Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අභයගිරි විහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභයගිරි විහාරය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ පිළිගත් මතය වන්නේ එය වළගම්බාහු රජු විසින් නිර්මාණය කරන ලද්දක් වන බවයි. මහාවංශයේ ඒ බව සඳහන් ව තිබේ. දීපවංශයේ දී ද ඒ බව සඳහන් ව තිබේ. අභයගිරි විහාරය නිර්මාණය කරනු ලැබූවේ වළගම්බාහු රජු විසින් ද යන්න පිළිබඳව වංශකථා ආශ්රයෙන් මදක් සාකච්ඡා කළ යුතු ය.

ඒ අනුව අපට සැලකිල්ලට ගත හැකි ප්‍රධාන වංශකථා දෙක වන්නේ දීපවංශය සහ මහාවංශය යි. මින් මහාවංශය දීපවංශයට වඩා අළුත් ය. බොහෝ දුරට මේ දෙක අතර පරතරය වසර 100 ක් පමණ හෝ ඊට වැඩි වේ. මේ වංශකථා දෙකම අවසන් වන්නේ එකම රාජ්‍ය කාලයක් ගැන විස්තර කරමිනි. එසේවීත් බැලූබැල්මට දීපවංශය මහාවංශයට වඩා යම් යම් කරුණුවලදී පිළිගත හැකි කරුණු ඉදිරිපත් කර ඇති බව පෙනී යයි. කෙසේවෙතත් ඒ ගැන මෙහිදී මා සාකච්ඡා නොකරමි.

අභයගිරි විහාරය සම්බන්ධයෙන් වන විට දීපවංශයේ 19 වන පරිච්ඡේදය වැදගත් වේ. එහි අභයගිරි විහාරය ගැන සඳහන් ය. මේ පරිච්ඡේදය සම්බන්ධයෙන් වන විට එහි ඉංග්‍රීසි පරිවර්ථක හර්මන් ඔලන්බර්ග් කියන්නේ එම පරිච්ඡේදය ඉතා ගැටළුකාරී වන බවයි. එය ඔබට ද දීපවංශය කියවන විට පෙනී යනු ඇත. විශේෂයෙන් ම අභයගිරි විහාරය සම්බන්ධයෙන් වන විට දී මෙය ඉතා වැදගත් වේ.

අභයගිරි විහාරය සම්බන්ධයෙන් වන විට අභය යන නම වැදගත් වේ. වංශකථාවට අනුව වළගම්බාහු රජුට පෙර අභය නමින් හැඳින් වූ රජවරුන් දෙදෙනකු ලංකාවේ රාජ්‍ය පාලනය කරයි. ඒ පණ්ඩුක අභය සහ දුට්ඨගාමිණී අභය ය. වළගම්බාහු රජු ද අභය වේ. ඒ බව සිත්හි දරාගෙන දැන් අපි දීපවංශයේ 19 වන පරිච්ඡේදයේ අදාළ පරිච්ඡේදයට යොමු වෙමු.

එහි 1 සිට 10 දක්වා ගාථාවල දුටුගැමුණු රජු විසින් සිදු කළ කර්මාන්ත ගැන සඳහන් වේ. ඉන්පසුව 11 සිට 14 දක්වා ගාථාවල දැක්වෙන්නේ දුටුගැමුණු රජුට සම්බන්ධ නොවන කථාවක් ය. 14 වන ගාථාවේ දී කියන්නේ ගිරි නම් වූ නිඝණ්ඨයා සිටි ස්ථානයේ විහාරයක් සකස් කරනු ලැබූ බවත් එය අභයගිරි නම් වූ බවත් ය. 15 - 16 ගාථාවේ දී කියන්නේ ද්‍රවිඩයන් පස් දෙනකු ලංකාව පාලනය කළ බවත් ඉන් අවසන් පාලකයා වූ දාඨිකයා මරා දමා සද්ධාතිස්සගේ පුත්‍රයා වූ වළගම්බා රාජ්‍ය ලබා ගත් බවයි. නැවතත් 17 ගාථාවේ දී කියන්නේ ශිලාථූපයටත් චේතියටත් අතරේ අභයගිරිය ඔහු විසින් නිර්මාණය කළ බවයි. එතැන් පටන් 21 ගාථාව දක්වා ගාථා වල දැක්වෙන්නේ වළගම්බාහු රජුගේ සෙනෙවියන් සිදු කළ කාර්යයන් ය.

