Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපේ සල්ලි වලට වෙන්නේ මොකක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාව මත දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව තිබේ. මේ ඒ පිළිබඳව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.

වාණිජ බැංකුවක පැවැත්ම මැන ගැනීමට අවශ්‍ය මිනුම් දඩු කිහිපයකි. ඒ මිනුම් දඬු අතර විශේෂිත කිහිපයකි. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ඒ අතරින් ද විශේෂිතය. මුදල් බවට හැරවිය හැකි සම්පත්වල අනුපාතය දෙවැන්නය. දැනට පවතින තත්ත්වය අනුව බැංකු පද්ධතිය මේ අනුපාත මනාව පවත්වාගෙන යයි. එසේම බැංකු නියාමන ආයතනය වන මහ බැංකුවේ අවශ්‍යතාව මත අවශ්‍ය තරමට පවතී. මේ තත්ත්වය කිසි හේතුවක් නිසාවත් වෙනස් නොවිය යුතු ය. වෙනස් වුවහොත් බැංකු පද්ධතිය සෙලවෙයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ වෙනත් අනතුරක් හෝ තෙරපුමක් නිසා මේ තත්ත්වය වෙනස් නොවිය යුතුය. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ගැන සලකා බැලුවහොත් රටක මූල්‍ය පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ස්ථාවරත්වය සේම බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානම පිළිබඳව එමගින් සලකා බලයි.

හොඳ හා උසස් ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතයක් සහිත බැංකුවක් නම් ඉන් අදහස් කරන්නේ ඒ බැංකුවට තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදල් ගෙවීමට ඉතා හොඳ හැකියාවක් තිබෙන බවයි. ඕනෑම බැංකුවකට එය ඉතා වැදගත්ය.

ද්‍රවශීලතාව හෙවත් එදිනෙදා ගනුදෙනු සඳහා අවශ්‍ය මුදල් අනුපාතය (Liquidity Coverage Ratio) ද ඉතා වැදගත්ය. එමගින් පෙන්නුම් කරන්නේ බැංකුවක ද්‍රවශීල වත්කම් හෙවත් මුදල් බවට පත් කළ හැකි වත්කම් බැංකුවේ කෙටිකාලීන වගකීම් සමග සංසන්දනය කිරීමයි. සරලව කිවහොත් කෙටිකාලීන වගකීම් කොපමණ ඉක්මනින් ගෙවීමට හැකියාව තිබේ ද යන්නය. බැංකුවක පැවැත්මට එය ද ඉතා වැදගත් සාධකයකි.

ලංකාව ගෙවීමට තිබෙන ණය තිරසාර නොවන බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජය තීරණය කරන්නේ එහෙයිනි. එමගින් විශාල ප්‍රගතියක් අත්කරගෙන ගෙවීමට තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පාර්ශ්ව සමග එක්ව කටයුතු කරයි.

ඒ සියලු කරුණු මැද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැන් කතා බහට ලක්වෙයි. එය අප සියලු දෙනාට ඇසීමට අපහසු දෙයකි. ඒ නිසා ජනතාව අතර යම් භීතියක් ද ඇතිවී තිබේ. ඊට හේතුව ඒ ගැන විවිධ පාර්ශ්ව විවිධ මත ප්‍රකාශ කිරීමය. එහෙත් වෙනස් කිසිම ගැලවුම් මාර්ගයක් නැති වෙලාවක අප ඒ දෙස බැලිය යුත්තේ ඉතා පරෙස්සමෙනි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අදහස් කෙරෙන්නේ ණය තිරසාරභාවය සහ ඒ ණය ආර්ථිකයේ පැවැත්මට දැඩි බලපෑමක් නොවන ලෙස කළමනාකරණය කිරීමය. ප්‍රතිව්‍යුහගත කරන්නේ වෙනත් විකල්පයක් නැති නිසාය. ණය ගෙවීම පාලනය කළ හැකි මට්ටමකට ගෙන ඒම එහි අරමුණයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුගමනය කරන ප්‍රධාන ක්‍රම තුනකි. මුහුණත අගය (Face Value) අඩු කිරීම ඉන් එක් ක්රමයකි. එය නිතර නොකරෙන දුබල දෙයකි. එහි තේරුම ණයෙන් යම් ප්‍රමාණයක් කපා හැරීමය. ඉංග්‍රීසි භාෂාවෙන් එය ‘‘හෙයා කට්’’ (Hair Cut) නමින් හඳුන්වයි. දෙවැනි ක්‍රමය කල්පිරීම කල් දැමීමය. ඉංග්‍රීසි භාෂාවෙන් මැචුරිටි එක්ස්ටේන් නමින් හඳුන්වන එය ‘‘හෙයා කට්’’ ක්‍රමයට වඩා හොඳය.

