අපේ හමුදාවට මඩ ගහන ‘චැනල්-4’ නව වීඩියෝව මෙන්න

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
අපේ හමුදාවට මඩ ගහන ‘චැනල්-4’ නව වීඩියෝව මෙන්න



Video එක මෙන්න​: http://www.lankagossipgirl.com/2014/03/channel-4-new-video-srilanka.html
මෙරට හමුදාවන් යුධ අපරාධ කලේ යයි පවසන තවත් වීඩියෝවක් එංගලයන්තයේ ‘චැනල්-4’ නාලිකාව විසින් ඊයේ දිනයේ එළි දන්වා තිබේ.

චැනල් ෆෝ මාධ්‍යවේදී කැලම් මැක්රේ පවසන්නේ මෙම වීඩියෝව පෙර වීඩියෝ පටවලට වඩා වෙනස් අර්ථයක් ගනු ලබන බවත් මෙහි ඇතුළත් දර්ශන කුමන කාලසීමාවක් තුළ රූගත කළ ඒවාද යන්න පිළිබඳව නිශ්චිතව නිගමනය කළ නොහැකි බවත්ය.

එහෙත් ඒවා යුද්ධයේ අවසන් කාලසීමාව තුළ ලබාගත් වීඩියෝ දර්ශන බවට අනුමාන කළ හැකි බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට අපහාස කිරීමේ උත්සාහයක දිගින් දිගටම නිරතව සිටින චැනල් ෆෝ නාලිකාවේ නවතම ප‍්‍රයත්නය මෙය වන බවයි.

වීඩියෝ පටයේ ඇතුළත් දර්ශන පිළිබඳ කාලසීමාවක් නිර්ණය කළ නොහැකි බව ඔවුන් විසින්ම පවසා ඇති නිසා මෙම දර්ශනවල ව්‍යාජ බව පැහැදිළි වන බවද එහි දැක්වේ.


Video එක මෙන්න​: http://www.lankagossipgirl.com/2014/03/channel-4-new-video-srilanka.html