අභ්‍යවකාශ තරගයේ සන්ධිස්ථාන

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අභ්‍යවකාශ තරගයේ සන්ධිස්ථාන

    දෙවන ලෝක යුද්ධය නිම වීමෙන් පසුව සෝවියට් දේශය ප්‍රමුඛ වාමවාදී කඳවුරත් එක්සත් ජනපදය ප්‍රමුඛ ධනවාදී කඳවුරත් නවීන විද්‍යාව හා තාක්ෂණය අතින් එකිනෙකා පරයා නැගී සිටීමට තරගයක යෙදෙනවා. මෙම කාලසීමාව හඳුන්වන්නේ සීතල යුධ සමය ලෙස යි. එම කාලය තුළ දෙපාර්ශවයම නව නිපැයුම් තුළින් ශීඝ්‍ර දියුණුවක් ලබනවා. 1991 වසරේ සෝවියට් දේශය කඩා වැටීමත් සමග සීතල යුද්ධය නිමාවට පත්වෙනවා.
    සීතල යුධ සමය තුළ අමරිකාව හා සෝවියට් සංගමය අභ්‍යවකාශ තරණය හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව මහත් උනන්දුවක් දක්වනවා. අද “ලිස්ට්” තුළින් ඔබ වෙත ගෙන එන්නේ ඔවුන්ගේ එම උත්සාහයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයක් පිළිබඳව යි.
    ප්‍රථම කෘත්‍රීම චන්ද්‍රිකාව Sputnik 1

    N9vbtyyiJ062T8Qp_01.jpg

    Universe Today1957 ඔක්තෝම්බර් 4 වන දා මානව ඉතිහාසයේ ප්‍රථම වරට කෘත්‍රීම චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කරනවා. සෝවියට් සංගමය විසින් එම චන්ද්‍රිකාව Sputnik 1 ලෙස නම් කරනවා. තමන්ට ප්‍රථමව සෝවියට් දේශය විසින් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීම එක්සත් ජනපදයට කළ නිග්‍රහයක් ලෙස එවකට ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් විසින් සිතනවා. ඊට පිළිතුරක් ලෙස ඔහුගේ උපදෙස් මත 1958 දී අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එකතු කර නාසා ආයතනය ගොඩනගනවා.
    පෘතුවියට වැදගත් තොරතුරු රැසක් ස්පුනික් 1 ඔස්සේ සොයාගැනීමට හැකිවෙනවා. වායුගෝලයේ හා අයනගෝලයේ ඝනත්වය, උෂ්ණත්වය වැනි කරුණු අනාවරණය කරගැනීමට හැකි වීම ඒ අතර වෙනවා. මාස තුනක් කක්ෂ ගතව තිබූ චන්ද්‍රිකාව 1958 ජනවාරි 4 වන දා පෘතුවි වායුගෝලයට ඇතුල්වීම හේතුවෙන් ගිනිගෙන කඩාගෙන වැටෙනවා.
    දෙවන චන්ද්‍රිකාව Sputnik 2

    <img tabindex="0" alt="" style="cursor: zoom-in;">
    Getty Imagesසෝවියට් සංගමයේ දෙවන සාර්ථක චන්ද්‍රිකා කක්ෂ ගත කිරීම මාසයකට පමණ පසු, එනම් නොවැම්බර් 3 වන දා සිදුවෙනවා. ප්‍රථම වරට ජීවියෙක් අභ්‍යවකාශ ගත කරන්නේ මෙම අවස්ථාවේ දී යි. ලයිකා නමින් හැඳින්වූ බැල්ලිය යානය තුළට ඇතුළු කර අභ්‍යවකාශ ගත කරනවා. ගුවන් ගත කර පැය කිහිපයකින් අනතුරුව ලයිකා මිය යනවා. දින 162ක් පුරාවට චන්ද්‍රිකාව කක්ෂ ගත කර තැබීමට සෝවියට් විද්‍යාඥයන්ට හැකියාව ලැබෙනවා.
    ඇමරිකානු Explorer 1

    <img tabindex="0" alt="" style="cursor: zoom-in;">
    EarthSkyසෝවියට් සංගමය හා අභ්‍යවකාශ තරණය කිරීමේ තරගයේ යෙදී සිටි එක්සත් ජනපදයේ ප්‍රථම චන්ද්‍රිකාව වන්නේ මෙය යි. බැලස්ටික් මිසයිල පිළිබඳව හමුදා නියෝජිත ආයතනය විසින් 1958 වසරේ ජනවාරි මාසයේ දී Explorer 1 කක්ෂ ගත කරනවා.
    මාස හතරක් තිස්සේ කක්ෂ ගතව තිබෙන Explorer 1 විසින් අභ්‍යවකාශයේ බොහෝ තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරගන්න අතර එහි බැටරි ආරෝපණය අඩපණ වීම හේතුවෙන් කඩාගෙන වැටෙනවා.
    අභ්‍යවකාශය වෙත පළමු මිනිසා රැගෙන ගිය Vostok 1

    <img tabindex="0" alt="" style="cursor: zoom-in;">
    How It Works Magazineදෙපාර්ශවය අතර පැවති අභ්‍යවකාශ තරගයේ දී සෝවියට් දේශය විසින් වාර්තා කළ විශාලම ජයග්‍රහණය ලෙස මෙය හැඳින්විය හැකි යි. 1961 අප්‍රේල් 12 දා Vostok 1 අභ්‍යවකාශ යානාව මඟින් පළමු වරට මිනිසෙක් අභ්‍යවකාශය වෙත රැගෙන යනවා. එලෙස ගමන් කරන්නේ අපි කවුරුත් හොදින් අසා තිබෙන යුරි ගගාරින් නමැති අජටාකාශගාමියා යි.
    ඔහුගේ චාරිකාව සඳහා පැය දෙකක් පමණ වැය වූ අතර ඔහු නිරුපද්‍රිතව පොළව කරා ළඟා වෙනවා. මේ සමගම තරගයේ ප්‍රථමයා බවට පත්වීමට සෝවියට් සංගමයට හැකි වූවත් එය දිගටම රඳවා ගැනීමට තරම් වාසනාවන්ත වන්නේ නෑ.
    ප්‍රථම අැමෙරිකානුවා අභ්‍යවකාශයට රැගෙන ගිය Mercury-Redstone 3

    <img tabindex="0" alt="" style="cursor: zoom-in;">
    Wikipediaරුසියානුවන්ගේ අභ්‍යවකාශ තරණයෙන් මාස කිහිපයකට පසුව නාසා ආයතනය විසින් ප්‍රථම වට අභ්‍යවකාශය සඳහා මිනිසෙකු පිටත් කර හරිනවා. එලෙස අභ්‍යවකාශය තරණය කරන්නේ ඇලන් ශෙෆර්ඩ් නම් අැමෙරිකානුවා යි. ඒ 1961 මැයි 5 දා යි. මේ සිදුවීමත් සමග ඔවුන්ට රුසියානුවන් හා කරට කර සිටීමට හැකියාව ලැබෙනවා.
    ප්‍රථම සඳ ගමන - Apollo 11

    <img tabindex="0" alt="" style="cursor: zoom-in;">
    Wiredමනුෂ්‍යය ඉතිහාසයේ මහා පිම්මක් ලෙස හඳුන්වමින් 1969 ජුලි 16 වන දා නාසා ආයතනය විසින් ප්‍රථම වරට මිනිසුන් රැගත් Apollo 11 යානය සඳ වෙත පිටත් කර හරිනවා. ඔවුන් සඳ මත පා තබන්නේ ඉන් දින හතරකට පසු, එනම් ජූලි 20 වන දා යි.
    නීල් ආර්ම්ස්ට්‍රොන්ග්, මයිකල් කොලින් හා බස් ඕල්ඩ්රින් යන තිදෙනා ගමන් කළ අජටාකාශගාමීන් විය. අැමෙරිකානුවන් විසින් මේ සඳහා විශාල ප්‍රචාරණයක් ලබාදෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම මිනිසා විසින් සඳ තරණය කළේ ද යන්න අදටත් පවතින සැකයක්.
    අැමෙරිකාව විසින් සඳ තරණය කිරීමෙන් පසු සඳට යාමේ අදහස අත්හරින සෝවියට් රජය ඉන්පසුව සැලසුම් කරන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීම යි. එම සැලසුම සාර්ථකත්වයට පත්කර ගනිමින් ඔවුන් විසින් 1971 අප්‍රේල් මාසයේ දී Salyut 1 නමින් ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කිරීමට සමත් වෙනවා.


    Roar