නැවතත් 21 ගාථාවේ දී කාකවණ්ණ රජුගේ පුත්‍රයා වන මහතිස්ස ගැන සඳහන් වේ. 23 ගාථාවේ දී දීපවංශය විසින් දුට්ඨගාමිණී අභය රජුගේ මරණය වාර්තා කරයි.

23 ගාථාවෙන් පසුව 20 පරිච්ඡේදය ඇරඹේ. ඒ පරිච්ඡේදය ද ඉහත පරිදි ගැටළුකාරී බවක් පෙන්වයි. නමුත් 19 පරිච්ඡේදය පිළිබඳව ආපසු කථා කළ යුතු ව ඇත.

දීපවංශය ඔබ මේ වන විට කියවා ඇත්නම් එහි පෙළ ව්‍යවහාරය ගැන දැනුමක් ඇතැයි සිතමි. පෙර කී 19 පරිච්ඡේදය ගමන් කරන්නේ ස්වභාවික ව්‍යවාහරය අනුව නොවේ. දුටුගැමුණු ගැන කථා කරගෙන යන දීපවංශකතාකරු එක්වරම වළගම්බා වෙත ගොස් ආපසු දුටුගැමුණු වෙත පැමිණෙයි. ඉන්පසුව ආපසු පිළිවෙලට වළගම්බා වෙතට එයි. එය ස්වභාවිකව පෙළින් බාහිර ක්‍රියාවකි. ඒ බාහිර ක්‍රියාව සිදු වන්නේ අභයගිරිය එම ස්ථානයට පැමිණීම නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. දුටුගැමුණුගේ රාජ්‍ය කාලය ගැන කථා කරද්දී අභයගිරිය ද කරළියට පැමිණෙයි. නමුත් දීපවංශකතාකරුවා එහි නිර්මාපකයා දුටුගැමුණු යැයි කියන්නේ නැත. ඒ වෙනුවට එහි නිර්මාපකයා වළගම්බා යැයි කියයි. අභයගිරියෙන් පසුව ආපසු දුටුගැමුණු ගැන කථා කරයි. දීපවංශකතාකරු විසින් අභයගිරියේ නියම නිර්මාපකයා කව්දැයි දැන, එය සැඟවීමට උපායක් ලෙසින් මේ 19 පරිච්ඡේදය ව්‍යාකූල කර ඇති බවට මෙනිසා මතයක් පල කළ හැකි වේ. මෙහිදී අභය යන නම සිහිතබා ගැනීම වැදගත් ය. මේ සෑම තැනකදී ම අභය නමින් වංශකථාව පුද්ගල නම හඳුන්වා දෙයි.

දීපවංශයේ පෙර කී ගාථාවලදී අභයගිරි නම සැකසෙන්නේ ගිරි නම් නිඝණ්ඨයා සිටි ස්ථානය නිසාවෙන් බව කියයි. වංශකතාවට අනුව පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර නගරය නිර්මාණය කරද්දී නොයෙක් ජාතී, ආගම්වලට අදාළ තැනැත්තන් සඳහා වෙන වෙනම ස්ථාන සකස් කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. නිඝණ්ඨයින් සඳහා ද ස්ථානයක් අනුරාධපුරයේ ඒ අනුව පණ්ඩුකාභය රජු විසින් සකස් කර තිබිණි. පණ්ඩුකාභයගේ කාලයේ ලංකාවේ බුදු දහම රාජ්‍ය අනුග්‍රහය සහිතව ව්‍යාප්තව පැවැති බවට සාක්ෂි නැත. දැන් මේ පණ්ඩුකාභය දීපවංශයේ සඳහන් පළමු අභය වේ. ඒ අභය විසින් බුදුදහමට අදාළව කටයුතු සිදු කළ බවක් ගැන වංශකතාවේ සඳහන් නොවන නිසා මේ 19 වන පරිච්ඡේදයට පැමිණෙන විට ඉන්නා අභය සහ අභයගිරි විහාරය සකස් කළ අභය, පණ්ඩුකාභය නොවේ.