එහිදී වගකීමේ මුළු මුදල හෙවත් ණය මුදල එලෙසම පවතියි. ඒ මුළු ණය මුදල ගෙවන දිනය කල් දමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තෙවැනි ක්‍රමය ‘‘කූපන් ඇජස්මන්ට් (Coupon Adjustment) නමින් හඳුන්වයි. එමගින් කෙරෙන්නේ ශුද්ධ වර්තමාන අගය (Net Present Value - N.P.V.) හෙවත් අදට තිබෙන අගය යටතේ මුළු ණය මුදලෙන් යම් ප්‍රමාණයක් අඩු කිරීමය. එහිදී කල් පිරීමේ දිනය වෙනස් නොකර තබා ගනියි.

බැංකුවක ප්රාග්ධනය වැඩිවීමට රඳවාගත් ලාබ තිබිය යුතුය. අලුත් කොටස් නිකුතුවකින් මුදල් ලබා නොගත්තොත් සාමාන්‍ය ක්‍රමය මත ලාබ රඳවාගත යුතුමය. බැංකුවක ප්‍රාග්ධන සංචිතය වැඩි වන්නේ එමගිනි. ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බැංකුවේ ලාබ අලාබ ගිණුමට යම් බලපෑමක් වුවහොත් එමගින් බැංකුවේ ප්‍රාග්ධන සංචිතයට ද බලපෑමක් ඇති වෙයි. එය බැංකුවක පැවැත්මට හානිදායක තත්ත්වයක් විය හැකිය.

බැංකු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන මුදල් කෙටිකාලයක දී ලබා ගැනීමට බලාපොරොත්තුව සිටිය දී අප ඉහත කී ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රම තුනෙන් එකකට යටත් වුවහොත් කළ ආයෝජන මුදල් බවට පත්කර ගැනීමට ගතවන කාලය වැඩි වෙයි. බැංකු ජනතාවගෙන් ගන්නා තැන්පතු ආපසු ගෙවන දිනයක් ගනුදෙනුකරුවන් සමග එකඟව සිටියි. යම් ක්‍රමයකින් ඒ දිනය කල් නොයන්නේ නම් බැංකුවල ද්‍රවශීලතාවට යම් බලපෑමක් ඇති වෙයි.

බැංකු හා මූල්‍යායතන ආයෝජනය කළ මුදල්වලට සේම ඔවුනට තැන්පතුකරුවන් දුන් මුදල්වලට කල් පිරීම අතර ලොකු වෙනසක් නොවිය යුතුය. තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට බැංකු ආයෝජනය කළ මුදල් නිසි කලට ලැබිය යුතුය. බැංකුවකට ලැබෙන තැන්පතු මුදල් ලෙස තබා නොගනියි. තැන්පතුව ලැබුණු විගස ඒ මුදල ආයෝජනය කරයි. බැංකු ව්‍යාපාරයේ ස්වභාවය එයයි. ගනුදෙනු කිරීමට අවශ්‍ය තරම් මුදල් නොමැති වුවහොත් බැංකුවල ද්‍රවශීලතාවට ප්‍රශ්න ඇති වෙයි.

