ ත්‍රෙඩ් එකේ.
    link ලංකාවේ මිනිස්සු..
    මුගේ video දැක්කම මට මාර දුකක් හිතෙන්නේ අපේ මිනිස්සු ගැන මචන් පිට රටක ඉඳන් බලනකොට. බලපන් ලංකාවේ කොච්චර අවංක මිනිස්සු ඉන්නවද කියල කියන්න පුළුවන් මුගේ channel එකේ තියන videos බැලුවම. සමහර විට ඉස්සරහට මරාගෙන කන කැරියෙක් (scam පොරක්)සෙට් වෙන්නත් පුළුවන් මුට. ඒත ඒක percentage එකක් විදියට ගොඩක් අඩු ප්‍රමාණයක්. . සමහර අය බනිනවා දකුණේ, උතුරේ, නුවර උන් කැරියෝ කියල. එහෙම හිතන්න එපා මචං, දැන් රට විනාසයෙන් විනසයට්ම පත් කරන්නේ දකුණේ පවුලක් උනාට හැම පළාතේම ඒ වගේ කැරියෝ ඉන්නව මචන්. මමත් දකුණේ, ගාල්ලේ නගරෙම පොරක් තමයි. ඒ උනාට මමත් උඹලා වගේ රටට වෙන්නේ මොකක්ද කියල තේරෙන මනුස්සයෙක්. මමත් උඹල වගේම කැමති අපි හැමෝටම ලංකව කලා බිලා සතුටින් ඉන්න පුළුවන් රටක් වෙනවට .
    බලපන් මේ video එක. මේ මුස්ලිම් ගැනු කෙනා බැදලා ඉන්නේ සිංහල පොරක්. ජාති බේද නැ. මේ දකුණේ, ලංකවේ හැම තැනම එහෙමයි .සමහරු දෙනෙක් ඉන්න පුළුවන් ජාති බේද තියන. හැමෝම නැ. මම ලංකාවේ මුස්ලිම් කැලී දෙකක් කරලා තියනවා, එකක් 2005දී ලංකාවේදී, අනිත් එක kuwait එකේ දී සෙට් උනේ. ඒ දෙන්නම මාත් එක්ක එන්න කැමති වෙලා හිටියේ. ඒ දෙකම miss කරගත්තේ මගේ කැරි කම් නිසා. ඒ කෙල්ලෝ දෙන්නම අපේ සිංහල කෙල්ලෝ වගේමයි මචන්. කිසි වෙනසක් නැ. මට කියන්නේ තියෙන්නේ ජාති බේද වලින් වැඩක් නැ කියල ලංකාවේ. මේ අපේ මිනිස්සු ගොඩක් බේද කරේ මේ politicians කියල උඹලා ගොඩක් අයට තේරෙනවා කියල මම හිතනවා..
    මට තියන ප්‍රස්නේ තමයි ලංකාව ගොඩගන්න, හරි පාලනයකට ගෙන එන්න පුළුවන් කෙනෙක් හෝ පක්ෂයක් ඉන්නවද??

    මමනම් හිතන්නේ නැ මචං කිසිම කෙනෙක් ඉන්නවා කියල හොදට බැලුවොත්.., JVP එකටවත් පුළුවන් වේවි කියල මම නම් හිතන්නේ නැ.. උඹලා උඹලා මොකද්ද හිතන්නේ?? කැමති දෙයක් ලියන් පලයන් මචං

    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,561
    11,437
    113
    මහනුවර
    ඔය ජාති ආගම් වාද වලින් දවස අවසානෙ කාගෙවත් බඩ පිරෙන්නෙ නෑ ප්‍රශ්න ගොඩක් විතරයි කියල මොලේ කලඳක් තියෙන කෙනෙකුට දැන් නම් මේ වෙන සිද්දි එක්ක තේරුම් ගිහින් තියෙන්න ඕනි.

    ඒත් අපේ ජාතියට ඕවා මතක සති දෙකයි උපරිම. ආයෙ මේ ප්‍රශ්න ටිකක් අඩුවුන ගමන් පරණ මිනිහම තමා.

