අභයගිරි විහාරය

hpalpola

Well-known member
  • අභයගිරි විහාරය

    බුද්ධඝෝෂ භික්ෂුව පිළිබඳව කතා කිරීමේ දී අභයගිරි විහාරය ගැන කතා නොකර ම බැරිය. එනිසා මෙහිදී ඒ සම්බන්ධයෙන් ද කෙටි අවධානයක් යොමු කිරීමට සිතමි.

    චූලවංශයට අනුව රේවත තෙරුන්ගේ පැවරීම පරිදි බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පැමිණෙන්නේ ඒ වන විට මහා විහාරයේ ව්‍යවහාරව පවතින හෙළ අටුවා ව මගධ භාෂාවට පෙරලීම සඳහා ය. එය චූලවංශයේ පැහැදිලිව දක්වා තිබේ. බහුතරයක් දෙනා හට පිරිසිඳු බුද්ධ ධර්මය ගැන අවබෝධයක් ලබා ගැනීමට ඉන් අවකාශය සැලසෙන බව රේවත තෙරුන් විශ්වාස කළ බව පෙනේ. මුහුද මැද දී බුද්ධඝෝෂ භික්ෂුවට ඒ වන විට ලංකාවේ සිට ආපසු ඉන්දියාව බලා යාත්‍රා කරන බුද්ධදත්ත භික්ෂුව ද හමු ⁣වූ බව බුද්ධඝෝසුප්පත්තියෙහි දැක් වේ. ඒ බුද්ධදත්ත භික්ෂුව විසින් තමුන් ද බුද්ධඝෝෂ භික්ෂුව කිරීමට ගිය ක්‍රියාව ම කිරීමට උත්සාහ කළත් වයස්ගත භාවය නිසා නිම කිරීමට නොහැකි වීම හේතුවෙන් ආපසු යන බවට පවසනු ලැබිණි. එහිදී බුද්ධදත්ත භික්ෂුව කියන්නේ තමුන් ට අට්ඨකතාව සහ ඨික පොත් හමු නොවූ බවයි. උන්වහන්සේ මේ අනුව අට්ඨකතාව සහ ඨික මගධයට පෙරලන ලෙසින් බුද්ධඝෝෂ භික්ෂුවට ආරාධනා කර සිටී. මේ අනුව රේවත තෙරුන් බුද්ධඝෝෂ භික්ෂුවට පැවරූ කාර්යය ඉන් පෙර සිටම අරඹා තිබූ කාර්යයක් බවත් එය නිෂ්ටාවට පත්ව නොතිබූ බවත් පැහැදිලි ය. බුද්ධදත්ත භික්ෂුව කොටසක් අවසන් කර තිබී ඇත.

    එසේම චූලවංශයට අනුව ලංකාවේ බුදුදහම ගැන තවත් වැදගත් කරුණක් මින් අනාවරණය වේ. රේවත තෙරනුවෝ ලංකාවට යෑමේ අවශ්‍යතාව පැහැදිලි කරද්දි ඒ වන විට ලංකාවේ පවතින බුද්ධ ධර්මය පිළිබඳව ද හැඳින්වීමක් කරයි. ධම්මසංගායනාවලදී මහතෙරවරුවන් සංගායනා කළ ධර්මය මහින්ද මහතෙරනුවන් විසින් ලංකාවට රැගෙන යාමෙන් පසුව සිංහල බසින් පවතින බවත් එය මගධයට පෙරලන ලෙසත් එහිදී උපදෙස් දෙයි. ඒ අනුව ලංකාවේ මේ වන සිංහල බසින් ධර්මය පවතී.

    මේ අනුව බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පැමිණ මහා විහාරයට සම්බන්ධ වෙයි. ඉන්පසුව මහා විහාර සම්ප්‍රදාය අනුව යමින් විශුද්ධිමාර්ගය ප්‍රථ⁣මයෙන් රචනා කරන අතර පසුව අට්ඨ කතා පරිවර්තනය කරයි. මේ කාර්යය අවසන් කොට ආපසු ජම්බුදීපයට යෑමට සූදානම් වන විට සිදු වූ දෙයක් ගැන බුද්ධඝෝසුප්පත්තියෙහි සඳහන් වේ. ඒ අනුව නැව් නැගීමට යන බුද්ධඝෝෂ භික්ෂුවට ලංකාවේ වාසය කරන භික්ෂූන්වහන්සේලා කොටසක් විසින් මේ භික්ෂුව සංස්කෘත ගැන දැනුමක් නොමැති අයෙකැයි උපහාස කරයි. ඒ අනුව සංස්කෘත භාෂාවෙන් ද භික්ෂූන්වහන්සේලා මෙන්ම උපාසක උපාසිකාවන්ගෙන් ද පිරුණු මහා සභාවක් මැද ධර්ම දේශනයක් පැවැත්වීමට කටයුතු කරයි. එයින් භික්ෂූන්වහන්සේලා මෙන්ම රැස්ව සිටි ජනයා ද මහත් සතුටට පත්ව තිබේ.

    මේ කථාව අනුව ක්‍රි.ව. 5 වන සියවස වන විට ලංකාවේ සංස්කෘත බුද්ධ වචනය තේරුම් ගැනීමට හැකි ජන කොටසක් සිටි බව පැහැදිලි ය. එසේම සංස්කෘත බුදු දහම දැන සිටි භික්ෂූන්වහන්සේලා පිරිසක් සිටි බව ද පැහැදිලි ය. නමුත් මේ භික්ෂූන්වහන්සේලා මහා විහාරික භික්ෂූන්වහන්සේලා නොවේ. මහා විහාරික භික්ෂූන්වහන්සේලා සිංහල බසින් බුද්ධ වචනය පවත්වා ගෙන ආ පිරිසක් වූ අතර තෙවන ධර්මසංගායනාවේ දී සම්මත කර ගත් ධර්මය පුහුණු කළ පිරිසක් විය. ථෙරවාදීන් බවට ඔවුන් හැඳින්වුනේ එහෙයිනි. එසේ නම් මේ සංස්කෘත බසින් ධර්මය පවත්වාගෙන ගිය භික්ෂූන්වහන්සේලා කවුරුහු ද? ඔවුන් නම් අභයගිරිවාසී භික්ෂූන්වහන්සේලා ය. මන්දයත් ඒ වන විට මහා විහාරයට තරඟයක් ලෙසින් පැවතුනේ අභයගිරි විහාරය වන නිසාවෙනි.

    ඒ අනුව ක්‍රි.ව. 5 වන සියවස වන විට අභයගිරි විහාරය මුල් කර ගනිමින් සංස්කෘත බුද්ධ ධර්මය ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පැවතුන බව ද පෙනී යයි.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සතුටුයි මේ වගේ ත්‍රෙඩ් දාන්න හිතෙන එක ගැන.නගර්ජුනගේ පොත් කියවන්න.බ්රෝහියර්ගේ,පාහියන් බික්ෂුවගේ ලේකන අද්‍යනය කරලා,මහා වංශය ,චුල වංශය අද්‍යනය කරලා විතරක් අපට් උනේ මොකක්ද කියල තේරෙන්නේ නෑ.කියන්න ගිය ඉතිරි ටික ඕන නෑ.ගිල ගත්ත.
     

    hpalpola

    Well-known member
  • අභයගිරි විහාරය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ පිළිගත් මතය වන්නේ එය වළගම්බාහු රජු විසින් නිර්මාණය කරන ලද්දක් වන බවයි. මහාවංශයේ ඒ බව සඳහන් ව තිබේ. දීපවංශයේ දී ද ඒ බව සඳහන් ව තිබේ. අභයගිරි විහාරය නිර්මාණය කරනු ලැබූවේ වළගම්බාහු රජු විසින් ද යන්න පිළිබඳව වංශකථා ආශ්‍රයෙන් මදක් සාකච්ඡා කළ යුතු ය.

    ඒ අනුව අපට සැලකිල්ලට ගත හැකි ප්‍රධාන වංශකථා දෙක වන්නේ දීපවංශය සහ මහාවංශය යි. මින් මහාවංශය දීපවංශයට වඩා අළුත් ය. බොහෝ දුරට මේ දෙක අතර පරතරය වසර 100 ක් පමණ හෝ ඊට වැඩි වේ. මේ වංශකථා දෙකම අවසන් වන්නේ එකම රාජ්‍ය කාලයක් ගැන විස්තර කරමිනි. එසේවීත් බැලූබැල්මට දීපවංශය මහාවංශයට වඩා යම් යම් කරුණුවලදී පිළිගත හැකි කරුණු ඉදිරිපත් කර ඇති බව පෙනී යයි. කෙසේවෙතත් ඒ ගැන මෙහිදී මා සාකච්ඡා නොකරමි.


    * මෙම ලිපිය සඳහා මා පාවිච්චි කර ඇත්තේ හර්මන් ඔලන්බර්ග්ගේ ඉංග්‍රීසි දීපවංශය යි. වංශකථා සම්බන්ධයෙන් වන විට වත්මන් සිංහල පරිවර්තන භාවිතා කිරීමට මා පුද්ගලිකව යොමු නොවන්නෙමි. ඒවායේ නොසෑහෙන දෝෂ ඇත්තේ ය. ඊට වඩා පාලි වංශකතාව සහ ඉංග්‍රීසි වංශකතාව දෝෂවලින් තොරය.

    අභයගිරි විහාරය සම්බන්ධයෙන් වන විට දීපවංශයේ 19 වන පරිච්ඡේදය වැදගත් වේ. එහි අභයගිරි විහාරය ගැන සඳහන් ය. මේ පරිච්ඡේදය සම්බන්ධයෙන් වන විට එහි ඉංග්‍රීසි පරිවර්ථක හර්මන් ඔලන්බර්ග් කියන්නේ එම පරිච්ඡේදය ඉතා ගැටළුකාරී වන බවයි. එය ඔබට ද දීපවංශය කියවන විට පෙනී යනු ඇත. විශේෂයෙන් ම අභයගිරි විහාරය සම්බන්ධයෙන් වන විට දී මෙය ඉතා වැදගත් වේ.

    අභයගිරි විහාරය සම්බන්ධයෙන් වන විට අභය යන නම වැදගත් වේ. වංශකථාවට අනුව වළගම්බාහු රජුට පෙර අභය නමින් හැඳින් වූ රජවරුන් දෙදෙනකු ලංකාවේ රාජ්‍ය පාලනය කරයි. ඒ පණ්ඩුක අභය සහ දුට්ඨගාමිණී අභය ය. වළගම්බාහු රජු ද අභය වේ. ඒ බව සිත්හි දරාගෙන දැන් අපි දීපවංශයේ 19 වන පරිච්ඡේදයේ අදාළ පරිච්ඡේදයට යොමු වෙමු.

    එහි 1 සිට 10 දක්වා ගාථාවල දුටුගැමුණු රජු විසින් සිදු කළ කර්මාන්ත ගැන සඳහන් වේ. ඉන්පසුව 11 සිට 14 දක්වා ගාථාවල දැක්වෙන්නේ දුටුගැමුණු රජුට සම්බන්ධ නොවන කථාවක් ය. 14 වන ගාථාවේ දී කියන්නේ ගිරි නම් වූ නිඝණ්ඨයා සිටි ස්ථානයේ විහාරයක් සකස් කරනු ලැබූ බවත් එය අභයගිරි නම් වූ බවත් ය. 15 - 16 ගාථාවේ දී කියන්නේ ද්‍රවිඩයන් පස් දෙනකු ලංකාව පාලනය කළ බවත් ඉන් අවසන් පාලකයා වූ දාඨිකයා මරා දමා සද්ධාතිස්සගේ පුත්‍රයා වූ වළගම්බා රාජ්‍ය ලබා ගත් බවයි. නැවතත් 17 ගාථාවේ දී කියන්නේ ශිලාථූපයටත් චේතියටත් අතරේ අභයගිරිය ඔහු විසින් නිර්මාණය කළ බවයි. එතැන් පටන් 21 ගාථාව දක්වා ගාථා වල දැක්වෙන්නේ වළගම්බාහු රජුගේ සෙනෙවියන් සිදු කළ කාර්යයන් ය.

    නැවතත් 21 ගාථාවේ දී කාකවණ්ණ රජුගේ පුත්‍රයා වන මහතිස්ස ගැන සඳහන් වේ. 23 ගාථාවේ දී දීපවංශය විසින් දුට්ඨගාමිණී අභය රජුගේ මරණය වාර්තා කරයි.

    23 ගාථාවෙන් පසුව 20 පරිච්ඡේදය ඇරඹේ. ඒ පරිච්ඡේදය ද ඉහත පරිදි ගැටළුකාරී බවක් පෙන්වයි. නමුත් 19 පරිච්ඡේදය පිළිබඳව ආපසු කථා කළ යුතු ව ඇත.

    දීපවංශය ඔබ මේ වන විට කියවා ඇත්නම් එහි පෙළ ව්‍යවහාරය ගැන දැනුමක් ඇතැයි සිතමි. පෙර කී 19 පරිච්ඡේදය ගමන් කරන්නේ ස්වභාවික ව්‍යවාහරය අනුව නොවේ. දුටුගැමුණු ගැන කථා කරගෙන යන දීපවංශකතාකරු එක්වරම වළගම්බා වෙත ගොස් ආපසු දුටුගැමුණු වෙත පැමිණෙයි. ඉන්පසුව ආපසු පිළිවෙලට වළගම්බා වෙතට එයි. එය ස්වභාවිකව පෙළින් බාහිර ක්‍රියාවකි. ඒ බාහිර ක්‍රියාව සිදු වන්නේ අභයගිරිය එම ස්ථානයට පැමිණීම නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. දුටුගැමුණුගේ රාජ්‍ය කාලය ගැන කථා කරද්දී අභයගිරිය ද කරළියට පැමිණෙයි. නමුත් දීපවංශකතාකරුවා එහි නිර්මාපකයා දුටුගැමුණු යැයි කියන්නේ නැත. ඒ වෙනුවට එහි නිර්මාපකයා වළගම්බා යැයි කියයි. අභයගිරියෙන් පසුව ආපසු දුටුගැමුණු ගැන කථා කරයි. දීපවංශකතාකරු විසින් අභයගිරියේ නියම නිර්මාපකයා කව්දැයි දැන, එය සැඟවීමට උපායක් ලෙසින් මේ 19 පරිච්ඡේදය ව්‍යාකූල කර ඇති බවට මෙනිසා මතයක් පල කළ හැකි වේ. මෙහිදී අභය යන නම සිහිතබා ගැනීම වැදගත් ය. මේ සෑම තැනකදී ම අභය නමින් වංශකථාව පුද්ගල නම හඳුන්වා දෙයි.

    දීපවංශයේ පෙර කී ගාථාවලදී අභයගිරි නම සැකසෙන්නේ ගිරි නම් නිඝණ්ඨයා සිටි ස්ථානය නිසාවෙන් බව කියයි. වංශකතාවට අනුව පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුර නගරය නිර්මාණය කරද්දී නොයෙක් ජාතී, ආගම්වලට අදාළ තැනැත්තන් සඳහා වෙන වෙනම ස්ථාන සකස් කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. නිඝණ්ඨයින් සඳහා ද ස්ථානයක් අනුරාධපුරයේ ඒ අනුව පණ්ඩුකාභය රජු විසින් සකස් කර තිබිණි. පණ්ඩුකාභයගේ කාලයේ ලංකාවේ බුදු දහම රාජ්‍ය අනුග්‍රහය සහිතව ව්‍යාප්තව පැවැති බවට සාක්ෂි නැත. දැන් මේ පණ්ඩුකාභය දීපවංශයේ සඳහන් පළමු අභය වේ. ඒ අභය විසින් බුදුදහමට අදාළව කටයුතු සිදු කළ බවක් ගැන වංශකතාවේ සඳහන් නොවන නිසා මේ 19 වන පරිච්ඡේදයට පැමිණෙන විට ඉන්නා අභය සහ අභයගිරි විහාරය සකස් කළ අභය, පණ්ඩුකාභය නොවේ.

    එසේ වන විට අපිට ඉතිරිවන්නේ අභයවරුන් දෙදෙනෙකි. ඒ දුට්ඨගාමිණී අභය සහ වට්ටගාමිණී අභය ය. මෙ දෙදෙනාගේ ම කාලසීමාවල ද්‍රවිඩ පාලනය අනුරාධපුරයේ තිබිණි. වංශකථාවට අනුව එළාරගේ කාලය අවුරුදු 44 කි. ද්‍රවිඩයන් පස් දෙනාගේ කාලය ඊට අඩු ය. එළාරගේ කාලයේ දී අනුරාධපුරයේ පැවැති පාලනය සිංහලයන් පවා අනුමත කළ අවස්ථා පිළිබඳව වංශකථාවේ දැක් වේ. එසේම එළාරගේ කාලය වන විට අනුරාධපුරයේ මහාවිහාරය පවා තිබිණි. නමුත් වංශකතාව කියවන විට එළාරගේ පාලනය තුළ බෞද්ධ වෙහෙර විහාර විනාශ කිරීම් ද සිදුවු බව සඳහන් වේ. කෙසේවෙතත් එළාරගෙන් දුට්ඨගාමිණී අභය පාලනය ලබා ගත් පසු එතෙක් පිරිහී ගිය සසුන නගා සිටුවීමේ කර්තව්‍ය ඇරඹිනි. ඒ අනුව මහාවිහාරය ඇතුළු බොහෝ විහාර (මහාවංශයට අනුව නම් සිය දහස් ගණනක්) දුට්ඨගාමිණී අභය රජු විසින් කරවා ඇත. ඒ විහාර මොනවාදැයි මහාවංශය හෝ දීපවංශය විසින් නම් වශයෙන් විස්තර නොකරයි. ඒ කුමන හේතුවෙන් ද යන්න පැහැදිලි නොවේ. නමුත් පෙර කී දීපවංශයේ වියවුල අනුව අභයගිරි විහාරයත් මේ කාලයේ දී නිර්මාණය වන්නට ඇති බවට සිතිය හැක. දීපවංශය ද මහාවිහාරය මුල් කරගනිමින් රචිත කෘතියකි. ඒ අනුව එහි 19 වන පරිච්ඡේදයේ දී අභයගිරි විහාරය සකස් කිරීමේ සටහනට අදාළ වන්නේ වට්ඨගාමිණී අභය නොව දුට්ඨගාමිණී අභය බව ද සිතීමට හැකියාව ඇත. කෙසේවෙතත් මහාවිහාරයට, දුට්ඨගාමිණී අභය රජුට ඒ ගෞරවය ලබා දීමේ හැකියාවක් නොතිබෙන්නට ඇත්තේ ක්‍රි.ව. 4, 5 සියවස්වන විට දෙපාර්ශ්වය අතර ඇති වුන ගැටීම යැයි සිතීම සාධාරණ ය.

    ඉහතින් කී 14 වන ගාථාව අනුව අභයගිරි යන නම සකස්වීම සඳහා ගිරි නිඝණ්ඨයාගේ නම ද හේතුවක් වේ. බෞද්ධ වෙහෙර විහාර මධ්‍යයේ නිඝණ්ඨයෙකුගේ නමක් සම්බන්ධ කරමින් විහාරයකට නමක් තබාවි යැයි ඔබ සිතනවා ද? ගිරි යන නම කන්ද යන්න සඳහා ද භාවිතා කරන බව මෙහිදී සිහිපත් කර ගත යුතු ය. ඒ අනුව මෙහිදී අභයගිරි යන නම කන්ද යන අර්ථයෙන් භාවිතා කරන්නට ඇතැයි සිතීම සාධාරණ බව මගේ අදහසයි. ඒ අනුව දීපවංශය විසින් වක්‍රාකාරයෙන් මේ කියන්නේ දුට්ඨගාමිණී අභය විසින් අභයකන්ද නැත්නම් අභයගිරි විහාරය කළ බව ද? එය ස්ථූපය නිසාවෙන් අභයගිරි නම් වූ බව සිතීමට අපහසු ය.

    අපි ආපසු පෙර කී 17 වන ගාථාවට යොමුවුවහොත් ඉංග්‍රීසි පරිවර්තනයට අනුව එහිදී කියන්නේ ශිලාථූපයටත් චේතියටත් අතරේ අභයගිරිය කළ බව වේ. නමුත් එය ඉහත ඡේදයේ දැක්වූ කරුණ අනුව පිලිගැනීමට අපහසු ය. මෙහි පාලි පාඨය පහත පරිදි වේ.

    අභයගිරිම් පතිත්තපේසි සිලාථූපම් චේතියම් අන්තරේ

    මෙහි විහාරයක් ගැන සඳහනක් නැත. ඉංග්‍රීසි පරිවර්තනයේ දී මැද ලෙසින් හැඳින්වූවද පාලි පාඨය අනුව මැදින් අභයගිරිය සකස් කරන ලද බව සෘජුව පෙන්වා දිය නොහැක. කෙසේවෙතත් මෙහි දැක්වෙන ආකාරයට චෛත්‍යයක් සකස් කර තිබීමක් වාර්තා වේ.

    සරලව ගත්විට දීපවංශයේ 19 වන පරිච්ඡේදය අපට කියවිය හැක්කේ අභයගිරි විහාරය එක් අභය රජකුත් එහි චෛත්‍යය තවත් අභය රජකුත් සිදු කළ ලෙසිනි. එසේ වන්නේ නම් ඒ මුල් අභය රජු දුට්ඨගාමිණී අභය මිස වට්ඨගාමිණී අභය නොවේ. එසේම දෙවැනි අභය වට්ඨගාමිණී අභය මිස දුට්ඨගාමිණී අභයත් නොවේ.

    ඒ කෙසේවෙතත් දීපවංශයේ 19 වන පරිච්ඡේදය තුළදී අභයගිරිය මුල් කරගනිමින් වෙනත් නිකායක් පැවතුන බවට කරුණු දක්වන්නේ නැත. ඒ පිළිබඳව වාර්තා වන්නේ ඉන් පසු කාලයේදී ය.
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    sinhala bashaweth pali load words walata wada mata hithenawa sanskrutha loan words thiyenawa kiyala
    pali wachana walata wada sanskrutha wachana lassanai kiyala hithena ekath mata hithenawa oya gatumatama adala karawak kiyla


    ex:- niwana, nibbana, nirwana
    nibbana kiyana pali wachane wadiya bawitha wennema naa
    api godak kiyanna purudu wela thiyenne nirwana ho niwana
    maha wihare lankawe orthodoxy eka wela thibbanm ehema wenna widihak naa kiyala mata nm hithenne
     
    Last edited:
    • Like
    Reactions: Walter White

    hpalpola

    Well-known member
  • sinhala bashaweth pali load words walata wada mata hithenawa sanskrutha loan words thiyenawa kiyala
    pali wachana walata wada sanskrutha wachana lassanai kiyala hithena ekath mata hithenawa oya gatumatama adala karawak kiyla


    ex:- niwana, nibbana, nirwana
    nibbana kiyana pali wachane wadiya bawitha wennema naa
    api godak kiyanna purudu wela thiyenne nirwana ho niwana
    maha wihare lankawe orthodoxy eka wela thibbanm ehema wenna widihak naa kiyala mata nm hithenne
    ඔබ හරි. මේ වෙනස තෝරා ගන්න බැරි නිසා තමයි අදටත් බෞද්ධ කියන නම මුල් කරන් අසපු, ආරාම වගේ විවිධ ගුරුකුල හදන් නොයෙක් ආකාරයේ විකාර කරන්නේ. ඒ වගේම ප්‍රායෝගිකව මිනිස්සුන්ට භාවිතා කරන්න බැරි අහන් ඉන්න විතරක් තියෙන බණ කියැවෙන්නේ.
     

    hpalpola

    Well-known member
  • මහාවංශය සහ අභයගිරි විහාරය.

    ඉහතින් අප විසින් දීපවංශය සහ අභයගිරි විහාරය පිළිබඳව කෙටි අදහසක් ලබා ගත්තෙමු. දැන් යොමු වන්නේ මහාවංශය සහ අභයගිරි විහාරය පිළිබඳව කෙටි අදහසක් ලබා ගැනීමට යි. මෙහිදී මා විසින් මූලාශ්‍ර කරගනු ලබන්නේ ගයිගර් මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනයත් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අනුග්‍රහය මත හික්කඩුවේ සුමංගල තෙර හා බටුවන්තුඩාව පණ්ඩිතයන් විසින් කරනු ලැබූ සිංහල පරිවර්තනයත් ය.

    මහාවංශය දීපවංශයට වඩා අළුත් ය. දීපවංශයට වඩා විස්තර ඇතුළත් ය. එසේම විශ්වාසකළ හැකි දේ මෙන්ම විශ්වාස කළ නොහැකි දේ ද ඇතුළත් ය.

    ප්‍රථමයෙන් ම සඳහන් කළ යුත්තක් වන්නේ මහාවංශයේ දී දුට්ඨගාමිණී අභය කාලයේ අභයගිරි විහාරයක් හැදීම ගැන සඳහනක් නොමැති බවයි. කෙසේවෙතත් රජු විසින් කරනු ලැබූ විහාර කර්මාන්ත ගැන එහි සඳහන්ව තිබේ. වැඩිබරක් දී ඇත්තේ මහාථූපයට ය. එසේ තිබියදී 32 වන පරිච්ඡේදයේ මෙසේ දැක් වේ.

    මහරජහු විසින් එකුන්සියයක් විහාරයෝ කරවන ලද්දාහ. ...... මහරජානෙනි මනා බුද්ධි ඇති ඔබ විසින් මහසෑයෙහි ඇතුළ කරවන ලද ගණන් නොකට හැකි සූවිස්සක් හැර සෙසු මහ සෑ කර්මාන්තයෝ කෙළදහසක් අගණහ.

    මෙයින් රජතුමා විසින් නොයෙක් විහාර කර්මාන්තයෝ කරන ලද බව වංශකතාව දක්වා තිබේ. ගැටළුව වන්නේ ඒ කුමන ස්ථානයේ ද යන්න නොදක්වා තිබීමයි. මෙය සැක මුසු තැනකි. දීපවංශයේ පෙර කී ව්‍යාකූලතාවය හා සමාන ම තත්ත්වයක් මෙහිදී ද ඇති බව මගේ අදහසයි. මහාවංශයේ මේ පරිච්ඡේදය ලියන මහානාම භික්ෂුව ද මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධානියෙකි. ඒ වන විට අභයගිරි විහාරය ද මහාවිහාරය හා තරඟකාරී මට්ටමකින් පැවැති විහාරයකි. මට්ටම යනු එකම තරඟකාරී විහාරය විය. එවැනි විටක මහාවංශයේ මහා වීරයා වූ දුටුගැමුණු ට අභය විහාරය නිර්මාණය කිරීමේ ගෞරවය ලබා දීමට මහානාම භික්ෂුවට නොහැකියාවක් තිබුණේ ද?

    මීළඟට ගිරි නිඝණ්ඨයාගේ කෑ ගැසිල්ලට යොමු වෙමු. මහාවංශයේ 33 පරිච්ඡේදයේ දී ඒ පිළිබඳව දැක් වේ. ඒ මෙසේයි.

    යුදයෙහිදී රජතෙමේ පැරැද්දේ රියනැගී තීර්ථකාරාම ද්වාරයෙන් පලායයි. ඒ තීර්ථකාරාමය වනාහි පණ්ඩුකාභය රජ විසින් කරවන ලදුයේ, අනවරතයෙන් එක්විසි රජ කෙනෙකුන් දවස තබන ලද්දේම වීය. පලායන ඒ රජු දැක ගිරි නම් නිගණ්ඨතෙමේ ‘මහාකළු සිංහලයා පලායේ‘යි කියා අතිශයින් හඬගීය. එකල මහරජ ඒ අසා ‘මාගේ මනෝරථය මුදුන් පැමිනිකල මෙහි වෙහෙරක් කරවන්නෙමැ‘යි මෙසේ සිතූයේ ය.

    මහාවංශයට අනුව ගිරි නිඝණ්ඨයා සිටි තීර්ථකාරාමය කරවා ඇත්තේ පණ්ඩුකාභය විසිනි. පණ්ඩුකාභය රජු විසින් නොයෙක් ආගමික විශ්වාසයන්ට අදාළව පූජා ස්ථාන කරවනු ලැබූ බව වංශකතාවේම සඳහන් වේ. කෙසේවෙතත් දුට්ඨගාමිණී රජුගේ රාජ්‍ය කාලය අවසන්වන විටත් එය එහි තිබුනා යැයි ඔබ සිතනවා ද? වංශකතාකරු මේ කියන්නේ වළගම්බා රජු විසින් එතෙක් පැවැති විහාරය විශාල කර තැනීමක් පිළිබඳව නොවේයැයි කිව හැක්කේ ද? එසේම එහි දී තීර්ථකාරාමයේ දොර ගැන විශේෂයෙන් හැඳින්වීමක් කර ඇත්තේ ය. එවැන්නක් වළගම්බා කාලය දක්වා පැවතීමට හැකි ද?

    ඒ කෙසේවෙතත් වළගම්බා රජු වෙස්සගිරිය ආසන්න කැලෑවට පලා ගිය බව මහාවංශයේ සඳහන් වේ. වෙස්සගිරියේ දී රජුට කුත්ථක්කුල මහාතිස්ස ස්වාමීන්වහන්සේ සංග්‍රහ කර ඇත. මාතුවේලඟයට පලා ගොස් සිටියදී ද ආපසු මේ ස්වාමීන්වහන්සේව රජුට හමු ව ඇත. කුම්භිලක තිස්ස නමින් ද පසුව ස්වාමීන්වහන්සේ කෙනකුගේ නමක් වංශකථාවේ දැක් වේ. තවදුරටත් මහාවංශයේ දැක්වෙන්නේ රාජ්‍යත්වයට පත් වූ පසු රජු විසින් නිඝණ්ඨාරාමය කඩා දමා එහි ආරාමයක් කරවා එය තමුන්ට උපකාර කරවූ මහාතිස්ස තෙරුන්ට පිරිවෙන දොළහකින් ද යුතු වූ ආරාමය පූජා කළ බවත්, ගිරි නිඝණ්ඨයා සිටි ස්ථානය සහ අභය රජු විසින් කරවූ නිසා එයට අභයගිරිය විහාරය යැයි නම ඇති වූ බවත් ය. මහාවංශයේ දැක්වෙන ආකාරයට මේ විහාරය කෙරවෙන්නේ මහා විහාරය කරවා වසර 218 කට පසුව වේ.

    මහාවංශයට අනුව වළගම්බා රජුගේ අනුග්‍රාහකත්වය නිසා අභයගිරි විහාරය ඉතා හොඳින් දියුණුවට පත් ව තිබේ.

    අද අපි අභයගිරි විහාරය ගැන කථා කරන්නේ මේ මහාවංශය මූලාශ්‍රය කරගනිමිනි. දීපවංශයේ දී තරම් මහාවංශයේ දී අභයගිරි විහාරය ගැන ගැටළුකාරී සැකමුසු තැන් සඳහන්ව නැත. නමුත් එයින් අභයගිරි විහාරය කරවූයේ වළගම්බා රජු විසිනැයි ස්ථිරව ම කිව නොහැක. මේ පරිච්ඡේදය ලියැවෙන්නේ වළගම්බා රජුගේ මරණයෙනුත් වසර 400 ක පමණ කාලයක් ගතවී ඇති සමයක වන අතර ඒ වන විට මහා විහාරය සහ අභයගිරි විහාරය අතර මතභේදාත්මක තත්ත්වයක් ද මතු ව තිබේ. එවැනි විටක අභයගිරි විහාරයේ නිර්මාණය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වංශකතාකරු විසින් ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කළේ යැයි සිතීමට සාධාරණව නොහැක.

    ඒ කෙසේවෙතත් වළගම්බා රජුගේ කාලයේ දී ලංකාවේ පළමු නිකාය භේදය සිදුවිනි. බුද්ධඝෝෂ භික්ෂුව ගැන කථා කිරීමේ දී මෙය ද වැදගත් වන නිසා දැන් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරමු.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔබ හරි. මේ වෙනස තෝරා ගන්න බැරි නිසා තමයි අදටත් බෞද්ධ කියන නම මුල් කරන් අසපු, ආරාම වගේ විවිධ ගුරුකුල හදන් නොයෙක් ආකාරයේ විකාර කරන්නේ. ඒ වගේම ප්‍රායෝගිකව මිනිස්සුන්ට භාවිතා කරන්න බැරි අහන් ඉන්න විතරක් තියෙන බණ කියැවෙන්නේ.

    ප්‍රායෝගිකත්වයෙන් එහාට ගිහින් දාර්ශනිකත්වය තුල හිරවීමයි, හුදු ආගම කියන සරල පුරුදු වල හිරවීමයි තමා දකින්න තියෙන්නෙ බහුතරයක්. දෙකම අන්තරදායකයි කියන දේ තමා මගේ මතය.

    මමත් ධර්මය ගැන හොයන කාලෙ ගිහින් නැවතුනේ, මෙන්න ක්‍රමය, මෙන්න පාර, මේකයි කල යුත්ත කියලා කෙලින් ප්‍රකාශ කරපු ගුරුවරු ගාව. ඒ නිසා ඔයාගෙ උඩ කතාවට එකඟයි.
     
    • Like
    Reactions: NRTG