අමල් පෙරේරා කියන්නෙ ලංකාවෙ ෆ්‍රෑන්ක් සිනාට්‍රා කියල මං අමල්ගෙ ෂෝ එකක් වෙලාවක ලිව්වා. ෆ්‍රෑන්ක් සිනට්‍රා ලෝක පූජිත ගායකයෙක් වගේම චිකාගෝ පාතාලෙත් එක්ක කිට්ටු යාලුකම් තිබුන චරිතයක්. ඒ වගේම සෞන්දර්ය ජීවිතය සහ අනීතික ජීවිතය අතර එහාමෙහා සක්මන් කරපු මිනිහෙක්.
ඇත්තටම සිනාට්‍රා දැවැන්තයෙක් වෙන්නෙ මේ කොන්දේසි විරහිත ජීවිතය හින්දා. අයි ඩිඩ් ඉට් මයි වේ වගේ සිංදුවක ගැබුර තියෙන්නෙ එතන. සිනාට්‍රා මේ පාතාල යාලුකම් තිබුනට මිනීමරන්න ගියේ නෑ. දැන් මාකදුරෙ මදූශ් එක්ක කොකේන් ගගහා හිටපු හින්ද අමල් අත්අඩංගුවට පත්වෙනවා. ලංකාවෙ කලාකාරයො ගොඩක් නඩත්තු වෙන්නෙ මේ වගේ බිස්නස්කාරයො නැත්තං දේශපාලකයන්ගෙ අනුග්‍රහ මත. මේ රටේ ජනතාව ආරටිස්ට්ලව නඩත්තු කරන්නෙ නෑ. එහෙම වත්කමක් නෑ.
අසරන වුන ආර්ටිස්ට්ලගෙ කතාවලින් පත්තර පිටු පිරෙන්නෙ මේ හින්ද. මේ පාතාල ව්‍යාපාරික දේශපාලන පොරවල් ආසයි කලාකාරයො එක්ක පාටි දාන්න. කරට අතදාගෙන ෆොටෝ ගහන්න. ඒ වෙනුවෙන් උන් වියදම් කරනවා. නිදහස්කාමී ජීවිතයක් ජීවිතයක් ගතකරන ඊට පෙම්කරන අමල් ඒ වගේ උන්ව ඇසුරු කරනවා. උන්ගෙන් හොද කොලිටි කෝක් ටිකක් හම්බුනාම ගහනවා. පාටියකට කතාකලාම ගිහින් සිංදු කියනවා.
අමල් කොයිම වෙලාවකවත් සදාචාරවාදී වැල්බයිලා කියන චරිතයක් නෙමෙයි. ඒ එලිය සහ අදුර තමයි එයාගෙ ඇත්ත පෞරුෂය . මං අමල්ට කැමති මේ නොදැමුනු බවත් එක්කයි. ඒ හඩ එන්නෙ ඒ ජීවිතේ ඇතුලෙන්. මිනීමැරුම්වලට පාතාල ගනුදෙනු වලට වැරදිකාර මදූශ් හිරේ යවන්න ඕන. කෝක් ටිකක් ගැහුවට ඌත් එක්ක පාටියක හිටියට හිතුවක්කාර අමල්ව ඇතුලට දාන්න ඕනද?

තව උන් ගෙන් ලැබුණ කොකේන් ටිකක්,හෙරොයින් ටිකක් ගැසුවාටද කමක් නැත. 
( තමන්ගේ දේශපාලනයට සම්බන්ද අයද හැර.. මෙතන නොතිබුනාට ඒකත් එහෙමය. )
අඩෝ කොපි කරනවානම් ලියපු එකාට cradit කරපන් ඩො ...
ලේඛකයා ට හුළන්. මිනිස්සු දැනගන්න එපැයි කවුද මේ විචාරශීලී, බුද්ධිමත්තු කියලා. 
කවුද දන්නෙ නෑ මේ තියරි හදන මහත්තයා.
මෙයා කියන විදියට අමල් ගෙ අඳුරු පැත්තක් තියෙන එක පට්ට. ඉඳල හිටල කෝක් පාරක් දාන එක පට්ට (උඹල අපි බොන කෝක් නෙමෙයි ), ඒකත් තනියම හොරාට නෙවෙයි රටේ කුප්‍රකට මිනීමරුවො, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො එක්ක.
දැන් ඔය තියරිය හරියන්නෙ අමල් ලට විතරද? ඒ කියන්නෙ වෘත්තීයමය කලාකරුවන්ට විතරද? වෘත්තීයමය බැංකුකරුවන්ට,ගුරුවරු,දොස්තර, ඉංජිනේරුවො, දේශපාලකයො වගේ අයට ඇප්ලයි කරන්න බැරිද? එහෙම නැත්තන් ඒ ඔක්කොටම අදාළද? සමහර විට එයාලට ටිකක් සල්ලි තියෙන නිසා(සල්ලි හොයන්න මදුෂ් ල ලඟට යන්න ඕන නැති නිසා) වැරදිලාවත් ඒ වගේ පාටියකට ගියොත් වැරදි ඇති නේද?
ඔබතුමා කියල තියෙන දෙයින් ගන්න පුලුවන් නිගමන කීපයක් තමයි මේ..
1. රටේ ජනතාවට කලාකරුවන් නඩත්තු කිරීමට බැරි නිසා උන් කුඩුකාරයන්,මිනීමරුවන් ට ආතල් සපයා ගානක් හොයාගත්තට කමක් නැත. ඒක පට්ට නෝමල් දෙයකි.තව උන් ගෙන් ලැබුණ කොකේන් ටිකක්,හෙරොයින් ටිකක් ගැසුවාටද කමක් නැත.
2.අමල් ලට සෞන්දර්ය ජීවිතය සහ අනීතික ජීවිතය අතර එහාමෙහා සක්මන් කළ හැකිය. අනිත් අයට නොහැකිය. මේ කොන්දේසි විරහිත ජීවිතය හින්දා අමල් ලට දැවැන්තයෝ විය හැකිය. අනිත් අයට කොන්දේසි විරහිත ජීවිතයක් මේන්ටේන් කර දැවැන්තයෝ වීම තබා මුන්ගෙන් කනක් ඇහිලාවත් ඉන්න නැතිය. නොදැමුණු බවත් එක්ක අමල් පට්ට සුපිරිය. වෙන එකෙක් එහෙම නොදැමුණු විදියට හිටියොත් බුදු සරණය.
3. කෝක් ටිකක් ගැහුවට ඌත් එක්ක පාටියක හිටියට හිතුවක්කාර අමල්ව ඇතුලට දාන්න ඕන නැත. වෙනත් ඕනෑම එකෙක් හිරේ දැමිය යුතුය.( තමන්ගේ දේශපාලනයට සම්බන්ද අයද හැර.. මෙතන නොතිබුනාට ඒකත් එහෙමය. )
මේ විදියට හිතන්න ඉගෙනගත්තෙ කොහොමද බ්‍රෝ? ඔයාල තමයි රට ජාත්‍යන්තරයට ගෙනියන ලක්මව ගේ සුජාත පුත්තු..