    මටනම් රට දියුණු කරේ නැතත් අඩු තරමෙ 2018 දි රට තිබ්බ තත්වෙටවත් ගේනවනම් ලොකු දෙයක්.

    නමුත්,
    රටේම මිනිස්සුන්ගෙ හොරකම,වංචාව, කුහකකම, ඊරිසියාව, කම්මැලිකම, රටට කිසිම ආදරයක් නැතිබව ඉහවහා ගිහින් කියලයි මටනම් පේන්නෙ. එහෙම රටකට දියුණුවක් උරුමද?

    උඹ කියපු දේම මටත් කියන්න සිද්ධ වෙනවා.

    මමනම් හිතන්නේ නැ මචං කිසිම කෙනෙක් ඉන්නවා කියල හොදට බැලුවොත්.., JVP එකටවත් පුළුවන් වේවි කියල මම නම් හිතන්නේ නැ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,843
    20,032
    113
    උබ කියන එක හරි. මිනිස්සු බෙදලා තියෙන්නෙ පුලුවන් තරම් . ඒ වෙනස්කම් යොදාගෙන උන්හෙ චන්ද කැම්පේන්ග් කරන්න.

    JVP එක අනෙක් කදවුරු දෙකටම වඩා හොදයි. නමුත් සජිත්ගෙ පක්ශෙට අච්චර අමාරූ වෙලාවෙත් 5.2m ලැබුණා. අනිවා ඌ පටන් ගන්නෙ එතනින් . ඊලග අවුරුදු 8ටම ඉවරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,459
    35,350
    113
    හොයලා බලපන් මුස්ලිම් කෙල්ලෙක් වෙන ආගමක කොල්ලෙක් එක්ක යාළු වෙච්ච ආදර කතා කීයෙන් කීයද සාර්ථක වෙලා තියෙන්නෙ කියලා. මුස්ලිම් කෙල්ලෙක් වෙන ආගමක කොල්ලෙක් එක්ක යාළු උනොත් මුලින්ම ඒ සම්බන්ධය නවත්තන්න කෙල්ලගෙ පැත්තෙන් කසීන්ලා ටික ගේමට බහිනවා. කෙල්ලට පල්ලියෙන් කස පහර, කොල්ලට පිහි පහර. ඔය දෙකෙන්ම බේරිලා පැනලා ගියොත්, දෙන්නවම මරන්න හොයනවා. බැන්දොත්, කොල්ලට ඒ ආගමට එන්න කියලා තර්ජනය කරනවා. අඩුම ගානේ දරුවොන්ව ඉස්ලාමයට දෙන්න ඕනේ. මුස්ලිම් කෙල්ලො එක්ක වෙන ආගමක කොල්ලෙක් යාළු වෙලා බැඳලා ජීවත් වෙන්නෙ මේ රටින් පිට. බොහෝවිට වෙනත් නම් වලින්. ඒ තරම් ආරක්ෂිතයි.
     
    හැම තැනම ඔහොම නෑ. අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා පවුලක් කෙල්ල මුස්ලිම්. බිස්නස් කරන සල්ලිකාර පවුලක් කෙල්ලෙක්. හැබැයි ඔය කියන කස පාර/ කසින්ලගෙ තග ඔය මුකිත් නම් වෙලා නෑ දන්න තරමින්. හැබැයි කෙල්ලව පවුලෙන් අයින් කරලා.සහ ආගමෙන් අයින් කරලා. ඔන්න දැන් කෙල්ල සිංහල වගේ අඳින්නෙ පලදින්නෙ. පන්සලුත් යනවා. ලමයා බුද්ධාගමේ. මිනිහා ටිකක් බෙබා ටයිප් ඒත් ගෑණිගෙ පුදුම ආදරයක්.
    මොනා උනත් ලස්සන කෑල්ල බන්.:P
     
