අප අන්තවාදීන් ලෙස හංවඩු ගහන්නනම්

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    අප අන්තවාදීන් ලෙස හංවඩු ගහන්නනම්

    dvsaf.jpg








    Q.හලාල් කියන්නේ මොකක්ද? හලාල් ශ්‍රී ලාංකිකයන්ට ඇති කරන බලපෑම මොන වගේද?

    මේ හලාල් ප්‍රශ්නය ලංකාවට පමණක් නොවේ.ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්.ලෝකයේ ගොඩක් රටවල් වලට මුස්ලිම් ආගම අලුතින් ව්‍යාප්ත වන විට හලාල් ප්‍රශ්නය ඇති වෙනවා.මේ සඳහා එක් එක් රටට අදාල ලෙස සංකේත නිර්මාණය කර තියෙනවා.මේ කොයි සහතිකෙත් අරාබි අකුරින් හලාල් කියලා ගහල තියෙනවා.මේ හලාල් සහතිකය ලෝකයට එන බව මීට වසර ගණනාවකට ඉහත දී දේශපාලන විද්වතුන් මත පල කරලා තියෙනවා.හලාල් කියන්නේ වෙන්නේ නැති දෙයක්.එහෙත් වෙන දෙයක්.

    හලාල් කියන වචනයේ තේරුම අල්ලා දෙවියන්ට කැප කල කියන තේරුමයි.හලාල් කිරීමේදී අල්ලහුක්බර් ආදී ලෙස ආගමික පාඨ කියමින් අප සාංඝික කරනවා වගේ දෙවියන්ට කැප කරනවා.මෙතැනදී ඇති වන ගැටලුව තමයි අල්ලා දෙවියන්ට කැප කල,පූජා කල දෙයක් නොයින්දුලෙන් සකසන දානයකට භාවිතා කරන්නේ කොහොමද කියන එකයි.මේක බෞද්ධයාට පමණක් නොව හින්දු කතෝලික හැම ආගමකටම බලපාන දෙයක්.

    ඔවුන්ගේ මතය අනුව සුන්නි මුස්ලිම් වර්ගයා හලාල් කරන ලද දේවල් තමයි මේ යට කන්න පුළුවන්.නැත්නම් හලාල් වෙන්නේ නෑලු.මං අහන්නේ අන්යාගමිකයකු කපන ලද මසක් හලාල් වෙන්නේ නැත්නම් ඔවුන් සාදන බිස්කට් හලාල් වෙන්නේ කොහොමද කියලා.මුස්ලිම් පල්ලි වල උගන්නනවා හලාල් ලාංඡනය නැති භාදු ගන්න එපා කියලා.ලංකාවේ මුස්ලිම් ලබ්දිකයන් ඉන්නේ 9%යි.ඒ 9%ක් වූ මුස්ලිම් ලබ්දිකයන්ට හලාල් පරිභෝජනය කරන්න ඕනේ කියලා උනන්දු කල පමණින් 91%ක් වන අන්‍යාගමික භක්තිකයන්ට හලාල් කවන එකඅසාධාරණයි.

    මේ තත්වය දිහා ජනපති,අග්‍රාමාත්‍ය ඇතුළු සිංහල බෞද්ධ නායකයන් නිහඬව බලා ඉන්නවානම අසාදාරණයි.සිංහල බෞද්ධයන් ඇතුළු සියලු ආගමික භක්තිකයන් අසරණ කරන වැඩපිළිවෙලක් තමා මේ හලාල් කියන්නේ.හලාල් කිරීම මගින් මේ ය අනන්‍යතාවයක් ඇති කරගන්නවා.මේ අල්ලාගෙන් ලැබුණු දේවල් කියලා.හලාල් වගේම මේ ය උත්සාහ කරනවා අල්ලාට සම්බන්ද පෞරාණික තැන තියනවා කියලා සංස්කෘතික මතයක් ගොඩනගන්න.

    Q.ඒ ගැන විස්තරාත්මකව කලොත්?

    දැන් කූරගල විහාරයට වෙලා තියෙන්නේ ඒකයි.බලන්ගොඩ කූරගල විහාරය කියන්නේ ඓතිහාසික ගල් ලෙන් දහස් ගණනින් යුත් සිද්ධස්ථානයක්.මේ බෞද්ධ සිද්ධස්ථානයේ පෞරාණික බුදු පිළිම,දාගැබ් සුනු විසුනු කරලා දාපු ඉදිකිරීම් තහනම් කියලා පුරාවිද්‍යාත්මක දැන්වීම් පුවරු පමණක් තියෙන ලොකු සිද්ධස්ථානයක්.මෙහි දැන් හැම තැනම ලනු ඇදලා.හඬයි තරුයි තියෙන කොළ පාට කොඩි ආදී දෙකෙන් දෙකට එල්ලලා.මේ කොඩි වැල් යට ඉස්ලාම් ධර්මය කියවෙන මධ්‍යස්ථාන ඉදිකරලා.ඉස්ලාම් මිනිස්සුන්ගේ ව්‍යාපාරික ස්ථාන ඉදිකරලා.මෙය බුදුන් වහන්සේ 500ක් රහතුන් වහන්සේලා සමග දිවා විහරණය කල ස්ථානයක්.පුලස්ති ඍෂීන් භාවනා කරපු උමග පිහිටි ස්ථානයක්.මේ උමගේ අල්ලාගෙ එලිය තියනවා.උමගාවසානයේ පහළ ඇත්තේ ස්වර්ගය යයි මේ ය ප්‍රකාශ කරනවා.මෙය අපට නඩුවකින් අයිති උණු තැනක්.මෙතන වැඩ වාසය කලේ කතරගම සිරිරතන හාමුදුරුවෝ.ඒ හාමුදුරුවෝ අභිරහස් ආකාරයට අපවත් උනා.

    Q.මේ සිදුවීම් වලට වගකිව යුතු පාර්ශවය දක්වන්නේ කෙබඳු ප්‍රතිචාරයකද?

    අද අපිට කූරගල පුදබිමේ අයිතිය ලබාදෙන්න කෙනෙකු නෑ.රජය මේ අරගල ඉදිරියේ මුනිවත රකිනවා.ඒ මත ප්‍රශ්න ව්‍යාප්ත වෙනවා.අපි බලාපොරොත්තු වන සිංහල නායකත්වය අපට අද අහිමි වී තියෙනවා.මේ හැම දේකටම වග කියන්න ඕනේ රජයේ බුද්ධි අංශ කියලා මම පෙන්නා දෙනවා.ලෝකයේ ඕනෑම රටක අනාගතය ගැන වග කියන්නේ එරට රජයේ බුද්ධි අංශයයි.මේ අයට බලය ලබා දී තියෙන්නේ රටේ ඒකීය බලය බෙදෙන යමක් තැනක සිදුවෙනවානම් ඒ ගැන හොයන්න.ත්‍රස්තවාදයක් බිහිවෙනවා නම් ඒ ගැන හොයන්න.හලාල් අහවල් දවසේ එනවා කියලා ඔවුන් කියනවද?යුද්ධයෙන් මුදාගත් ඇතැම් ප්‍රදේශ වල බෞද්ධ වෙහාර විහාර විනාශයට ඇතැම් මුස්ලිම් පිරිත් කටයුතු කරන බව ඔවුන් දැනුවත් කලාද?බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා හෙව්වද?ඒ එක යුතුකමක්වත් ඉටු වූ බවක් නම් පෙනෙන්නට නෑ.

