අබ්දුල්_කලාම් මිය යයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    අබ්දුල්_කලාම් මිය යයි

    'මිසයිල මිනිසා' දිවියෙන් සමුගනියි

    මිසයිල මිනිසා ලෙස විරුදාවලිය ලත් ඉන්දිය හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා ඊයේ රාත‍්‍රි අභාවප‍්‍රාප්ත වුණා. ඒ, මෙගාලය පළාතේ ෂිලෝන්ග් නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක දේශනයක් පවත්වමින් සිටින අතරතුරදියි.

    හදිසියේ රෝගාතුර වු අබ්දුල් කලාම් මහතා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ. මරණයට හේතුව හෘදයාබාධයක් බව වෛද්‍යවරුන් ප‍්‍රකාශ කර තිබෙනවා.

    2002 වසරේ සිට වසර 5ක කාලයක් ජනාධිපති ධුරය හෙබ වූ අබ්දුල් කලාම් මහතා ඉන්දියාවේ 11වන ජනාධිපතිවරයායි.

    1931 වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා ඉන්දියාවේ රාමේෂ්වරන් හී සාමාන්‍ය පවුලක උපත ලැබු අබ්දුල් කලාම් මිය යන විට 84 වැනි වියේ පසුවුණා. න්‍යෂ්ටික තාක්ෂණය පිළිබඳ තමන් සතුව තිබු දැනුමෙන් ඉන්දියාව ලොව රටවල් අතරින් වඩාත් ඉහලින් ඔසවා තැබීමට අබ්දුල් කලාම් සමත්වුණා.

    ඒනිසා ඔහු මිසයිල මිනිසා ලෙස හඳුන්වනු ලැබුවා. 1981 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබු ඔහු 1990 වසරේදී පද්ම විභූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබුවා. එමෙන්ම 1997 වසරේ දී කලාම් භාරත රත්න සම්මානයෙන් පුද ලැබුවා.

    1992 වසරේ ජුලි මාසයේ සිට 1999 වසරේ දෙසැම්බර් මාසය දක්වා අබ්දුල් කලාම් මහතා ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළා.

    1974 වසරේදී ඉන්දියාව විසින් ආරම්භ කරනු ලැබු පොක්රාන් - II න්‍යෂ්ඨික අත්හදා බැලීම සඳහා අබ්දුල් කලාම් සිය ඉහල දායකත්වයක් ලබා දුන්නා.
    ඒ 1998 වසරේ මුල් භාගයේදියි. ඊට අමතරව අග්නි සහ පෘථිවි මිසයිල ව්‍යාපෘතින් සඳහා ද අබ්දුල් කලාම් මහතා සිය දායකත්වය ලබාදුන්නා.

    ශ‍්‍රී ලංකාවේ පැවති බලශක්ති සංරක්‍ෂණය සම්බන්ධයෙන් වන විශේෂ දේශනයකට ද අබ්දුල් කලාම් මහතා ඉකුත් ජුනි මාසයේ දී ශ‍්‍රී ලංකාවට පැමිණියා.


    ab-300x190.png

     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ මනුස්සයා නැති වුනාද? :shocked:
    ලන්කාවට එද්දිත් හොඳ ශරිර සුවයකින් හිටියනෙ.... :( :(

    සමාජ සේවය වෙනුවෙන් වඩාත් යහපත් භවයක් ලැබෙත්වා.... :) :)
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මේ මනුස්සයා නැති වුනාද? :shocked:
    ලන්කාවට එද්දිත් හොඳ ශරිර සුවයකින් හිටියනෙ.... :( :(

    සමාජ සේවය වෙනුවෙන් වඩාත් යහපත් භවයක් ලැබෙත්වා.... :) :)

    aa halo i know u :P
     

    Similar threads