    ඔය සීන් එක එක එක ලෙවල් වලින් තියෙනවා. මම කිව්වෙ බහුතරේට වෙන දේ. ඉහල පංතියට ලොකුවට නැතුව ඇති. ඕවා වැඩිපුරම වෙන්නෙ මධ්‍යම පංතියෙන් පහල අයට. එහෙම අයයි ගොඩක් ඉන්නෙ. කිරියෙත් මම දන්න අය ඉන්නවා, තමන්ගෙ රටේ තමන්ගෙ නමින් ජීවත් වෙන්න බෑ මරණ තර්ජන. උන් වෙන රටවල් වල ජීවත් වෙන්නෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    25,127
    52,927
    113
    Kuwait-Galle
    හොයලා බලපන් මුස්ලිම් කෙල්ලෙක් වෙන ආගමක කොල්ලෙක් එක්ක යාළු වෙච්ච ආදර කතා කීයෙන් කීයද සාර්ථක වෙලා තියෙන්නෙ කියලා. මුස්ලිම් කෙල්ලෙක් වෙන ආගමක කොල්ලෙක් එක්ක යාළු උනොත් මුලින්ම ඒ සම්බන්ධය නවත්තන්න කෙල්ලගෙ පැත්තෙන් කසීන්ලා ටික ගේමට බහිනවා. කෙල්ලට පල්ලියෙන් කස පහර, කොල්ලට පිහි පහර. ඔය දෙකෙන්ම බේරිලා පැනලා ගියොත්, දෙන්නවම මරන්න හොයනවා. බැන්දොත්, කොල්ලට ඒ ආගමට එන්න කියලා තර්ජනය කරනවා. අඩුම ගානේ දරුවොන්ව ඉස්ලාමයට දෙන්න ඕනේ. මුස්ලිම් කෙල්ලො එක්ක වෙන ආගමක කොල්ලෙක් යාළු වෙලා බැඳලා ජීවත් වෙන්නෙ මේ රටින් පිට. බොහෝවිට වෙනත් නම් වලින්. ඒ තරම් ආරක්ෂිතයි.
    ආතල් දෙන්න එපා බන්, හොයන්න දෙයක් නැ.. මුස්ලිම් කෙල්ලෙක් වෙන ආගමක කොල්ලෝ එක්ක යාළු වෙච්ච ආදර කතා සාර්ථක වෙලා තියෙන ඒවා සැහෙන්න තියනවා උඹ දන්නේ නැති උනාට.මේ video එකත් එහෙම එකක්..කොහෙද කියහන් ලංකාවේ කස පාරවල් දෙන තැන්..?? මම යාලු උන කෙල්ලෝ දෙන්නම ගාල්ලේ උන්, මමත් හොද කැරියෙක් ඒ කාලේ. ඒ කෙල්ලොගේ පවුල් වල කිසිම එකෙක් සද්දයක් දාන්න අවේ නම් නැ මට නම්. එහෙම ඒ කාලේ සද්ද දාන්න අවොත් ඉස්සර නම් අත අරින්නේ නැ.මමත් හොද කැරියෙක් ඒ දවස් වල, උඹ දන්නේ නැති උනාට මේ වගේ දේවල් ගොඩක් වෙලා තියනවා. එත් ඒවා මේ සමාජ මාධ්‍ය වල යන්නේ නැ.. මාධ්‍ය වල හා සමාජ මාධ්‍යවල වැඩිපුර යන්නේ ජාති බේද විතරයි.
    මෙතැන මම කිවුව පණිවිඩය උඹට තේරුනේ නැ,,
     
    ඔව් මාත් ඒක තමයි කියන්නෙ. සෑහෙන්න තියෙන්නෙ පිටරට. ලංකාවේ තියෙන්නෙ බොහොම පොඩි ගානක්.
     