එසේ වන විට අපිට ඉතිරිවන්නේ අභයවරුන් දෙදෙනෙකි. ඒ දුට්ඨගාමිණී අභය සහ වට්ටගාමිණී අභය ය. මෙ දෙදෙනාගේ ම කාලසීමාවල ද්‍රවිඩ පාලනය අනුරාධපුරයේ තිබිණි. වංශකථාවට අනුව එළාරගේ කාලය අවුරුදු 44 කි. ද්‍රවිඩයන් පස් දෙනාගේ කාලය ඊට අඩු ය. එළාරගේ කාලයේ දී අනුරාධපුරයේ පැවැති පාලනය සිංහලයන් පවා අනුමත කළ අවස්ථා පිළිබඳව වංශකථාවේ දැක් වේ. එසේම එළාරගේ කාලය වන විට අනුරාධපුරයේ මහාවිහාරය පවා තිබිණි. නමුත් වංශකතාව කියවන විට එළාරගේ පාලනය තුළ බෞද්ධ වෙහෙර විහාර විනාශ කිරීම් ද සිදුවු බව සඳහන් වේ. කෙසේවෙතත් එළාරගෙන් දුට්ඨගාමිණී අභය පාලනය ලබා ගත් පසු එතෙක් පිරිහී ගිය සසුන නගා සිටුවීමේ කර්තව්‍ය ඇරඹිනි. ඒ අනුව මහාවිහාරය ඇතුළු බොහෝ විහාර (මහාවංශයට අනුව නම් සිය දහස් ගණනක්) දුට්ඨගාමිණී අභය රජු විසින් කරවා ඇත. ඒ විහාර මොනවාදැයි මහාවංශය හෝ දීපවංශය විසින් නම් වශයෙන් විස්තර නොකරයි. ඒ කුමන හේතුවෙන් ද යන්න පැහැදිලි නොවේ. නමුත් පෙර කී දීපවංශයේ වියවුල අනුව අභයගිරි විහාරයත් මේ කාලයේ දී නිර්මාණය වන්නට ඇති බවට සිතිය හැක. දීපවංශය ද මහාවිහාරය මුල් කරගනිමින් රචිත කෘතියකි. ඒ අනුව එහි 19 වන පරිච්ඡේදයේ දී අභයගිරි විහාරය සකස් කිරීමේ සටහනට අදාළ වන්නේ වට්ඨගාමිණී අභය නොව දුට්ඨගාමිණී අභය බව ද සිතීමට හැකියාව ඇත. කෙසේවෙතත් මහාවිහාරයට, දුට්ඨගාමිණී අභය රජුට ඒ ගෞරවය ලබා දීමේ හැකියාවක් නොතිබෙන්නට ඇත්තේ ක්‍රි.ව. 4, 5 සියවස්වන විට දෙපාර්ශ්වය අතර ඇති වුන ගැටීම යැයි සිතීම සාධාරණ ය.

ඉහතින් කී 14 වන ගාථාව අනුව අභයගිරි යන නම සකස්වීම සඳහා ගිරි නිඝණ්ඨයාගේ නම ද හේතුවක් වේ. බෞද්ධ වෙහෙර විහාර මධ්‍යයේ නිඝණ්ඨයෙකුගේ නමක් සම්බන්ධ කරමින් විහාරයකට නමක් තබාවි යැයි ඔබ සිතනවා ද? ගිරි යන නම කන්ද යන්න සඳහා ද භාවිතා කරන බව මෙහිදී සිහිපත් කර ගත යුතු ය. ඒ අනුව මෙහිදී අභයගිරි යන නම කන්ද යන අර්ථයෙන් භාවිතා කරන්නට ඇතැයි සිතීම සාධාරණ බව මගේ අදහසයි. ඒ අනුව දීපවංශය විසින් වක්‍රාකාරයෙන් මේ කියන්නේ දුට්ඨගාමිණී අභය විසින් අභයකන්ද නැත්නම් අභයගිරි විහාරය කළ බව ද? එය ස්ථූපය නිසාවෙන් අභයගිරි නම් වූ බව සිතීමට අපහසු ය.

අපි ආපසු පෙර කී 17 වන ගාථාවට යොමුවුවහොත් ඉංග්‍රීසි පරිවර්තනයට අනුව එහිදී කියන්නේ ශිලාථූපයටත් චේතියටත් අතරේ අභයගිරිය කළ බව වේ. නමුත් එය ඉහත ඡේදයේ දැක්වූ කරුණ අනුව පිලිගැනීමට අපහසු ය. මෙහි පාලි පාඨය පහත පරිදි වේ.

අභයගිරිම් පතිත්තපේසි සිලාථූපම් චේතියම් අන්තරේ

මෙහි විහාරයක් ගැන සඳහනක් නැත. ඉංග්‍රීසි පරිවර්තනයේ දී මැද ලෙසින් හැඳින්වූවද පාලි පාඨය අනුව මැදින් අභයගිරිය සකස් කරන ලද බව සෘජුව පෙන්වා දිය නොහැක. කෙසේවෙතත් මෙහි දැක්වෙන ආකාරයට චෛත්‍යයක් සකස් කර තිබීමක් වාර්තා වේ.

සරලව ගත්විට දීපවංශයේ 19 වන පරිච්ඡේදය අපට කියවිය හැක්කේ අභයගිරි විහාරය එක් අභය රජකුත් එහි චෛත්‍යය තවත් අභය රජකුත් සිදු කළ ලෙසිනි. එසේ වන්නේ නම් ඒ මුල් අභය රජු දුට්ඨගාමිණී අභය මිස වට්ඨගාමිණී අභය නොවේ. එසේම දෙවැනි අභය වට්ඨගාමිණී අභය මිස දුට්ඨගාමිණී අභයත් නොවේ.

ඒ කෙසේවෙතත් දීපවංශයේ 19 වන පරිච්ඡේදය තුළදී අභයගිරිය මුල් කරගනිමින් වෙනත් නිකායක් පැවතුන බවට කරුණු දක්වන්නේ නැත. ඒ පිළිබඳව වාර්තා වන්නේ ඉන් පසු කාලයේදී ය.

[QUOTE="hpalpola, post: 27225812, member: 321413"] [SIZE=4]අභයගිරි විහාරය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ පිළිගත් මතය වන්නේ එය වළගම්බාහු රජු විසින් නිර්මාණය කරන ලද්දක් වන බවයි. මහාවංශයේ ඒ බව සඳහන් ව තිබේ. දීපවංශයේ දී ද ඒ බව සඳහන් ව තිබේ. අභයගිරි විහාරය නිර්මාණය කරනු ලැබූවේ වළගම්බාහු රජු විසින් ද යන්න පිළිබඳව වංශකථා ආශ්රයෙන් මදක් සාකච්ඡා කළ යුතු ය. ඒ අනුව අපට සැලකිල්ලට ගත හැකි ප්‍රධාන වංශකථා දෙක වන්නේ දීපවංශය සහ මහාවංශය යි. මින් මහාවංශය දීපවංශයට වඩා අළුත් ය. බොහෝ දුරට මේ දෙක අතර පරතරය වසර 100 ක් පමණ හෝ ඊට වැඩි වේ. මේ වංශකථා දෙකම අවසන් වන්නේ එකම රාජ්‍ය කාලයක් ගැන විස්තර කරමිනි. එසේවීත් බැලූබැල්මට දීපවංශය මහාවංශයට වඩා යම් යම් කරුණුවලදී පිළිගත හැකි කරුණු ඉදිරිපත් කර ඇති බව පෙනී යයි. කෙසේවෙතත් ඒ ගැන මෙහිදී මා සාකච්ඡා නොකරමි.[/SIZE] [SIZE=4]අභයගිරි විහාරය සම්බන්ධයෙන් වන විට දීපවංශයේ 19 වන පරිච්ඡේදය වැදගත් වේ. එහි අභයගිරි විහාරය ගැන සඳහන් ය. මේ පරිච්ඡේදය සම්බන්ධයෙන් වන විට එහි ඉංග්‍රීසි පරිවර්ථක හර්මන් ඔලන්බර්ග් කියන්නේ එම පරිච්ඡේදය ඉතා ගැටළුකාරී වන බවයි. එය ඔබට ද දීපවංශය කියවන විට පෙනී යනු ඇත. විශේෂයෙන් ම අභයගිරි විහාරය සම්බන්ධයෙන් වන විට දී මෙය ඉතා වැදගත් වේ. අභයගිරි විහාරය සම්බන්ධයෙන් වන විට අභය යන නම වැදගත් වේ. වංශකථාවට අනුව වළගම්බාහු රජුට පෙර අභය නමින් හැඳින් වූ රජවරුන් දෙදෙනකු ලංකාවේ රාජ්‍ය පාලනය කරයි. ඒ පණ්ඩුක අභය සහ දුට්ඨගාමිණී අභය ය. වළගම්බාහු රජු ද අභය වේ. ඒ බව සිත්හි දරාගෙන දැන් අපි දීපවංශයේ 19 වන පරිච්ඡේදයේ අදාළ පරිච්ඡේදයට යොමු වෙමු. එහි 1 සිට 10 දක්වා ගාථාවල දුටුගැමුණු රජු විසින් සිදු කළ කර්මාන්ත ගැන සඳහන් වේ. ඉන්පසුව 11 සිට 14 දක්වා ගාථාවල දැක්වෙන්නේ දුටුගැමුණු රජුට සම්බන්ධ නොවන කථාවක් ය. 14 වන ගාථාවේ දී කියන්නේ ගිරි නම් වූ නිඝණ්ඨයා සිටි ස්ථානයේ විහාරයක් සකස් කරනු ලැබූ බවත් එය අභයගිරි නම් වූ බවත් ය. 15 - 16 ගාථාවේ දී කියන්නේ ද්‍රවිඩයන් පස් දෙනකු ලංකාව පාලනය කළ බවත් ඉන් අවසන් පාලකයා වූ දාඨිකයා මරා දමා සද්ධාතිස්සගේ පුත්‍රයා වූ වළගම්බා රාජ්‍ය ලබා ගත් බවයි. නැවතත් 17 ගාථාවේ දී කියන්නේ ශිලාථූපයටත් චේතියටත් අතරේ අභයගිරිය ඔහු විසින් නිර්මාණය කළ බවයි. එතැන් පටන් 21 ගාථාව දක්වා ගාථා වල දැක්වෙන්නේ වළගම්බාහු රජුගේ සෙනෙවියන් සිදු කළ කාර්යයන් ය. නැවතත් 21 ගාථාවේ දී කාකවණ්ණ රජුගේ පුත්‍රයා වන මහතිස්ස ගැන සඳහන් වේ. 23 ගාථාවේ දී දීපවංශය විසින් දුට්ඨගාමිණී අභය රජුගේ මරණය වාර්තා කරයි. 23 ගාථාවෙන් පසුව 20 පරිච්ඡේදය ඇරඹේ. ඒ පරිච්ඡේදය ද ඉහත පරිදි ගැටළුකාරී බවක් පෙන්වයි. නමුත් 19 පරිච්ඡේදය පිළිබඳව ආපසු කථා කළ යුතු ව ඇත. දීපවංශය ඔබ මේ වන විට කියවා ඇත්නම් එහි පෙළ ව්‍යවහාරය ගැන දැනුමක් ඇතැයි සිතමි. පෙර කී 19 පරිච්ඡේදය ගමන් කරන්නේ ස්වභාවික ව්‍යවාහරය අනුව නොවේ. දුටුගැමුණු ගැන කථා කරගෙන යන දීපවංශකතාකරු එක්වරම වළගම්බා වෙත ගොස් ආපසු දුටුගැමුණු වෙත පැමිණෙයි. ඉන්පසුව ආපසු පිළිවෙලට වළගම්බා වෙතට එයි. එය ස්වභාවිකව පෙළින් බාහිර ක්‍රියාවකි. ඒ බාහිර ක්‍රියාව සිදු වන්නේ අභයගිරිය එම ස්ථානයට පැමිණීම නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. දුටුගැමුණුගේ රාජ්‍ය කාලය ගැන කථා කරද්දී අභයගිරිය ද කරළියට පැමිණෙයි. නමුත් දීපවංශකතාකරුවා එහි නිර්මාපකයා දුටුගැමුණු යැයි කියන්නේ නැත. ඒ වෙනුවට එහි නිර්මාපකයා වළගම්බා යැයි කියයි. අභයගිරියෙන් පසුව ආපසු දුටුගැමුණු ගැන කථා කරයි. දීපවංශකතාකරු විසින් අභයගිරියේ නියම නිර්මාපකයා කව්දැයි දැන, එය සැඟවීමට උපායක් ලෙසින් මේ 19 පරිච්ඡේදය ව්‍යාකූල කර ඇති බවට මෙනිසා මතයක් පල කළ හැකි වේ. මෙහිදී අභය යන නම සිහිතබා ගැනීම වැදගත් ය. මේ සෑම තැනකදී ම අභය නමින් වංශකථාව පුද්ගල නම හඳුන්වා දෙයි. දීපවංශයේ පෙර කී ගාථාවලදී අභයගිරි නම සැකසෙන්නේ ගිරි නම් නිඝණ්ඨයා සිටි ස්ථානය නිසාවෙන් බව කියයි. වංශකතාවට අනුව පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර නගරය නිර්මාණය කරද්දී නොයෙක් ජාතී, ආගම්වලට අදාළ තැනැත්තන් සඳහා වෙන වෙනම ස්ථාන සකස් කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. නිඝණ්ඨයින් සඳහා ද ස්ථානයක් අනුරාධපුරයේ ඒ අනුව පණ්ඩුකාභය රජු විසින් සකස් කර තිබිණි. පණ්ඩුකාභයගේ කාලයේ ලංකාවේ බුදු දහම රාජ්‍ය අනුග්‍රහය සහිතව ව්‍යාප්තව පැවැති බවට සාක්ෂි නැත. දැන් මේ පණ්ඩුකාභය දීපවංශයේ සඳහන් පළමු අභය වේ. ඒ අභය විසින් බුදුදහමට අදාළව කටයුතු සිදු කළ බවක් ගැන වංශකතාවේ සඳහන් නොවන නිසා මේ 19 වන පරිච්ඡේදයට පැමිණෙන විට ඉන්නා අභය සහ අභයගිරි විහාරය සකස් කළ අභය, පණ්ඩුකාභය නොවේ. එසේ වන විට අපිට ඉතිරිවන්නේ අභයවරුන් දෙදෙනෙකි. ඒ දුට්ඨගාමිණී අභය සහ වට්ටගාමිණී අභය ය. මෙ දෙදෙනාගේ ම කාලසීමාවල ද්‍රවිඩ පාලනය අනුරාධපුරයේ තිබිණි. වංශකථාවට අනුව එළාරගේ කාලය අවුරුදු 44 කි. ද්‍රවිඩයන් පස් දෙනාගේ කාලය ඊට අඩු ය. එළාරගේ කාලයේ දී අනුරාධපුරයේ පැවැති පාලනය සිංහලයන් පවා අනුමත කළ අවස්ථා පිළිබඳව වංශකථාවේ දැක් වේ. එසේම එළාරගේ කාලය වන විට අනුරාධපුරයේ මහාවිහාරය පවා තිබිණි. නමුත් වංශකතාව කියවන විට එළාරගේ පාලනය තුළ බෞද්ධ වෙහෙර විහාර විනාශ කිරීම් ද සිදුවු බව සඳහන් වේ. කෙසේවෙතත් එළාරගෙන් දුට්ඨගාමිණී අභය පාලනය ලබා ගත් පසු එතෙක් පිරිහී ගිය සසුන නගා සිටුවීමේ කර්තව්‍ය ඇරඹිනි. ඒ අනුව මහාවිහාරය ඇතුළු බොහෝ විහාර (මහාවංශයට අනුව නම් සිය දහස් ගණනක්) දුට්ඨගාමිණී අභය රජු විසින් කරවා ඇත. ඒ විහාර මොනවාදැයි මහාවංශය හෝ දීපවංශය විසින් නම් වශයෙන් විස්තර නොකරයි. ඒ කුමන හේතුවෙන් ද යන්න පැහැදිලි නොවේ. නමුත් පෙර කී දීපවංශයේ වියවුල අනුව අභයගිරි විහාරයත් මේ කාලයේ දී නිර්මාණය වන්නට ඇති බවට සිතිය හැක. දීපවංශය ද මහාවිහාරය මුල් කරගනිමින් රචිත කෘතියකි. ඒ අනුව එහි 19 වන පරිච්ඡේදයේ දී අභයගිරි විහාරය සකස් කිරීමේ සටහනට අදාළ වන්නේ වට්ඨගාමිණී අභය නොව දුට්ඨගාමිණී අභය බව ද සිතීමට හැකියාව ඇත. කෙසේවෙතත් මහාවිහාරයට, දුට්ඨගාමිණී අභය රජුට ඒ ගෞරවය ලබා දීමේ හැකියාවක් නොතිබෙන්නට ඇත්තේ ක්‍රි.ව. 4, 5 සියවස්වන විට දෙපාර්ශ්වය අතර ඇති වුන ගැටීම යැයි සිතීම සාධාරණ ය. ඉහතින් කී 14 වන ගාථාව අනුව අභයගිරි යන නම සකස්වීම සඳහා ගිරි නිඝණ්ඨයාගේ නම ද හේතුවක් වේ. බෞද්ධ වෙහෙර විහාර මධ්‍යයේ නිඝණ්ඨයෙකුගේ නමක් සම්බන්ධ කරමින් විහාරයකට නමක් තබාවි යැයි ඔබ සිතනවා ද? ගිරි යන නම කන්ද යන්න සඳහා ද භාවිතා කරන බව මෙහිදී සිහිපත් කර ගත යුතු ය. ඒ අනුව මෙහිදී අභයගිරි යන නම කන්ද යන අර්ථයෙන් භාවිතා කරන්නට ඇතැයි සිතීම සාධාරණ බව මගේ අදහසයි. ඒ අනුව දීපවංශය විසින් වක්‍රාකාරයෙන් මේ කියන්නේ දුට්ඨගාමිණී අභය විසින් අභයකන්ද නැත්නම් අභයගිරි විහාරය කළ බව ද? එය ස්ථූපය නිසාවෙන් අභයගිරි නම් වූ බව සිතීමට අපහසු ය. අපි ආපසු පෙර කී 17 වන ගාථාවට යොමුවුවහොත් ඉංග්‍රීසි පරිවර්තනයට අනුව එහිදී කියන්නේ ශිලාථූපයටත් චේතියටත් අතරේ අභයගිරිය කළ බව වේ. නමුත් එය ඉහත ඡේදයේ දැක්වූ කරුණ අනුව පිලිගැනීමට අපහසු ය. මෙහි පාලි පාඨය පහත පරිදි වේ. [/SIZE] [CENTER][SIZE=4]අභයගිරිම් පතිත්තපේසි සිලාථූපම් චේතියම් අන්තරේ[/SIZE][/CENTER] [SIZE=4] මෙහි විහාරයක් ගැන සඳහනක් නැත. ඉංග්‍රීසි පරිවර්තනයේ දී මැද ලෙසින් හැඳින්වූවද පාලි පාඨය අනුව මැදින් අභයගිරිය සකස් කරන ලද බව සෘජුව පෙන්වා දිය නොහැක. කෙසේවෙතත් මෙහි දැක්වෙන ආකාරයට චෛත්‍යයක් සකස් කර තිබීමක් වාර්තා වේ. සරලව ගත්විට දීපවංශයේ 19 වන පරිච්ඡේදය අපට කියවිය හැක්කේ අභයගිරි විහාරය එක් අභය රජකුත් එහි චෛත්‍යය තවත් අභය රජකුත් සිදු කළ ලෙසිනි. එසේ වන්නේ නම් ඒ මුල් අභය රජු දුට්ඨගාමිණී අභය මිස වට්ඨගාමිණී අභය නොවේ. එසේම දෙවැනි අභය වට්ඨගාමිණී අභය මිස දුට්ඨගාමිණී අභයත් නොවේ. ඒ කෙසේවෙතත් දීපවංශයේ 19 වන පරිච්ඡේදය තුළදී අභයගිරිය මුල් කරගනිමින් වෙනත් නිකායක් පැවතුන බවට කරුණු දක්වන්නේ නැත. ඒ පිළිබඳව වාර්තා වන්නේ ඉන් පසු කාලයේදී ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom