අපේ_කාලයේ_වීරයා_සහ_ගොඩ්ෆාදර්_මදුශ්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අපේ_කාලයේ_වීරයා_සහ_ගොඩ්ෆාදර්_මදුශ්

    #අපේ_කාලයේ_වීරයා_සහ_ගොඩ්ෆාදර්_මදුශ්

    # අමල් පෙරේරාට මදුශ්ගේ පුතුගේ උපන් දින සාදයට ඇරයුම් ලැබුනේ පසුගිය දෙසැම්බර් 24 වෙනිදා...

    # ඔහු එවේලේම එම පණිවිඩය ඔහුගේ පාසල් මිතුරකු වන විශේශකාර්‍ය බලකායේ ලතීෆ් ට දැනුම් දෙනවා

    # වි.කා.බලකාඒ බුද්ධි නිලදාරීන් දෙසැම්බර් 29 වෙනිදා අමල් පෙරේරාව හමුවන්නෙ ඔහුගේ පන්නිපිටියේ නිවස තුලදි

    # හරියාකාරවම මදුශ්ව කොටු කර ගැනීමට අවශ්‍ය සියලු දෙවල් ඉතා සූක්ශමව සැලසුම් කෙරෙනවා..

    # අමල් පෙරේරාට සාදයට සහභාගී වන ලෙසත් මදුෂ්ලාට සැක නොසිතෙන්නට තම පුතු නදීමාල්වද රැගෙන එන්නදැයි අසන ලෙසත් අමල්‍ ට උපදෙස් ලැබෙනවා..

    # අවසානයේ අමලුත් නදීමාලුත් ලයනල් සදුන් ලෙස හදුන්වන නලුවාත් සාදය සදහා මෙරටින් පිටවනවා.. ඒ සමගම වි.කා බලකායේ බුද්දී නිලදාරීන් 30ක්, තාක්ශනික නිලධාරීන් 30ක් ගිනි අවිද සමග එම ගුවන් යානයේන්ම සමාන්‍ය මගීන් ලෙස වෙස් වලාගෙන පිට වෙනවා..

    #අදාල හොටලයට ඇතුල් වීමට පෙර අමල්සහ නදීමාල් හට මෙහෙයුම පිලිබඳ අවසාන breef එක ලබාදෙන්නේ උසස් පොලිස් නිල්දාරියෙක්.. අමල්ගේ නදීමාල්ගේකමිස බොත්තම් අතෙරේ රහසිගත gps කැමරා සගවනවා.. එසේම ඇසට නොපෙනෙන තරමේ අති ප්‍රභල මයිකෆෝනද සවි කෙරෙනවා.. එසෙම ඔවුන්ගේ ගිටාර් රැගෙන යන පෝටර් වරයා ලෙස මත්ද්‍රවය කාර්‍යාශයේ නිලධාරියෙකු යොදනවා...

    #අමල් සාදයට ඇතුල් වන්නෙ රත්‍රී 8.34ට පමණ.. ඒ සමගම අදාල හොටලය අවට ආරක්ශාව තර කෙරෙන්නේ ආයුධ සම්පන්න ඩුබායි පොලිස් නිලධාරීන් 90ක් සහ වි.කා. බලකායේ නිලධාරීන් 20කගෙන් පමණ.

    #අමල් යන එන, කන බොනදෑ සියල්ල හෝටලයේ වෙනත් කාමරයක සිට් වි.කා. බලකායෙ නිලධාරීන් බලා සිටියා.

    # පැය කීපයක් යනතුරුත් මදුශ්‍යැයිසැක කෙරෙන පුද්ගලයෙකු හදුනාගැනීමට ආරක්ශන අංශ වෙත හැකියාව ලැබුනේ නෑ...

    # වසර ගනණාවකින් මදුශ් ගෙ රූපය හරියාකාරව දැක නොමැති නිසා ආරක්සක අංශ ඔහුව හදුනාගන්නට තවත් උපක්‍රමයක් යොදනවා.. ඒ තමයි අමල් පෙරේරාට හෙරොයින් පානය කිරීමට පුහුණුවක් ලබා දී සාදයට ඇතුල් වූ වහාම අමල් "මට මදුශ් එක්ක ට්‍රිප් එකක යන්න ඕන" යනුවෙන් පැවසීම..

