අපේ හමුදාව ‍විහිළුවක් වෙලා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අපේ හමුදාව ‍විහිළුවක් වෙලා

===========================================================
===========================================================
===========================================================
ජෙනරාල්ගේ අත්අඩංගුවට ගැනීම හරහා අපේ හමුදාව ‍ලෝකය හමුවේ විහිළුවක් වෙලා - හිටපු අග විනිසුරු



2010 මාර්තු 24 වෙනි බදාදා, 09:24
cj_100323_1.jpg
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් වුණූ හමුදා නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෛරීසහගත ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් ශ්‍රී ලංකා හමුදාව ලෝකය හමුවේ විහිළුවක් බවට පත්ව ඇති බව හිටපු අග විනිසුරු සරත් එන් ද සිල්වා මහතා පෙන්වාදෙයි.


හිටපු අගවිනිසුරුවරයා මේ බව පෙන්වාදුන්නේ ඊයේ කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේ "නීතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ අනාගතය" යන මැයෙන් පැවැති විද්වත් සංවාදයේදී අදහස් දක්වමිනි.

එහිදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා‍ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගවිනිසුරුවරයා" ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාව නියෝජනය කරන පාලකයින් පිරිසක් විසින් රටේ පාලන තන්ත්‍රය ගෙන යාම. එය හැම විටම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු පාලන තන්ත්‍රයක් විය යුතුයි. ජනතාව වෙනුවෙන්, ජනතාව කෙරෙහි, ජනතාව සදහා කියල ඒබ්‍රහිම් ලින්කන් බොහොම ලස්සනට සදහන් කරලා තියනවා. එදත් අදත් ප්‍රජාතන්ත්‍රවාදයේ හරය එයයි. ජනතාවත් පාලකයිනුත් අතර වෙනසක් නැහැ. ජනතාවගේ උන්නතිය තමයි පාලකයින් විසින් නිරූපණය වියයුත්තේ. මේ නීතියත් ප්‍රජානත්ත්‍රවාදයත් නැත්නම් කුමන අනාගතයක්ද අපට ඉතුරුවන්නේ කියන ප්‍රශ්නයයි අපට ඉතිරිව තිබෙන්නේ.

ජෙනරල් ෆොන්සේකාට මොකක්ද වුණේ. එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරපු අපේක්ෂයකු වශයෙන් නීත්‍යානුකූලව විශ්‍රාම ගිහිල්ලා නාමයෝජනා පත්‍රය භාරදුන්නා. නීත්‍යානුකූලව සන්ධානයක නියෝජිතයකු වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙලා. සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් වශයෙන් රට වටේ හැම තැනම ගියා. එතුමාගේ කතා විලාශය එතුමාට ආවේනික දෙයක්. එතුමා හදවතින් කතාකරන මනුෂ්‍යයෙක්. මම අහගෙන ඉදලා තියනව ඉදලා හිටලා සැර පරුෂ වචන කියනවා. අපේ මට්ටම එතුමාට දාන්න බැහැ. හැබැයි එතුමාගේ සත් භාවයෙන් වැඩකරන ගතියක් තිබුණා. එතුමා මැතිවරණයෙන් 41 ලක්ෂයක ඡන්ද අරන් පරාජයට පත්වුණා. එතුමා ප්‍රතිඵලය අභියෝගයට ලක්කර තිබනවා. එහි ප්‍රතිඵලය එන තෙක් අපි මැතිවරණ කොමසාරිස්වරයා නිකුත්කර ඇති ප්‍රතිඵලය පිලිගන්න ඕන.

ජනාධිපතිවරණ මැතිවරණ නීතියේ 93 වැනි වගන්තියේ තියනවා ඒ මැතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක්කරන්න පෙත්සමක් ඉදිරිපත්කරන්න අවකාශයක්. ෆොන්සේක මහතාට එම අයිතිවාසිකම තියනවා එය ක්‍රියාත්මක කරන්න දින 21ක කාලයක් තියනවා. එතුමා මේ සම්බන්ධයෙන් උනන්දුවෙන් ක්‍රියාකළා. නමුත් මේ කාලසීමාව තුල පෙබරවාරි 08 වැනිදා ඇවිල්ලා දේශපාලන සාකච්ඡාවක් කරමින් තිබියදී ෆොන්සේකා මහතා උස්සගෙන ගියා.