    • Like
    Reactions: Walter White

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    25,127
    52,927
    113
    Kuwait-Galle
    හැම තැනම ඔහොම නෑ. අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා පවුලක් කෙල්ල මුස්ලිම්. බිස්නස් කරන සල්ලිකාර පවුලක් කෙල්ලෙක්. හැබැයි ඔය කියන කස පාර/ කසින්ලගෙ තග ඔය මුකිත් නම් වෙලා නෑ දන්න තරමින්. හැබැයි කෙල්ලව පවුලෙන් අයින් කරලා.සහ ආගමෙන් අයින් කරලා. ඔන්න දැන් කෙල්ල සිංහල වගේ අඳින්නෙ පලදින්නෙ. පන්සලුත් යනවා. ලමයා බුද්ධාගමේ. මිනිහා ටිකක් බෙබා ටයිප් ඒත් ගෑණිගෙ පුදුම ආදරයක්.
    මොනා උනත් ලස්සන කෑල්ල බන්.:P
    මුගේ බයිලා බන්. කොහෙද කියපන් උබ අහල තියනවද ලංකාවේ කස පාරවල් ගහන හෝ ගහපු තැනක් ගැන මිනිහෙක්ට,..??

    ඔව් මාත් ඒක තමයි කියන්නෙ. සෑහෙන්න තියෙන්නෙ පිටරට. ලංකාවේ තියෙන්නෙ බොහොම පොඩි ගානක්.
    උඹ කිව්වා දේ නිකන්ම බොරු උනා නේ බං.. ඉස්සෙල්ල උඹ කිව්වනේ "මුස්ලිම් කෙල්ලො එක්ක වෙන ආගමක කොල්ලෙක් යාළු වෙලා බැඳලා ජීවත් වෙන්නෙ මේ රටින් පිට" කියල.
    දැන් කියනවා සෑහෙන්න තියෙන්නෙ පිටරට. ලංකාවේ තියෙන්නෙ බොහොම පොඩි ගානක් කියල. මොනවද බන් කියන්නේ. මම පොස්ට් එකේ කිව්වේ ලංකාවේ මිනිස්සු ගැන.. දැන් උඹ පිටරට අය ගැන කතාව. ඉස්සෙල්ල ලංකාවේ උන් ගැන. උඹ බිලද ඉන්නේ?
    ------ Post added on Mar 23, 2022 at 7:20 AM
     
    Last edited:
    • Like
    Reactions: Walter White

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,459
    35,350
    113
    මුගේ බයිලා බන්. කොහෙද කියපන් ලං උඹත් අහල තියනවද ලංකාවේ කස පාරවල් ගහන..??

    උඹ කිව්වා දේ නිකන්ම බොරු උනා නේ බං.. ඉස්සෙල්ල උඹ කිව්වනේ "මුස්ලිම් කෙල්ලො එක්ක වෙන ආගමක කොල්ලෙක් යාළු වෙලා බැඳලා ජීවත් වෙන්නෙ මේ රටින් පිට" කියල.
    දැන් කියනවා සෑහෙන්න තියෙන්නෙ පිටරට. ලංකාවේ තියෙන්නෙ බොහොම පොඩි ගානක් කියල. මොනවද බන් කියන්නේ. උඹ බිලද ඉන්නේ?
    ------ Post added on Mar 23, 2022 at 7:20 AM
    ඉස්සර නම් කතෝලිකයොත් වෙන ආගම් වලින් බඳිනකොට කේස් දානවා. පුජාව දෙන්නෙ නැති සීන් තිබ්බා. මොනා නොදුන්නත්, කතෝලික බෞද්ධ, කතෝලික හින්දු, කතෝලික ඉස්ලාම් විවාහ රටේ හැමතැනකින්ම සිද්ධ උනා මොකද කතෝලිකයො මරන්න එන්නෙ නෑ. වැඩිම උනොත් අම්මලා තාත්තලා පවුලෙන් ඈත් කරනවා. පළවෙනි දරුවා ලැබිච්ච ගමන්, ඒ ප්‍රශ්නෙත් ගොඩක් දුරට විසඳෙනවා. දැන් නම් ඕවා ලොකුවට නෑ. මැල්කම් රංජිත් කාදිනල් උනාට පස්සෙ ලංකාවෙ කතෝලිකයොන්ගෙ ගොඩක් වෙනස්කම් උනා. උන් දියුනු ලෝකෙත් එක්ක ඉස්සරහට ගියා.