එමගින් බැංකුවල පැවැත්මට බලපෑම් ඇතිවෙයි. එහෙත් සාකච්ඡා මගින් ඇති කර ගන්නා එකඟතා මත ඒ බලපෑම් අවම කරගත හැකිය. වාණිජ බැංකුවක පැවැත්මට අත්‍යවශ්‍ය ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතිකය සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇති වුවහොත් මැදිත්වී කටයුතු කරන්නට මහ බැංකුවට සිදුවෙයි. එසේ කිරීම බැංකුවලට වන බලපෑම අවම කර ගැනීමට සෑහෙන පිටිවහලක් වෙයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් බැංකුවල පාඩු පියවා ගැනීමට වැඩි මුදලක් වෙන් කිරීමට බල කෙරෙනු ඇතැයි ද කතාවක් පවතියි. ලංකාවේ බැංකු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල සහ ලංකාවේ බැඳුම්කරවල සේම භාණ්ඩාගාර බිල්පත්වල ද විශාල වශයෙන් ආයෝජනය කරයි. පවතින තත්ත්වය යටතේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල මිල අඩු කිරීමේ, වෙන් කිරීමකට යොමු වන්නට සිදුවනු නිසැකය. ඒ වෙන්කිරීම සෑම බැංකුවකටම බලපායි. එය එසේ වන්නේ ඒ ඒ බැංකුවල ආයෝජන ප්‍රමාණය මතය. ස්වෛරී බැඳුම්කර තිබෙන බැංකු තම අලාබය පියවා ගැනීම සඳහා වන වෙන් කිරීම් දැනටමත් කර තිබෙන බව මගේ තක්සේරුවයි.

එය පසුගිය වසර ගණනාවක් තිස්සේ වන්නට ඇතැයි යන්න මගේ විශ්වාසයයි. ඒ වෙන් කිරීම් කර නැති බැංකුවලට වන බලපෑම වැඩිවෙයි. අලාබය පියවා ගැනීම සඳහා කෙරෙන වෙන් කිරීම් දිගටම කර තිබෙන්නේ නම් ඇති විය හැකි තත්ත්වය සමනය වෙයි. බලපෑම අඩුවෙයි. තමන්ට අලාභයක් වෙතැයි යන උපකල්පනයෙන් ඒ අලාභය සඳහා මුදල් වෙන් කළා නම්, ඒ බැංකුවලට එමගින් ලොකු අස්වැසිල්ලක් අත්වෙයි. යම් බැංකුවක් එසේ අලාබ සඳහා වෙන් කිරීමක් කර නොමැති නම් එතැනදී ඒ බැංකුවට වන බලපෑම වැඩිවෙයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවල ගනුදෙනුකරුවන්ට අත්විය හැකි හොඳ නරක ප්‍රතිඵල මොනවාදැයි දැන් බලමු. දැනට පවතින තත්ත්වය සහ මහ බැංකුව කියා තිබෙන හැටියට භාණ්ඩාගාර බිල්පත් සහ ස්ථිර තැන්පතු සම්බන්ධයෙන් කනගාටුදායක හෝ දුක්මුසු තීරණයක් ගෙන නොමැති බව අපේ අවබෝධයයි. සරලව කිවහොත් භාණ්ඩාගාර බිල්පත් හා ස්ථිර තැන්පතුවල ආයෝජනය කළ මුදල් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් නොවන බව දැනට අප දන්නා සත්‍යයයි. දේශීය ණය ප්රතිව්යුහතකරණයේදී පළමුව අවධානය යොමු විය හැක්කේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙසටය.

භාණ්ඩාගාර බිල්පත්වල කර තිබෙන ආයෝජන සම්බන්ධයෙන් අවධානය යොමු විය හැක්කේ ඉන් අනතුරුවය. එය ද විය හැක්කේ අවශ්‍යතාවක් තිබුණොත් පමණකි. එහිදී ගනුදෙනුකරුවන්ට යම් බලපෑමක් ඇති විය හැකිය. එහෙත් ඒ බලපෑම අවම කිරීමට රජය මැදිහත් වනු නිසැක බව මගේ තක්සේරුවයි. මා විශ්වාස කරන්නේ කල්පිරීමේ දිනය කල්දමන පිළිවෙතට රජය යොමු විය හැකි බවය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකයන්ට බලපෑමක් වෙතැයි ද සාකච්ඡාවක් පවතී. ඒ අරමුදල් දෙකම බොහෝ ආයෝජන කර තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ඒ ආයෝජනවලටද යම් බලපෑමක් විය හැකිය. එහෙත් ඒ බලපෑම කෙසේ වනු ඇතිද යන්න දැන්ම පුරෝකතනය කළ නොහැකිය. මා එසේ කියන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමවේදය තවමත් ප්‍රකාශයට පත්වී නොමැති නිසාය. දැනට එළිදැක්වෙන විවිධ ප්‍රකාශවල සඳහන් වන්නේ ඒ අරමුදල්වල සාමාජිකයන්ට බලපෑමක් නොවන බවය. පසුගියදාක පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදී ජනාධිපතිතුමාද ඒ සම්බන්ධයෙන් සහතිකයක් දුන්නා මට මතකය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පොදුවේ රටේ ආර්ථිකයට විය හැක්කේ මිශ්‍ර බලපෑම්ය. පසුගිය කාලයේ පොලී අනුපාත පැවැතියේ ඉතා ඉහළ මට්ටමකය. ඇතැම් තැන්පතුවලට ලැබුණු පොලී අනුපාතය සියයට 25කි. භාණ්ඩාගාර බිල්පත්වල කළ ආයෝජනවලට ලැබුණු පොලිය සියයට 28 සිට 30ක් තරම් ඉහළය.