අපි බැලුවා මොකක්ද මේ රටේ තියන නීතිය කියලා. මම දන්න නීතියට අනුවනම් අපරාධ නඩු විභාග පනත අනුව තමයි යම්කිසි තැනැත්තෙක් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඒ අනුව පොලිස් නිලධාරියකුට පරීක්ෂණයක් කිරීමේ බලය තියනවා 109 වැනි වගන්තිය යටතේ. ඊට පැහැදිලි ක්‍රියාදාමයක් තියනවා. සැක කටයුතු පුද්ගලයෙක් ඉන්නවානම් සාක්ෂි තියනවානම් අත්අඩංගුවට ගැනීමට පුළුවන්. අත්අඩංගුවට ගන්නා ආකාරය 32 වන වගන්තියේ පැහැදිලිව සදහන්ව තිබෙනවා. 37 වන වගන්තියේ සදහන්ව තිබෙනවා ඒ ගත්ත තැනැත්තා පැය 24 ඇතුළත බළැති අධිකරණයක් හමුවට ඉදිරිපත් කළ යුතුය කියලා. මේවා සාමාන්‍ය නීතියක් නොවෙයි. මේවා ඉහළින්ම පිලිගන්න මානව හිමිකම්. 1948 දෙසැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටවපු වෙලාවේ මානවා හිමිකම් විශ්ව ප්‍රකාශණයක් එළි දැක්වුනා. එහි සදහන්වන ප්‍රධානම කොන්දේසියක් තමයි සෑම තැනැත්තෙකුටම පුද්ගල ආරක්ෂාවේ අයිතිය හිමිවියයුතුය. ශ්‍රී ලංකාව මෙම විශ්ව ප්‍රකාශයට මුලින්ම අත්සන්කරපු රටක්. එක් මහාචාර්ය වරයෙක් කියලා තිබුණා මම මේක ජාත්‍යන්තර ප්‍රශ්ණයක් බවට පත්කරනවා කියලා. මේක ජාත්‍යන්තර ප්‍රශ්ණයක් තමයි. මොකද අපි විශ්ව ප්‍රකාශයට සහභාගීවෙලා තිබෙනවා. මේක ලෝකයෙන් ඉවත්කළ රටක් නොවෙයි. විශ්ව ප්‍රකාශයේ 9 වැනි වගන්තියේ සදහන්වනවා අත්අඩංගුවට ගැනීම නීතියට අනුව සිදුවිය යුතුයි. අත්අඩංගුවට පත්වීමට හේතුව ඒ වෙලාවේම පැවසිය යුතුයි. අපරාධ නඩුවිභාග සංග්‍රහයෙත් තියෙන්නේ මෙම කොන්දේසිමයි.

මැතිවරණයට ඉදිරිපත් වෙලා ලක්ෂ 41කට වඩා ඡන්ද ගත්ත පුද්ගලයකුට තමන්ගේ ඡන්දය අභියෝගයට ලක් කරන්න තිබෙන කාලය තුළ මෙහෙම කරන්න බලයක් තිබෙනවාද? ‍පොලීසියෙන් පරීක්ෂණයක් පැවැත්වුවද. අඩු ගානේ පැමිණිල්ලක්වත් නැහැ. පොලිස් නිලධාරියෙක්ද අත්අඩංගුවට ගත්තේ, නැහැ. අත්අඩංගුවට ගෙන පැය 24ක් අතුළත නිසි බළැති අධිකරණයකට ඉදිරිපත් කළාද, නැහැ. මෙතන තමයි නීතියේ කඩා වැටීම පෙන්නුම්කරන්නේ.

cj_100323_2.jpg





 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
දැන් ආණ්ඩුව කියනවා මේක හමුදා නීතිය යටතේ සිදුකරපු දෙයක්ලු. හමුදා නීතිය යටතේද ජෙනරල් සරත් ෆොන්සේකා මහතා මේ මැතිවරණය තරග කළේ? එහෙනම් ඒ තරග කරපු කාලයේත් හමුදා නීතියට යටත්, හමුදා නීතිය යටතේද එයා තරග කලේ. එහෙනම් ජනාධිපතිතුමාට තිබුනා ඒ තරග කරපු කාලයේ එතුමාට අවසර නොදී සිටින්න.
මම අධ්‍යයනය කරලා බැලුවා හමුදා නීතය මෙතරම් අමනුෂ්‍ය නීතියක්ද කියලා. හමුදා නීතිය 1949 පැනෙවුවේ. හමුදාවක් පිහිටුවීම සදහා. එතෙක් හිටියේ බ්‍රිතාන්‍ය හමුදාව. හමුදා පනත පැහැදිලි උසස්ව සකස්කරපු පනතක්. එහි පළමු කොටසේ තිබෙනවා හමුදාව සංවිධානය කරන්නේ කොහොමද කියලා. ඒ පළමු කො‍ටසේම 8 වැනි වගන්තියේ ඒ කාලයේ ආණ්ඩුකාරවරයා විසින් දැන් ජනාධිපතිවරයා විසින් සුදුසු පුද්ගලයකු හමුදාවට අනදීම සදහා පත් කළ යුතුයි එසේ පත්කළ තැනැත්තා හමුදාපති වශයෙන් නම් කෙරෙන්නේය කියලා.