    ඒත් මුස්ලිම් කතාව උබ හිතනවාට වඩා ගොඩක් වෙනස් බන්. උබ නොදන්නවයි කියන්නෙ, එහෙම දේවල් නෑයි කියන එක නෙවේ. මේ රටේ ඉන්න බැරුව රට පැනපු කපල් මම පෞද්ගලිකවත් දන්නවා. එහෙම අය කිරියෙත් ඉන්නවා මම දන්න.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ලංකාවෙ මිනිස්සු මහ අමුතුයි බන්.
    මට නම් මිනිස්සු ගැනි කිසිම පැහැදීමක් නෑ. ලංකාවෙ ගොඩක් උන් පුරුදු වෙලා ඉන්නවා කාට හරි බුලි කරන්න බොඩි ශේමින් කරන්න. දියුණු වෙන අයගෙ කකුලෙන් අදින්න. ඔය වගේ දේවල් කරල මාර සතුටක් ලබනවා උන්. කෙල්ලෙක් නම් මොනව හරි දේකින් ඉස්සරහට එන කොට මාර විදියට ඒකිට පද හදනවා. කාව හරි පහත් කරල මාර විදියට ස්වයං වින්දනයෙ යෙදන්න හරි ආසයි අපේ උන්. ඒ වගේ ම වහල්කමත් ජානගතව එන දෙයක් ද මන්දා. වහල් චින්තනයට හරි ආසයි. හරි ආසයි ඩිපෙන්ඩ් වෙන්න. හරි ආසයි වැරැද්දක දී අරයාට මෙයාට ඇගිල්ල දික් කරන්න. ආගම ජාතිය වගේ ඒව අල්ලන් ගහ මරා ගන්න හරි දක්ෂයි. වෙනස් කෙනෙක්ගෙ වෙනස ලෙඩක් වගේ දකින ජාතියක්.
    ඉමෝෂනලි බැලුවොත් ගොඩක් ම අන්හෙල්දි. මුළු දකුණු ආසියාව ම එක වගේ. ඒකෙනුත් ලංකාවෙ දකුණු පලාත තමයි ඉමෝෂනලි අන්හෙල්දි උන් වැඩි ම. මම ඉපදුනේ හැදුනෙ දකුණෙ. මාත් ඉපදුනේ මහ මෝදර. උඹ කලේගානෙ වෙන්න ඇති නෙ.
    දකුණෙ ඉපදිච්ච මගේ LGBT යාළුවෙක් කිව්ව ඌව වැඩිපුර ම කොන් වෙලා හිරිහැර වෙලා තියෙන්නෙ දකුණෙ දී කියල. අනිත් පලාත් වල lgbt උන් එක්ක බලද්දී ඌට ගොඩක් ප්‍රශ්න වෙලා තියෙනවා. ඌ තාමත් දකුණෙ කිව්වොත් කතා කරන්න වත් කැමති නෑ.
    මගේ තව යාළුවෙක් ඉන්නවා කෙල්ලෙක් ඒකි නම් ගම්පහ. ඒකිට දකුණෙ උන් එපා උනේ කැම්පස් එකේ දී දකුණෙ උන් හැසිරුණ විදිය නිසා කියල
    දකුණට මිනිස්සු ආස නැති එකේ වැරැද්දක් ඇත්තට මම දකින්නෙත් නෑ. කවුරු උණත් උන්ට වැඩිපුර දකුණෙ උන්ගෙන් ලැබෙන එක්ස්පීරියන්ස් එක මත එහෙම හිතන එක සාධාරණයි. සිරාවට ම මටත් තේරිල තියෙනව ටිපිකල් කමින් දකුණෙ උන් එක්ක කරට කර ඉන්නව නම් ඒ උතුරු නැගෙනහිර විතරයි බන්.