එය ආර්ථිකයට දරා ගත නොහැකි ප්රතිශතයකි. ඒ නිසා ඒ පොලී අනුපාත අඩු කළත් සාමාන්‍ය ප්‍රමාණයකට වැඩි ගණනක් අතට ලැබෙයි. කෙසේ වුවත් රටේ ආර්ථිකයට යම් යම් බලපෑම් ඇති වීම නැවැත්විය නොහැකිය. බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවට බලපෑමක් වුණොත් එසේම බැංකු පද්ධතියේ ණය දීමේ හැකියාවට බලපෑමක් ඇති වුවහොත් සහ බැංකු පද්ධතියේ ප්රාග්ධනයට යම් බලපෑමක් වුණොත් එමගින් ජනතාවට දිය හැකි ණය සහ සහන සේම පහසුකම් ද යම්තාක් දුරකට අවම වෙයි. සීමාවෙයි.

එමගින් රටේ ආර්ථිකයට කෙටි කාලීනව යම් බලපෑමක් වීමේ ප්‍රවණතාවක් තිබිය හැකිය. එමගින් උද්ධමනයට සේම මිල ස්ථායිතාවට ද යම් බලපෑමක් විය හැකිය. එය එසේ වන්නේ බැංකුවල ද්‍රවශීලතාව අඩුවුවහොත් වෙළෙඳපොළට ගලා යන මුදල් ප්‍රමාණය අවම වීමෙනි.

සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ

[QUOTE="ranatheman, post: 28832813, member: 262342"] [B]ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාව මත දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව තිබේ. මේ ඒ පිළිබඳව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.[/B] වාණිජ බැංකුවක පැවැත්ම මැන ගැනීමට අවශ්‍ය මිනුම් දඩු කිහිපයකි. ඒ මිනුම් දඬු අතර විශේෂිත කිහිපයකි. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ඒ අතරින් ද විශේෂිතය. මුදල් බවට හැරවිය හැකි සම්පත්වල අනුපාතය දෙවැන්නය. දැනට පවතින තත්ත්වය අනුව බැංකු පද්ධතිය මේ අනුපාත මනාව පවත්වාගෙන යයි. එසේම බැංකු නියාමන ආයතනය වන මහ බැංකුවේ අවශ්‍යතාව මත අවශ්‍ය තරමට පවතී. මේ තත්ත්වය කිසි හේතුවක් නිසාවත් වෙනස් නොවිය යුතු ය. වෙනස් වුවහොත් බැංකු පද්ධතිය සෙලවෙයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ වෙනත් අනතුරක් හෝ තෙරපුමක් නිසා මේ තත්ත්වය වෙනස් නොවිය යුතුය. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ගැන සලකා බැලුවහොත් රටක මූල්‍ය පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ස්ථාවරත්වය සේම බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානම පිළිබඳව එමගින් සලකා බලයි. හොඳ හා උසස් ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතයක් සහිත බැංකුවක් නම් ඉන් අදහස් කරන්නේ ඒ බැංකුවට තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදල් ගෙවීමට ඉතා හොඳ හැකියාවක් තිබෙන බවයි. ඕනෑම බැංකුවකට එය ඉතා වැදගත්ය. ද්‍රවශීලතාව හෙවත් එදිනෙදා ගනුදෙනු සඳහා අවශ්‍ය මුදල් අනුපාතය (Liquidity Coverage Ratio) ද ඉතා වැදගත්ය. එමගින් පෙන්නුම් කරන්නේ බැංකුවක ද්‍රවශීල වත්කම් හෙවත් මුදල් බවට පත් කළ හැකි වත්කම් බැංකුවේ කෙටිකාලීන වගකීම් සමග සංසන්දනය කිරීමයි. සරලව කිවහොත් කෙටිකාලීන වගකීම් කොපමණ ඉක්මනින් ගෙවීමට හැකියාව තිබේ ද යන්නය. බැංකුවක පැවැත්මට එය ද ඉතා වැදගත් සාධකයකි. ලංකාව ගෙවීමට තිබෙන ණය තිරසාර නොවන බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට රජය තීරණය කරන්නේ එහෙයිනි. එමගින් විශාල ප්‍රගතියක් අත්කරගෙන ගෙවීමට තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පාර්ශ්ව සමග එක්ව කටයුතු කරයි. ඒ සියලු කරුණු මැද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැන් කතා බහට ලක්වෙයි. එය අප සියලු දෙනාට ඇසීමට අපහසු දෙයකි. ඒ නිසා ජනතාව අතර යම් භීතියක් ද ඇතිවී තිබේ. ඊට හේතුව ඒ ගැන විවිධ පාර්ශ්ව විවිධ මත ප්‍රකාශ කිරීමය. එහෙත් වෙනස් කිසිම ගැලවුම් මාර්ගයක් නැති වෙලාවක අප ඒ දෙස බැලිය යුත්තේ ඉතා පරෙස්සමෙනි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අදහස් කෙරෙන්නේ ණය තිරසාරභාවය සහ ඒ ණය ආර්ථිකයේ පැවැත්මට දැඩි බලපෑමක් නොවන ලෙස කළමනාකරණය කිරීමය. ප්‍රතිව්‍යුහගත කරන්නේ වෙනත් විකල්පයක් නැති නිසාය. ණය ගෙවීම පාලනය කළ හැකි මට්ටමකට ගෙන ඒම එහි අරමුණයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනුගමනය කරන ප්‍රධාන ක්‍රම තුනකි. මුහුණත අගය (Face Value) අඩු කිරීම ඉන් එක් ක්රමයකි. එය නිතර නොකරෙන දුබල දෙයකි. එහි තේරුම ණයෙන් යම් ප්‍රමාණයක් කපා හැරීමය. ඉංග්‍රීසි භාෂාවෙන් එය ‘‘හෙයා කට්’’ (Hair Cut) නමින් හඳුන්වයි. දෙවැනි ක්‍රමය කල්පිරීම කල් දැමීමය. ඉංග්‍රීසි භාෂාවෙන් මැචුරිටි එක්ස්ටේන් නමින් හඳුන්වන එය ‘‘හෙයා කට්’’ ක්‍රමයට වඩා හොඳය. එහිදී වගකීමේ මුළු මුදල හෙවත් ණය මුදල එලෙසම පවතියි. ඒ මුළු ණය මුදල ගෙවන දිනය කල් දමයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තෙවැනි ක්‍රමය ‘‘කූපන් ඇජස්මන්ට් (Coupon Adjustment) නමින් හඳුන්වයි. එමගින් කෙරෙන්නේ ශුද්ධ වර්තමාන අගය (Net Present Value - N.P.V.) හෙවත් අදට තිබෙන අගය යටතේ මුළු ණය මුදලෙන් යම් ප්‍රමාණයක් අඩු කිරීමය. එහිදී කල් පිරීමේ දිනය වෙනස් නොකර තබා ගනියි. බැංකුවක ප්රාග්ධනය වැඩිවීමට රඳවාගත් ලාබ තිබිය යුතුය. අලුත් කොටස් නිකුතුවකින් මුදල් ලබා නොගත්තොත් සාමාන්‍ය ක්‍රමය මත ලාබ රඳවාගත යුතුමය. බැංකුවක ප්‍රාග්ධන සංචිතය වැඩි වන්නේ එමගිනි. ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බැංකුවේ ලාබ අලාබ ගිණුමට යම් බලපෑමක් වුවහොත් එමගින් බැංකුවේ ප්‍රාග්ධන සංචිතයට ද බලපෑමක් ඇති වෙයි. එය බැංකුවක පැවැත්මට හානිදායක තත්ත්වයක් විය හැකිය. බැංකු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන මුදල් කෙටිකාලයක දී ලබා ගැනීමට බලාපොරොත්තුව සිටිය දී අප ඉහත කී ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රම තුනෙන් එකකට යටත් වුවහොත් කළ ආයෝජන මුදල් බවට පත්කර ගැනීමට ගතවන කාලය වැඩි වෙයි. බැංකු ජනතාවගෙන් ගන්නා තැන්පතු ආපසු ගෙවන දිනයක් ගනුදෙනුකරුවන් සමග එකඟව සිටියි. යම් ක්‍රමයකින් ඒ දිනය කල් නොයන්නේ නම් බැංකුවල ද්‍රවශීලතාවට යම් බලපෑමක් ඇති වෙයි. බැංකු හා මූල්‍යායතන ආයෝජනය කළ මුදල්වලට සේම ඔවුනට තැන්පතුකරුවන් දුන් මුදල්වලට කල් පිරීම අතර ලොකු වෙනසක් නොවිය යුතුය. තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට බැංකු ආයෝජනය කළ මුදල් නිසි කලට ලැබිය යුතුය. බැංකුවකට ලැබෙන තැන්පතු මුදල් ලෙස තබා නොගනියි. තැන්පතුව ලැබුණු විගස ඒ මුදල ආයෝජනය කරයි. බැංකු ව්‍යාපාරයේ ස්වභාවය එයයි. ගනුදෙනු කිරීමට අවශ්‍ය තරම් මුදල් නොමැති වුවහොත් බැංකුවල ද්‍රවශීලතාවට ප්‍රශ්න ඇති වෙයි. එමගින් බැංකුවල පැවැත්මට බලපෑම් ඇතිවෙයි. එහෙත් සාකච්ඡා මගින් ඇති කර ගන්නා එකඟතා මත ඒ බලපෑම් අවම කරගත හැකිය. වාණිජ බැංකුවක පැවැත්මට අත්‍යවශ්‍ය ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතිකය සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇති වුවහොත් මැදිත්වී කටයුතු කරන්නට මහ බැංකුවට සිදුවෙයි. එසේ කිරීම බැංකුවලට වන බලපෑම අවම කර ගැනීමට සෑහෙන පිටිවහලක් වෙයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් බැංකුවල පාඩු පියවා ගැනීමට වැඩි මුදලක් වෙන් කිරීමට බල කෙරෙනු ඇතැයි ද කතාවක් පවතියි. ලංකාවේ බැංකු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල සහ ලංකාවේ බැඳුම්කරවල සේම භාණ්ඩාගාර බිල්පත්වල ද විශාල වශයෙන් ආයෝජනය කරයි. පවතින තත්ත්වය යටතේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල මිල අඩු කිරීමේ, වෙන් කිරීමකට යොමු වන්නට සිදුවනු නිසැකය. ඒ වෙන්කිරීම සෑම බැංකුවකටම බලපායි. එය එසේ වන්නේ ඒ ඒ බැංකුවල ආයෝජන ප්‍රමාණය මතය. ස්වෛරී බැඳුම්කර තිබෙන බැංකු තම අලාබය පියවා ගැනීම සඳහා වන වෙන් කිරීම් දැනටමත් කර තිබෙන බව මගේ තක්සේරුවයි. එය පසුගිය වසර ගණනාවක් තිස්සේ වන්නට ඇතැයි යන්න මගේ විශ්වාසයයි. ඒ වෙන් කිරීම් කර නැති බැංකුවලට වන බලපෑම වැඩිවෙයි. අලාබය පියවා ගැනීම සඳහා කෙරෙන වෙන් කිරීම් දිගටම කර තිබෙන්නේ නම් ඇති විය හැකි තත්ත්වය සමනය වෙයි. බලපෑම අඩුවෙයි. තමන්ට අලාභයක් වෙතැයි යන උපකල්පනයෙන් ඒ අලාභය සඳහා මුදල් වෙන් කළා නම්, ඒ බැංකුවලට එමගින් ලොකු අස්වැසිල්ලක් අත්වෙයි. යම් බැංකුවක් එසේ අලාබ සඳහා වෙන් කිරීමක් කර නොමැති නම් එතැනදී ඒ බැංකුවට වන බලපෑම වැඩිවෙයි. [B][SIZE=5]දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවල ගනුදෙනුකරුවන්ට අත්විය හැකි හොඳ නරක ප්‍රතිඵල මොනවාදැයි දැන් බලමු. දැනට පවතින තත්ත්වය සහ මහ බැංකුව කියා තිබෙන හැටියට භාණ්ඩාගාර බිල්පත් සහ ස්ථිර තැන්පතු සම්බන්ධයෙන් කනගාටුදායක හෝ දුක්මුසු තීරණයක් ගෙන නොමැති බව අපේ අවබෝධයයි. සරලව කිවහොත් භාණ්ඩාගාර බිල්පත් හා ස්ථිර තැන්පතුවල ආයෝජනය කළ මුදල් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් නොවන බව දැනට අප දන්නා සත්‍යයයි. දේශීය ණය ප්රතිව්යුහතකරණයේදී පළමුව අවධානය යොමු විය හැක්කේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙසටය.[/SIZE][/B] [SIZE=5][B] භාණ්ඩාගාර බිල්පත්වල කර තිබෙන ආයෝජන සම්බන්ධයෙන් අවධානය යොමු විය හැක්කේ ඉන් අනතුරුවය. එය ද විය හැක්කේ අවශ්‍යතාවක් තිබුණොත් පමණකි. එහිදී ගනුදෙනුකරුවන්ට යම් බලපෑමක් ඇති විය හැකිය. එහෙත් ඒ බලපෑම අවම කිරීමට රජය මැදිහත් වනු නිසැක බව මගේ තක්සේරුවයි. මා විශ්වාස කරන්නේ කල්පිරීමේ දිනය කල්දමන පිළිවෙතට රජය යොමු විය හැකි බවය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකයන්ට බලපෑමක් වෙතැයි ද සාකච්ඡාවක් පවතී. ඒ අරමුදල් දෙකම බොහෝ ආයෝජන කර තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ඒ ආයෝජනවලටද යම් බලපෑමක් විය හැකිය. එහෙත් ඒ බලපෑම කෙසේ වනු ඇතිද යන්න දැන්ම පුරෝකතනය කළ නොහැකිය. මා එසේ කියන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමවේදය තවමත් ප්‍රකාශයට පත්වී නොමැති නිසාය. දැනට එළිදැක්වෙන විවිධ ප්‍රකාශවල සඳහන් වන්නේ ඒ අරමුදල්වල සාමාජිකයන්ට බලපෑමක් නොවන බවය. පසුගියදාක පාර්ලිමේන්තුවේ පැවැති විවාදයකදී ජනාධිපතිතුමාද ඒ සම්බන්ධයෙන් සහතිකයක් දුන්නා මට මතකය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පොදුවේ රටේ ආර්ථිකයට විය හැක්කේ මිශ්‍ර බලපෑම්ය. පසුගිය කාලයේ පොලී අනුපාත පැවැතියේ ඉතා ඉහළ මට්ටමකය. ඇතැම් තැන්පතුවලට ලැබුණු පොලී අනුපාතය සියයට 25කි. භාණ්ඩාගාර බිල්පත්වල කළ ආයෝජනවලට ලැබුණු පොලිය සියයට 28 සිට 30ක් තරම් ඉහළය. [/B][/SIZE] [B][SIZE=5]එය ආර්ථිකයට දරා ගත නොහැකි ප්රතිශතයකි. ඒ නිසා ඒ පොලී අනුපාත අඩු කළත් සාමාන්‍ය ප්‍රමාණයකට වැඩි ගණනක් අතට ලැබෙයි. කෙසේ වුවත් රටේ ආර්ථිකයට යම් යම් බලපෑම් ඇති වීම නැවැත්විය නොහැකිය. බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවට බලපෑමක් වුණොත් එසේම බැංකු පද්ධතියේ ණය දීමේ හැකියාවට බලපෑමක් ඇති වුවහොත් සහ බැංකු පද්ධතියේ ප්රාග්ධනයට යම් බලපෑමක් වුණොත් එමගින් ජනතාවට දිය හැකි ණය සහ සහන සේම පහසුකම් ද යම්තාක් දුරකට අවම වෙයි. සීමාවෙයි.[/SIZE][/B] එමගින් රටේ ආර්ථිකයට කෙටි කාලීනව යම් බලපෑමක් වීමේ ප්‍රවණතාවක් තිබිය හැකිය. එමගින් උද්ධමනයට සේම මිල ස්ථායිතාවට ද යම් බලපෑමක් විය හැකිය. එය එසේ වන්නේ බැංකුවල ද්‍රවශීලතාව අඩුවුවහොත් වෙළෙඳපොළට ගලා යන මුදල් ප්‍රමාණය අවම වීමෙනි. [B]සාකච්ඡා සටහන ගුණසිංහ හේරත් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ[/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom