අප ගාවට කලින් එන්නේ නුඹ ලඟට
තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුණේ
නුඹේ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ
මා ඔය දිගේ නුඹේ මඩ සෝදා හැරලා
පොල්බොඩ කිතුල්බොඩ නුඹ වෙනුවෙන් හොයලා
ලද සොච්චමට වැඩියෙන් දහදුක් විඳලා
අපේ දුක සැප බැලුවේ නුඹේ කුස ගිනි නිවලා
බත්පත ඉදෙන විට පින් දුන්නේ නුඹට
බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට
ආවෝත් අප්පච්චි ආයෙත් අපේ ලොවට
අප ගාවට කලින් එන්නේ නුඹ ලඟට
තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුණේ
නුඹේ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ
මා ඔය දිගේ නුඹේ මඩ සෝදා හැරලා
පොල්බොඩ කිතුල්බොඩ නුඹ වෙනුවෙන් හොයලා
ලද සොච්චමට වැඩියෙන් දහදුක් විඳලා
අපේ දුක සැප බැලුවේ නුඹේ කුස ගිනි නිවලා
බත්පත ඉදෙන විට පින් දුන්නේ නුඹට
බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට
ආවෝත් අප්පච්චි ආයෙත් අපේ ලොවට
අප ගාවට කලින් එන්නේ නුඹ ලඟට