34 වැනි වගන්තියේ පැහැදිලිවම සදහන්වනවා කවුද හමුදා නීතියට යටත් කියලා. එහි සහන්වන්නේ සියලු නිලධාරීන් සහ සෙබළු මෙම නීතියට යටත් කියලා. මේක බ්‍රිතාන්‍ය ක්‍රමයට සැකසිලා තියෙන්නෙ ඉහළින් ඉන්න පුද්ගලයා හමුදා නීතියට යටත් නැහැ.

මේ නිතියේ සදහන් හැම වරදකම සදහන් වනවා හමුදා නීතියට යටත් පුද්ගලයෙකුට පමණයි මෙය අදාල වන්නේ කියලා. එමෙන්ම එසේ වරදක් කළ නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරියාට ඉහළින් තනතුරු දරන තැනැත්තෙකුට අවසර ඇත්තේය කියා. එම නිසා කමාන්ඩර්වරු මෙම නීතියට අයත්වන්නේ නැත. අද වෙලා තිබෙන්නේ ජෙනරල්ව අත්අඩංගුවට ගන්න ලුතිනන් ජෙනරල් කෙනෙක් නියෝගයක් දීලා. මේක කරන්න පුළුවන් දෙයක්ද? අපේ හමුදාව මුළු ලෝකයේම විහිළුවක් බවට පත්වෙලා තිබෙනවා. මේ හමුදා නීතිය සකස් වෙලා තිබෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුවයි. අපේ තියෙන ඉහළම තත්වය තමයි තරු හතරේ ජෙනරාල්ධූරය. සරත් ෆොන්සේකාට පමණයි එය තිබෙන්නේ. තරු 4 ජෙනරාල් කෙනෙක් වෙන්නේ ඒ තත්වයට ආවාට පසුවයි. සරත් ෆොන්සේකා මහත්තයාට වුවමනාවක් තිබ්බා. තරු පහේ ජෙනරල් කෙනෙක් වෙන්න නමුත් ඊට මිලියනයක් සෙබළු ඉන්න හමුදාවක් සිටිය යුතුයි. එවැනි ජාත්‍යන්තරව පිළිගන්නා මට්ටමක් තිබෙනවා. හමුදාපතිට වඩා ඉහළ නිලධාරියෙක් නැහැ. හමුදා නීතිය මෙහෙයවන්නේ හමුදාපති, ඒ නිසයි ඔහු ඉන් ඉහලට ඔසවා තිබෙන්නේ.

ඒ වගේම හමුදා නීතිය යටතේ අත්අඩංගුවට ගත් නිලධාරියෙක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුත්තේ ඔහුගේ අණදෙන නිලධාරියා. නමුත් හමුදාපතිවරයාට එවැනි අණදෙණ නිලධාරියෙක් නැහැ. දැන් ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව නඩු විභාගයට ගන්න මේජර් ජනරාල්වරු කිහිප දෙනෙක් පත්කරලා තිබෙනවා. කවුද පත්කරලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ, ජෙනරාල්ට විරුද්ධව මැතිවරණයක් තරග කරලා නඩුකරායෝ පත්කරනවා ඔහුට විරුද්ධව. දැන් කියනවා හිතුණොත් මම සමාව දෙන්නම් කියලා. දඩුවමත් දීලා සමාවත් දෙන්නයි ලෑස්තිය. පළිගන්න එක එකක්, හැබැයි නීතියේ මුවාවෙන් පලිගන්න එකයි වරද, එනිසා මේක පැහැදිලිවම නීතියට මුවාවී සිදුකළ පළි ගැනීමක් . මෙම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම ට එරෙහිව අප දේශීයවත් ජාත්‍යන්තරවත් පෙළ ගැසිය යුතුයි. " යැයි ප්‍රකාශ කළේය.

cj_100323_3.jpg


ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මෙම විද්වත් සංවාදයේ මුලසුන හෙඹවූ අතර ඒ සදහා විද්වතුන් රැසක් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අතුලයා නම් ඉතින් විහිලුවක් වෙන්න දෙයක් නැහැනේ කොහොමත් කොමඩියක්නේ