    දළදා මාලිගාවට,කතරගම දේවාලයට,අටමස්තානයට අයිති ඉඩම් ටික හොරෙන් මුස්ලිම් ජාතිකයන්ට පවරනවා.විහාර දේවාල ගම ආඥාපනතේ තියනවා බෞද්ධ සිද්ධස්ථාන වලට අයිති ඉඩම් අන්‍යාගමිකයන්ට තබා එම ආගමිකයනට පවා පවරා දිය නොහැකි බව.ඒ උනාට බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවේ බුද්ධ ශාසන අමාත්‍යවරයා මේ වෙනකොට දින 4යි රාජකාරී කරලා තියෙන්නේ.

    ඊළඟ භයානකම ප්‍රශ්නය තමයි පන්සල් ලියාපදිංච් කිරීමේ ක්‍රමයක් ඇති කරලා තියනවා.එය විහාර දේවාල ගම ආඥා පනතට කිසිම සම්බන්දයක් නෑ.එම ආඥා පනතේ කොහෙවත් සඳහන් නෑ පන්සල් ලියාපදිංචි කරන්න කියාලා.අපේ දහම අපේ තැන අරාජික වෙන්නේ,අරාජික කරන්නේ ජිහාඩ් බලපෑම මතයි.

    Q.බෞද්ධාගම අරාජික වන්නේ ජිහාඩ් බලපෑම මත යැයි පවසන්නේ ඇයි?

    මෙහිදී ජිහාඩ් සංවිධානයේ බලපෑම ඇති වන්නේ මෙලෙසයි.ජිහාඩ් මුදල් අප ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ලේකම් වරුන්ට කොමසාරිස්වරුන්ට ලැබෙන ක්‍රම තියනවා.ජිහාඩ් නුවන මේ අයට යොදවනවා.යොදලා අපේ තියන තියන සිද්ධස්ථාන සහ බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව විනාස කරනවා.ඒ නිසයි අපේ හාමුදුරුවරු පාරට බහින්නේ.ආරුගම්බේ සම්බෝධි විහාරය,දීගවාපිය අද මේ තත්වයට මුහුණ දී තිබෙනවා.මුහුදුමහාවිහාර්යේ ධර්මශාලාව ඉදිකරන්න හදනකොට අනවසර ඉදිකිරීමක් කියලා තහනම් කළා.එත් එහි ඉඩමක පල්ලියකට අත්තිවාරම දාලා තියනවා.අක්කර 260ක මුහුදු මහා විහාරය ගැසට් කරන විට අක්කර 30ත අඩු උනා.මේවාට එරෙහි වන විට අප බෞද්ධ අන්තවාදීන් ලෙස හංවඩු ගහනවා.

    Q.මේ තත්වයට බෞද්ධයන්ට එරෙහි වීම සඳහා සිංහලයන් තුල ඇති පෙළඹවීම කොහොමද?

    ජනතාව තුල මේ වන විට මේ පිළිබඳව විශාල උනන්දුවක් ඇති වී සහ ඇති වෙමින් පවතිනවා.අපට,බෞද්ධයන්ට මේ අසාධාරණය කියන්න කිසි තැනක් නෑ.නමුත් අප අපට සිදුවන ගැටළු ගැන පැවසීමේදී අප අන්තවාදීන් ලෙස හංවඩු ගහන්නනම් භාහුතරයක් ඉන්නවා.

    (2013.03.27 දින "අද පුවත්පතින්" උපුටා ගැනුනි )
     
    Last edited:
    • Like
    Reactions: SuperX

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    හලාල්
    කුර ගල
    අසාදාරණයක් නෙ :yes: ඉතින් මෙවාට විරුද්දව පෙල ගැසෙන්න ඔන

    දැන් රටේ වෙන්නේ ඊට වඩා අන්තවාදි වැඩ නෙමෙයිද..අපි උන්ට වඩා අන්තවාදි වෙලා වගේ නේද..:dull:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    2010 - 2013 රටේ වහබ්වාදයට රාජ්‍ය අනුග්‍රහය උපරිමයෙන්ම ලැබුණු සමය