    දේශපාලනයට විතරක් කවදාවත් මේක ගොඩ ගන්න බෑ බන්. ළමයි මුල ඉදල හැදෙන්නෙ වහුතු විදියට. ඒවා නොහද සිස්ටම් චේන්ජ් බලාපොරොත්තු වෙන්න එපා.
    Emotionally unhealthy ජාතියකින් කවදාවත් වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ බන්. යන එකාගෙ කකුලෙන් නො ඇද යන්න දීපන්. එච්චරයි උඹලට කරන්න තියෙන්නෙ.
    ------ Post added on Mar 23, 2022 at 9:36 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,110
    3
    116,804
    113
    Gampaha
    ජාතිවාදය කියන්නෙ, අපේ රටේ ඡන්ද පදනම තියාගන්න ඉස්සර ඉඳන්ම ඇති කරපු දෙයක්. දැන් ඒක මිනිස්සුන්ට කාවැදිල තියෙන්නෙ.... කඩන්න හරි අමාරුයි...

    කුල කේස් එක වගේම තමයි ඕකත්.... සමහරවිට,
    ඉදිරි පරම්පරාවල් වලට යනකොට ටික ටික අඩුවෙලා යයි.....
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    33,615
    99,076
    113
    දෙහිවල
    ජාතිය, ආගම, සංකෘතිය බිම තියන්න ඕන මුලින්.
    ඉතාමත් සංවේදී කාරනා බවට මේවා පත්වෙලා
    ඒවා අවශ්‍ය තැන සහ, අනවශ්‍ය තැන හදුනාගන්න.
    නමුත් දේශපාලුවෝ විසින් එවන් සංව්දී කාරණා, හුදු වාසියට පාවිච්චි කරා.

    මනුස්සකම වෙනුවෙන් පෙරට එමු !
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,047
    113
    කොළඹ
    නුවර උන්නම් අමුම කුහකයෝ. ඒක ගැන ආය කතා දෙකක් නෑ. හෙනම චාටර් උන් වැඩිපුරම ඉන්නෙ නුවර
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,030
    22,351
    113
    මම හිතන්නේත් නෑ jvp ට තියා මොකෙක්ට වත් මේක දැන් ගොඩ ගන්න පුළුවන් කියලා මුන් ඒ තරමටම. මේක කාලා. හැබැයි එහෙම කිව්ව ගමන් අනිත් පක්ෂ දෙකෙන් එකකට මාව දානවා. ඒ නිසා පාඩුවේ ඉන්නවා.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,561
    11,437
    113
    මහනුවර
    මම හිතන්නේත් නෑ jvp ට තියා මොකෙක්ට වත් මේක දැන් ගොඩ ගන්න පුළුවන් කියලා මුන් ඒ තරමටම. මේක කාලා. හැබැයි එහෙම කිව්ව ගමන් අනිත් පක්ෂ දෙකෙන් එකකට මාව දානවා. ඒ නිසා පාඩුවේ ඉන්නවා.
    අනිවාර්යයෙන්. දැන් වචනයක් එහෙමෙහෙ වෙන්න බෑ. හංවඩු ගහනවා ටොයිය බයියා ජෙප්පා කියලා. ඒතරම් පක්ශ දේශපාලනයට වහල් වෙලා. ඒකෙන් පිට කිසිම දෙයක් කල්පනා වෙන්නෙ නෑ. ඔය අපි නිදහස් කියන උන්ටවත්.
     
    • Like
    Reactions: Ryan08 and sriyasas

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    9,005
    113
    අපේ හෙනම අප්සට් සිස්ටෙමික් රෝග ලක්ෂණ තියෙනව. මන් හිතන්නෙ නෑ අපි හොඳ මිනිස්සු කියල. අපේ කොයිතරම් අප්සට් අඳුරු චෛතසික තියෙනවද කියන එක පෝස්ට්-කොලෝනියල් ඉතිහාසයේම යම් යම් තැන්වල පේන්න තියෙනව. ඊට අමතරව එදිනෙදා සමාජ ජීවිතයෙ ඕන තරම් උදාහරණ.

