ලොවපුරා බොහෝදෙනෙකු අතර අතිශය ජනප්‍රිය කීර්තිමත් රාජ්‍ය නායකයෙකු වූ වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ තත්ත්වය අතිශය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ මහතා වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව හදිසියේ ජාතිය ඇමතූ වත්මන් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හිටපු අගමැතිගේ තත්ත්වය අතිශය බරපතළ බව තහවුරු කර තිබේ.
අදාළ වෙඩි ප්‍රහාරය එල්ලකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජපානයේ සමුද්‍රාරක්ෂක බලකායේ සාමාජිකයෙකු ව සිට විශ්‍රාම ලත් 41 හැවිරිදි පුද්ගලයෙකි.
වැඩිදුර විමර්ශනවලදී සැකකරු පවසා ඇත්තේ, ෂින්සෝ අබේගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පවතින අතෘප්තිමත්භාවය හේතුවෙන් මෙසේ ඔහු ඝාතනය කිරීමට උත්සාහ කළ බවය.
ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මේ වෙඩි ප්‍රහාරයට ලක්වුණේ නාරා හි වීථියක දේශනයක් පවත්වමින් සිටියදීය.
67 හැවිරිදි ෂින්සෝ අබේ වෙත පිටුපස සිට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර තිබුණි.
ඉන් එක් වෙඩිල්ලක් වැදී තිබුණේ ඔහුගේ පිට ප්‍රදේශයටය.
අනතුරුව හිටපු අගමැතිවරයා ඇදවැටී ඇති අතර ඔහු ඉන් පසු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ලේ වගුරුවමින් සිහිසුන්ව සිටි අගමැතිවරයා කඩිනමින් රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණේ හෙලිකොප්ටර් යානයක් යොදාගනිමිනි.
මේ අතර ඇතැම් ජපන් වාර්තාවල දැක්වුණේ අගමැතිවරයාගේ හෘද ස්පන්දනය නැවතී ඇති බවය.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෙඩි ප්‍රහාරය එල්ල කළ පසු සැකකරු පලායාමට තැත්කර නොමැති බවය.
ෂින්සෝ අබේ සැලකෙන්නේ වැඩිම කාලයක් ජපාන අග්‍රාමාත්‍යධුරය ධුරය දැරූ පුද්ගලයා ලෙසය.
2006 වසරේදී බලයට පත් ඔහු 2020 වසර දක්වා අගමැතිවරයා ලෙස රාජකාරි කර ඉල්ලා අස්වූයේ අයපහත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි.
නිවැරැදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් හා වැදගත් රාජතාන්ත්‍රික සබඳතා ගොඩනගාගනිමින් ජපානය සාර්ථකත්වය කරා ගෙනයාම සම්බන්ධයෙන් ඔහු ලොවපුරා කීර්තියට පත්ව සිටී.