    # අදසානයේ මදුශ් එම ඉල්ලීමට එකග වී.. මම තමා මදුශ් යනුවෙන් පවසනවා.. කෙසේ වෙතත් මදුශ් සමහ සෙට් වීමට අමල්ට සිදු වෙනවා..

    # දකුණු ආසියාවේ ප්‍රබලතම සංවිදානාත්මක අපරාධකරුවා තම මුහුණ දෙස බලා ඇස් ඉදිරිපිට සිටීම අමල් පෙරේරා ජිවිතයේ විදි අසීරුතම සහ භයංකාරම අත්දැකීම වූවට සැකයක් නැ...

    #කෙමෙන් කෙමෙන් රෑ බෝවත්ම තමා මෙහි පැමිණි රහසිහත මෙහෙයුම අමල්ට මතක් වනවා.. ඒ වන විටත් හෙරොයින් වලින් ඔහුව සැහෙන ප්‍රමාණයකට මත් වෙලායි හිටියේ..නමුත් එක් වරෙම ඔහු අසල තිබූ වොශ් රූම් එකකට වැදී ඔහුට ලබා දීතිබූ සන්නිවේදක උපරණෙයෙන් ආරක්ශක අංශ අමතනවා..

    # ""සර්, madhush ඉන්නවා . රෙඩ් ශර්ට් එකක් ඇදලා නිල් පාට ඩෙනිම් ට්‍රෞසර් එක.. ඔයාලට ඕන හුගක් අය ඉන්නවා.. රණාල චුට්ටත් අංගොඩ සුද්දත් ඉන්නවා.. ඉක්මනට ගන්න.. මම ටිකක් stoned... over .."""

    # we must go in" ලෙස කැ ගැසූ ආරක්ශක නිලදාරියා වහාම හෝටල් ශාලාව තුලට කඩා වදින්නෙ ඩුබායි පොලිසිය සමග.. තැන තැන සිටි 25 දෙනෙකු අත් අඩංගුවට ගැනෙන අතර.. උපාය දූතයාවු අමල් වත් නදීමාල්වත් අත්අඩංගුවට ගත් පිරිස අතරට දමන්නේ කිසිවෙකුට සැක නොසිතෙන්නටයි..

    # ඉදිරි දින කීපය තුල අමල් සහ නදීමාල් උපද්‍රවයකින් තොරව ලංකාවට පැමිණෙන අතර.. තමා, තම පුතා සහ රයන් සාදයට ගියේ කලාකරුවන් ලෙස මුදලට ගී ගැයීමට බවත් මදුශ් හෝ පාතාලය පිලිබද කිසිවක් නොදන්නා බව මාද්‍ය ඉදිරියේ කියා සිටිනවා ඇත.

    ඒ ඔබ කියවූයේ තම දිවිය පමණක් නොව තම පුතුගේ දිවියද අනතුරේ හෙලමින් ශ්‍රී ලංකාවේ කුඩු ජාවාරමේ මහා මොලකරු සේම පාතාලයේ හෝඩ් ෆාදර්ව නීතියේ රැහැණට කොටුකල අපේ කාලයේ වීරයාගේ කතාවයි...

    -- අරෝශ බණ්ඩාර ---

    #තැන්කිව්අමල් #ගේම්_ඕවර්



    51843763_389477098453634_4491274664663842816_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    :rolleyes:

    යකෝ මෙච්චර හොඳට කතා ලියන උන් ඉන්නවනේ ලංකාවෙ.. හදපල්ලකො තව ටීවී සීරීස් එකක් කූඹියෝ ටත් වඩා හොඳට..එක්කො මේක ලිව්වෙත් ලක්මාල් මද දන්නෙත් නෑ. :eek:
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    අමල් පෙරේරා කියන්නෙ ලංකාවෙ ෆ්‍රෑන්ක් සිනාට්‍රා කියල මං අමල්ගෙ ෂෝ එකක් වෙලාවක ලිව්වා. ෆ්‍රෑන්ක් සිනට්‍රා ලෝක පූජිත ගායකයෙක් වගේම චිකාගෝ පාතාලෙත් එක්ක කිට්ටු යාලුකම් තිබුන චරිතයක්. ඒ වගේම සෞන්දර්ය ජීවිතය සහ අනීතික ජීවිතය අතර එහාමෙහා සක්මන් කරපු මිනිහෙක්.