    අර වරද සමඟ අවංකව පසුතැවීම කියන ක්‍රිස්තියානි අදහසේ පොඩි ෆන්ක්ෂනල් අදාලත්වයක් තියෙනව මෙතනදි. නීෂ ද කොහෙද නේ කිව්වෙ තමන් කොයිතරම් අධමයෙක්ද කියන එක තේරුම් ගන්න තාක්කල්, තමන් අභ්‍යන්තරයෙ විශාල නපුරකට විභවයක් තිබෙන බව වටහා ගන්නකම් තමන්ට සාන්තුවරයෙක් වෙන්න බැරිය කියල. චරිතය අතින් අඩියටම වැටුන යම් යම් ප්‍රජාවන් වල ඉදිරි පරම්පරාවල් generational trauma එකෙන් මිදිල ශක්තිමත්ව ඉන්න අවස්ථා අපි සමහර රටවල් වල දකිනව. ඒත් ඒක වෙන්න නම් තක්කඩිකම පැත්තක දාල අපේ අනාරක්ෂිත හැඟීම්, හීනමාන, වාර්ගික හෝ ලිංගික ඊර්ෂ්‍යාවන් අභිමුඛ කරන්න අවශ්‍යයි.

    යම් හෝ බලාපොරොත්තුවක් තිබ්බ ඒක ක්‍රමිකව වෙයි කියල. ඒත් මේ ප්‍රශ්ණ නිසා ඔය පණ්ඩිතමානී දේවල් ගැන විමසන්න මිනිස්සුන්ට තියෙන ඉස්පාසුව නැති වෙලා යනව. ආයෙ දශකයක් යනකම් මොනයම් හෝ මට්ටමක ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙන්න තිබ්බ ඉඩකඩ ඇහිරෙන එකයි කණගාටුව. මිනිස්සුන්ගෙ ත්‍රාඩ කම තව වැඩිවෙන්න නියමිතයි.
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,914
    9,134
    113
    ලංකාවෙ මිනිස්සු මහ අමුතුයි බන්.
    මට නම් මිනිස්සු ගැනි කිසිම පැහැදීමක් නෑ. ලංකාවෙ ගොඩක් උන් පුරුදු වෙලා ඉන්නවා කාට හරි බුලි කරන්න බොඩි ශේමින් කරන්න. දියුණු වෙන අයගෙ කකුලෙන් අදින්න. ඔය වගේ දේවල් කරල මාර සතුටක් ලබනවා උන්. කෙල්ලෙක් නම් මොනව හරි දේකින් ඉස්සරහට එන කොට මාර විදියට ඒකිට පද හදනවා. කාව හරි පහත් කරල මාර විදියට ස්වයං වින්දනයෙ යෙදන්න හරි ආසයි අපේ උන්. ඒ වගේ ම වහල්කමත් ජානගතව එන දෙයක් ද මන්දා. වහල් චින්තනයට හරි ආසයි. හරි ආසයි ඩිපෙන්ඩ් වෙන්න. හරි ආසයි වැරැද්දක දී අරයාට මෙයාට ඇගිල්ල දික් කරන්න. ආගම ජාතිය වගේ ඒව අල්ලන් ගහ මරා ගන්න හරි දක්ෂයි. වෙනස් කෙනෙක්ගෙ වෙනස ලෙඩක් වගේ දකින ජාතියක්.
    ඉමෝෂනලි බැලුවොත් ගොඩක් ම අන්හෙල්දි. මුළු දකුණු ආසියාව ම එක වගේ. ඒකෙනුත් ලංකාවෙ දකුණු පලාත තමයි ඉමෝෂනලි අන්හෙල්දි උන් වැඩි ම. මම ඉපදුනේ හැදුනෙ දකුණෙ. මාත් ඉපදුනේ මහ මෝදර. උඹ කලේගානෙ වෙන්න ඇති නෙ.
    දකුණෙ ඉපදිච්ච මගේ LGBT යාළුවෙක් කිව්ව ඌව වැඩිපුර ම කොන් වෙලා හිරිහැර වෙලා තියෙන්නෙ දකුණෙ දී කියල. අනිත් පලාත් වල lgbt උන් එක්ක බලද්දී ඌට ගොඩක් ප්‍රශ්න වෙලා තියෙනවා. ඌ තාමත් දකුණෙ කිව්වොත් කතා කරන්න වත් කැමති නෑ.
    මගේ තව යාළුවෙක් ඉන්නවා කෙල්ලෙක් ඒකි නම් ගම්පහ. ඒකිට දකුණෙ උන් එපා උනේ කැම්පස් එකේ දී දකුණෙ උන් හැසිරුණ විදිය නිසා කියල
    දකුණට මිනිස්සු ආස නැති එකේ වැරැද්දක් ඇත්තට මම දකින්නෙත් නෑ. කවුරු උණත් උන්ට වැඩිපුර දකුණෙ උන්ගෙන් ලැබෙන එක්ස්පීරියන්ස් එක මත එහෙම හිතන එක සාධාරණයි. සිරාවට ම මටත් තේරිල තියෙනව ටිපිකල් කමින් දකුණෙ උන් එක්ක කරට කර ඉන්නව නම් ඒ උතුරු නැගෙනහිර විතරයි බන්.

