අභයාරාමයේ මාධ්‍ය හමුවක්.. විජේදාස ආණ්ඩුවේ පළු අරී.. මිනී කදු ගොඩගැහෙයි කියයි..

elajani

Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය ලබාදුන්නේ ගිවිසුමක් මගින් වන අතර වරාය නගරය ‍පනතක් හරහා චීනයට පවරාදෙන්නට යාම හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානක එකක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

    යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය විකුණද්දීත් තමා එයට විරුද්ධ වූ බව කී රාජපක්ෂ මහතා එහි එක් ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය නැත්තනට නැති වූ බව ද කීවේය.

    විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙ‍සේ ද කීවේය.

    ” අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

    දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි ‍වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි.

    නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි‍යෝද මෙහිදී අදහස් දැක්වීය.
    සක්කිලි ගෝතය
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Where where you when MS -MR failed govt of 52 days? Wijedasa and GLP and others said it was constitutional , but this was not as held by Supreme Court and Constitution clearly stated that . I lost respect to Dr. Wejedasa at that time and will not be misled by him. But there may be some truth in what he says and needs more information and do not trust such opportunists like Dr. Wijedasa Rajapakse
    As I remember the court did not comment about the PM. It was about the dissolution of the Parliament.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    mama koheda ban kunu jeppo gena ahuwe?? mama ahuwe aruge fake ekada kiyala
    කුණු ජෙප්පො නන් ආණ්ඩුවෙන් තහනං කරන්න ඕනෙ. සුමන්තිරන්, විග්නේශ්වරන් කියන්නේ ප්‍රභාකරන් සමරන්න ඕනේ කියලා මොකද ජෙප්පො විජේවීර සමරන හින්දා, ඒත් ජෙප්පො වෙනම රටක් ඉල්ලන්නේ නෑ. To your question, the answer is "null" (I'm not obliged to provide you any proof)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කුණු ජෙප්පො නන් ආණ්ඩුවෙන් තහනං කරන්න ඕනෙ. සුමන්තිරන්, විග්නේශ්වරන් කියන්නේ ප්‍රභාකරන් සමරන්න ඕනේ කියලා මොකද ජෙප්පො විජේවීර සමරන හින්දා, ඒත් ජෙප්පො වෙනම රටක් ඉල්ලන්නේ නෑ. To your question, the answer is "null" (I'm not obliged to provide you any proof)

    ai ban uba apau jeppo genama kiyawanne??
     

    Similar threads