    ඇත්තටම සිනාට්‍රා දැවැන්තයෙක් වෙන්නෙ මේ කොන්දේසි විරහිත ජීවිතය හින්දා. අයි ඩිඩ් ඉට් මයි වේ වගේ සිංදුවක ගැබුර තියෙන්නෙ එතන. සිනාට්‍රා මේ පාතාල යාලුකම් තිබුනට මිනීමරන්න ගියේ නෑ. දැන් මාකදුරෙ මදූශ් එක්ක කොකේන් ගගහා හිටපු හින්ද අමල් අත්අඩංගුවට පත්වෙනවා. ලංකාවෙ කලාකාරයො ගොඩක් නඩත්තු වෙන්නෙ මේ වගේ බිස්නස්කාරයො නැත්තං දේශපාලකයන්ගෙ අනුග්‍රහ මත. මේ රටේ ජනතාව ආරටිස්ට්ලව නඩත්තු කරන්නෙ නෑ. එහෙම වත්කමක් නෑ.

    අසරන වුන ආර්ටිස්ට්ලගෙ කතාවලින් පත්තර පිටු පිරෙන්නෙ මේ හින්ද. මේ පාතාල ව්‍යාපාරික දේශපාලන පොරවල් ආසයි කලාකාරයො එක්ක පාටි දාන්න. කරට අතදාගෙන ෆොටෝ ගහන්න. ඒ වෙනුවෙන් උන් වියදම් කරනවා. නිදහස්කාමී ජීවිතයක් ජීවිතයක් ගතකරන ඊට පෙම්කරන අමල් ඒ වගේ උන්ව ඇසුරු කරනවා. උන්ගෙන් හොද කොලිටි කෝක් ටිකක් හම්බුනාම ගහනවා. පාටියකට කතාකලාම ගිහින් සිංදු කියනවා.

    අමල් කොයිම වෙලාවකවත් සදාචාරවාදී වැල්බයිලා කියන චරිතයක් නෙමෙයි. ඒ එලිය සහ අදුර තමයි එයාගෙ ඇත්ත පෞරුෂය . මං අමල්ට කැමති මේ නොදැමුනු බවත් එක්කයි. ඒ හඩ එන්නෙ ඒ ජීවිතේ ඇතුලෙන්. මිනීමැරුම්වලට පාතාල ගනුදෙනු වලට වැරදිකාර මදූශ් හිරේ යවන්න ඕන. කෝක් ටිකක් ගැහුවට ඌත් එක්ක පාටියක හිටියට හිතුවක්කාර අමල්ව ඇතුලට දාන්න ඕනද?
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කෝක් ටිකක් ගැහුවට ඌත් එක්ක පාටියක හිටියට හිතුවක්කාර අමල්ව ඇතුලට දාන්න ඕනද?

    එක ඇත්ත යාලුවා අපිත් දැකලා තියෙනවා පාටි වලදී අනිත්අය බොනකොට කොක් බෝතලේ ඉවර් කරන අයව .එයාලා අරක්කු බොන්නේ නැති උනාට කොක් නම් බොනවා
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    උන් තුන්දෙනා කුඩු ඩීලර්ස්ලා නෙවෙයි.ඔතන ඉන්න හැම එකාම කුඩු ජාවාරම් කරන අය නෙවෙයි වෙන්න පුලුවන්.යාලුකමට සල්ලි වලට ගිය ගොබිලෝ.ලංකාවේ ඉන්න නිලි බඩුත් කුඩු ඩීලර්ස්ලා එක්ක ඉන්නේ උන්ගෙන් සල්ලි ගන්න.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    උන් තුන්දෙනා කුඩු ඩීලර්ස්ලා නෙවෙයි.ඔතන ඉන්න හැම එකාම කුඩු ජාවාරම් කරන අය නෙවෙයි වෙන්න පුලුවන්.යාලුකමට සල්ලි වලට ගිය ගොබිලෝ.ලංකාවේ ඉන්න නිලි බඩුත් කුඩු ඩීලර්ස්ලා එක්ක ඉන්නේ උන්ගෙන් සල්ලි ගන්න.

    සමහර විට ටික් ටෝක් කරන අයගේ මිටප් එකක් වෙන්න බැරිද

    :yes:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,967
    1
    12,309
    113
    අදාළ නෑ නේ
    මට පේන විදියට තෝත් කුඩු ගහලද කොහෙද ඉන්නෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඇයි දැන් එතකොට ඕක අත්අඩංගුවට ගන්න අර සුදු කැස්බෑවා එහෙම ගිහිල්ල හිටියෙ නැද්ද?
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මට පේන විදියට තෝත් කුඩු ගහලද කොහෙද ඉන්නෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අයි දැන් එතකොට ඕක අත්අඩංගුවට ගන්න අර සුදු කැස්බෑවා එහෙම ගිහිල්ල හිටියෙ නැද්ද?

    :rofl:
     

    Similar threads