    දේශපාලනයට විතරක් කවදාවත් මේක ගොඩ ගන්න බෑ බන්. ළමයි මුල ඉදල හැදෙන්නෙ වහුතු විදියට. ඒවා නොහද සිස්ටම් චේන්ජ් බලාපොරොත්තු වෙන්න එපා.
    Emotionally unhealthy ජාතියකින් කවදාවත් වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ බන්. යන එකාගෙ කකුලෙන් නො ඇද යන්න දීපන්. එච්චරයි උඹලට කරන්න තියෙන්නෙ.
    ------ Post added on Mar 23, 2022 at 9:36 AM
    Umba lankawe unta wahallu kiwwata umbe ideology eka hadila tiyenne tanikara American unge Anglo Saxon thinking walin ne. Umbane wahala ban

    අපේ හෙනම අප්සට් සිස්ටෙමික් රෝග ලක්ෂණ තියෙනව. මන් හිතන්නෙ නෑ අපි හොඳ මිනිස්සු කියල. අපේ කොයිතරම් අප්සට් අඳුරු චෛතසික තියෙනවද කියන එක පෝස්ට්-කොලෝනියල් ඉතිහාසයේම යම් යම් තැන්වල පේන්න තියෙනව. ඊට අමතරව එදිනෙදා සමාජ ජීවිතයෙ ඕන තරම් උදාහරණ.

    අර වරද සමඟ අවංකව පසුතැවීම කියන ක්‍රිස්තියානි අදහසේ පොඩි ෆන්ක්ෂනල් අදාලත්වයක් තියෙනව මෙතනදි. නීෂ ද කොහෙද නේ කිව්වෙ තමන් කොයිතරම් අධමයෙක්ද කියන එක තේරුම් ගන්න තාක්කල්, තමන් අභ්‍යන්තරයෙ විශාල නපුරකට විභවයක් තිබෙන බව වටහා ගන්නකම් තමන්ට සාන්තුවරයෙක් වෙන්න බැරිය කියල. චරිතය අතින් අඩියටම වැටුන යම් යම් ප්‍රජාවන් වල ඉදිරි පරම්පරාවල් generational trauma එකෙන් මිදිල ශක්තිමත්ව ඉන්න අවස්ථා අපි සමහර රටවල් වල දකිනව. ඒත් ඒක වෙන්න නම් තක්කඩිකම පැත්තක දාල අපේ අනාරක්ෂිත හැඟීම්, හීනමාන, වාර්ගික හෝ ලිංගික ඊර්ෂ්‍යාවන් අභිමුඛ කරන්න අවශ්‍යයි.

    යම් හෝ බලාපොරොත්තුවක් තිබ්බ ඒක ක්‍රමිකව වෙයි කියල. ඒත් මේ ප්‍රශ්ණ නිසා ඔය පණ්ඩිතමානී දේවල් ගැන විමසන්න මිනිස්සුන්ට තියෙන ඉස්පාසුව නැති වෙලා යනව. ආයෙ දශකයක් යනකම් මොනයම් හෝ මට්ටමක ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙන්න තිබ්බ ඉඩකඩ ඇහිරෙන එකයි කණගාටුව. මිනිස්සුන්ගෙ ත්‍රාඩ කම තව වැඩිවෙන්න නියමිතයි.
    Liberal idealism.
    ------ Post added on Mar 24, 2022 at 3:03 AM