අපේ කොන්ඩ කැවුම කොපි කල ඇමරිකාවේ නාසා ආයතනය.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,567
    10,360
    113
    44
    Living in an Atom
    669340040_10237978302709257_8284909125248209714_n.jpg



    එදා දඬුමොනරයේ නැගී ඉර හඳ වටා සක්වල වලල්ලේ කරක් ගැසූ රාවණ ඉතිහාසයකට උරුමකම් කියන අපේ මේ පුණ්‍ය භූමිය දෙස බලද්දී අද සිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි පශ්චාත්තාපයකි..

    හදවත පතුලේ හිරවී ඇති ඒ මහා වේදනාව කඳුළු බිඳක් වී වැගිරෙන්නේ, අපේ මුතුන් මිත්තන්ගේ මහා දැනුම් සම්භාරය සුදු ජාතිකයන් විසින් සූක්ෂ්ම ලෙස සොරාගෙන ඇති බව දකින විටය..

    🥮
    අභ්‍යවකාශ ගමන සහ කොණ්ඩ කැවුමේ රහස..

    අප්‍රේල් මාසයේ නැවුම් සහල් සුවඳ සමඟ පෑහෙන, සිංහල කුස්සියේ සෙනෙහසින් පිසෙන 'කොණ්ඩ කැවුම' දෙස මොහොතක් බලන්න..
    🤌

    ඔබ දකින එහි හැඩය, එහි ඇති ඒ උච්චතම කේතුවක ස්වරූපය අහම්බයක් යැයි ඔබ සිතන්නේද..?
    මොහතක් නැවත සිතන්න..

    1972 ඇපලෝ (Apollo) යානයේ සිට අද 2026 වසරේ ආටෙමිස් (Artemis) දක්වා සඳ තරණය කල සෑම යානයකම ආපසු පොලව කරා එන කැප්සුලය නිර්මාණය කර ඇත්තේ අපේ මේ සාම්ප්‍රදායික කැවුම් ගෙඩියේ හැඩයට බව ඔබ දැන සිටියාද.. ??
    හෙළ කැවුමක 'කොණ්ඩය' යනු වායුගෝලයට ඇතුළු වීමේදී ඇතිවන මහා පීඩනය දරාගැනීමට හැකි වන පරිදි නිර්මාණය වූ ලොව විශිෂ්ටතම 'Aerodynamic' ආකෘතියයි..

    සුද්දන් නිමවන චන්ද්‍රිකා සහ කැප්සියුල දෙස මහා විශ්මයෙන් බලන අපේ කලු සුද්දන් අපේ අම්මා කෙනෙකු තාච්චියක් ළඟ හිඳගෙන තෙල් හැන්දෙන් පදම් කරන ඒ මහා ප්‍රාග් ඓතිහාසික තාක්ෂණය ගැන අබමල් රේනුවක තරම් අගයකිරීමක් කරන්නේද...

    ඔවුන් අපෙන් සොරාගත්තේ කැවුම් ගෙඩියේ තාක්ෂණ පමණක් නොවේ.. ඔවුන් අපෙන් උදුරාගත් දෑ තව බොහෝය.

    🔅
    දිය කාවා සහ සබ්මැරීනය

    සබ්මැරීන තාක්ෂණය සොයාගත්තා යැයි සුද්දන් පාරම්බෑවද, එය හෙලදිවේ රජදරුවන් කල මහා වාපී වැව් අමුණුවල දියේ කිමිදෙන දිය කාවාගේ ශරීරයේ ස්වභාවය දෙස බලා නිර්මානය කරනලද්දක් බව ඔබ නොදන්නමුත් අපේ පැරණි සිංහලයන් මෙය එදා දැන සිටියහ..

    🔅
    රාත්‍රි අහස සහ දේවාල තාක්ෂණය:

    ග්‍රහලෝක පවතින දුර ප්‍රමාණයන් පවා ඔවුන් සොයාගත්තේ ඔවුන් සොරාගෙන ගිය පුස්කොල පොත්වල තිබූ අපේ පාරම්පරික ජ්‍යෝතිෂයේ තිබූ ගණිතමය සූත්‍ර සොරකම් කිරීමෙනි.

    අපේ දේ ලෝකයා සොරාගෙන යන විට අප නිහඬව බලා සිටියෙමු..

    අපේ හදවතට සමීප ඒ 'කොණ්ඩ කැවුම' ආදරය පිරි හදවතකින්, දහදිය කඳුළු හෙළමින් අපේ හෙළ කුල කාන්තාව තෙල් තාච්චිය මැද මතු කළ ඒ කලාව මුසු වූ මහා තාක්ෂණ, අද සීතල විද්‍යාගාර තුළ බටහිරයන් විසින් 'නව නිපැයුම්' ලෙස හංවඩු ගසා ඇත..

    එමතුද නොව ඔවුන් " සිං හලයා mo ඩයා කැවුම් කන්න යෝදයා" යනුවෙන් අවඥා සහගත කතාවක් ගොතා කැවුම් සහ අප අතර පවතින බැඳීම දුරස් කර ඒ තාක්ෂණය අපවෙතින් ඈත් කර තැබීමට තරම් සූක්ෂ්ම උනා..

    ඔවුන් අපේ අතීතය සොරකම් කළද, අපේ ලෙයෙහි ඇති ඒ ප්‍රෞඩත්වය සොරකම් කිරීමට කිසිදා නොහැකි වනු ඇත..
    ඉතින් මේ උදාවන සිංහල අලුත් අවුරුද්දේ අපේ ඓතිහාසික තාක්ෂණයක් සඟවාගත් ආදරණීය කොණ්ඩ කැවුම් දෙස අභිමානයෙන් බලන්නට පුරුදු වෙමු..
    එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා
    🙏
    🙏
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,875
    5,088
    113
    විලියම් ශේක්ස්පියර් කියන්නෙත් ලංකාවෙ ඉපදුන කොල්ලෙක්, මෙහෙ නම සෙක්කුපේරුගෙ විලියොං
     
    • Haha
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    විලියම් ශේක්ස්පියර් කියන්නෙත් ලංකාවෙ ඉපදුන කොල්ලෙක්, මෙහෙ නම සෙක්කුපේරුගෙ විලියොං
    Mata AL sir kenek oya scene eka kivva. Pansalaka hitiya kollek kiyala 😆
     
    • Haha
    Reactions: Inigo Montoya