Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ දේශනාවෙ සඳහන් වෙන්නෙ නාම-රූප යනු සිත-කය කියලා නෙවේ.

රූප- පඨවි,ආපෝ,තේජෝ,වායෝ සහ ඒවායෙන් හටගත් දේ.

නාම- වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර

සංයුත්ත නිකාය > නිදාන වග්ගෝ > 1.1.2. විභංග සුත්තං (පටිච්චසමුප්පාදය විග්රහ කොට වදාළ දෙසුම)

සාවත්ථියං….

සැවැත් නුවරදී….

පටිච්චසමුප්පාදං වෝ භික්ඛවේ දේසිස්සාමි. විභජිස්සාමි. තං සුණාථ. සාධුකං මනසිකරෝථ. භාසිස්සාමී ති. ඒවං භන්තේ ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

“පින්වත් මහණෙනි, මා ඔබට පටිච්චසමුප්පාදය ගැන කියා දෙන්නම්. විස්තර වශයෙන් කියා දෙන්නම්. එය හොඳින් අහගන්න ඕන. ඒ ගැන නුවණින් මෙනෙහි කරන්න ඕන. මං කියා දෙන්නම්.”

“එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනය වදාළා.

කතමෝ ච භික්ඛවේ පටිච්චසමුප්පාදෝ? අවිජ්ජාපච්චයා භික්ඛවේ සංඛාරා සංඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූපපච්චයා සළායතනං සළායතනපච්චයා ඵස්සෝ ඵස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, පටිච්චසමුප්පාදය කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතු කරගෙන නාම රූප ඇතිවෙනවා. නාමරූප හේතු කරගෙන ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කරගෙන ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇතිවෙනවා. විඳීම හේතු කරගෙන තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කරගෙන බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කරගෙන විපාක පිණිස කර්ම සකස් වෙනවා. කර්ම සකස් වීම (භවය) හේතු කරගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කරගෙන ජරා-මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදිය හටගන්නවා. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. පින්වත් මහණෙනි, මේකට තමයි පටිච්චසමුප්පාදය කියල කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ ජරාමරණං? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්රියානං පරිපාකෝ අයං වුච්චති ජරා.

පින්වත් මහණෙනි, ජරාමරණ කියල කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවට පත්වීමක්, මහළු වී යාමක්, දත් වැටීමක්, කෙස් ඉදීමක්, ඇඟ පත රැළි වැටී යාමක්, ආයුෂ පිරිහී යාමක්, ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇද්ද, මේකට තමයි පින්වත් මහණෙනි, ජරාව කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ මරණං? යා තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කළේබරස්ස නික්ඛේපෝ ජීවිතින්ද්රියස්ස උපච්ඡේදෝ. ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං, ඉදං වුච්චති භික්ඛවේ ජරාමරණං.

පින්වත් මහණෙනි, මරණය කියල කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවලින් ඒ ඒ සත්වයන්ගේ යම් චුත වීමක්, චුතවන ස්වභාවයක්, බිඳී යාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කලුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳී යාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද, ජීවිතින්ද්‍රියෙහි ගෙවී යෑමක් ඇද්ද, මේකට තමයි මරණය කියන්නේ. ඉතින් මේ ජරාවත්, මේ මරණයත් කියන මේකට තමයි පින්වත් මහණෙනි, ජරා මරණ කියන්නේ.

කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති නිබ්බත්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ අයං වුච්චති භික්ඛවේ ජාති.

පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, හටගැනීමක්, මව්කුසක බැසගැනීමක්, උපතක්, විශේෂ උපතක්, ස්කන්ධයන්ගේ පහළ වීමක්, ආයතන හයේ ලැබීමක් ඇද්ද, මේකට තමයි පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ.

කතමෝ ච භික්ඛවේ භවෝ? තයෝමේ භික්ඛවේ භවා. කාමභවෝ රූපභවෝ අරූපභවෝ. අයං වුච්චති භික්ඛවේ භවෝ.

පින්වත් මහණෙනි, විපාක පිණිස කර්ම සකස් වීම (භවය) කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, විපාක පිණිස කර්ම සකස් වීම් (භව) තුනක් තියෙනවා. කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා (කාම භවය). රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා (රූප භවය). අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා (අරූප භවය). මේකට තමයි පින්වත් මහණෙනි, භවය කියල කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ උපාදානං? චත්තාරිමානි භික්ඛවේ උපාදානානි. කාමූපාදානං දිට්ඨූපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං. ඉදං වුච්චති භික්ඛවේ උපාදානං.

පින්වත් මහණෙනි, බැඳීයාම (උපාදාන) කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, බැඳීයාම් සතරක් තියෙනවා. පංච කාමයට බැඳී යනවා. මතවාදවලට බැඳී යනවා. නොයෙක් සීල ව්රතවලට බැඳී යනවා. ‘මම, මාගේ, මාගේ ආත්මය’ යන හැඟීමට බැඳී යනවා. මේකට තමයි පින්වත් මහණෙනි, උපාදාන කියල කියන්නේ.

කතමා ච භික්ඛවේ තණ්හා? ඡයිමේ භික්ඛවේ තණ්හාකායා. රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. අයං වුච්චති භික්ඛවේ තණ්හා.

පින්වත් මහණෙනි, තණ්හාව කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, තණ්හාව හය ආකාරයකින් හටගන්නවා. රූප ගැන තණ්හාව ඇතිවෙනවා. ශබ්ද ගැන තණ්හාව ඇතිවෙනවා. ගඳ සුවඳ ගැන තණ්හාව ඇතිවෙනවා. රස ගැන තණ්හාව ඇතිවෙනවා. පහස ගැන තණ්හාව ඇතිවෙනවා. සිතේ ඇතිවෙන අරමුණු ගැන තණ්හාව ඇතිවෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි, තණ්හාව කියන්නේ.

කතමා ච භික්ඛවේ වේදනා? ඡයිමේ භික්ඛවේ වේදනාකායා. චක්ඛුසම්ඵස්සජා වේදනා, සෝතසම්ඵස්සජා වේදනා, ඝානසම්ඵස්සජා වේදනා, ජිව්හාසම්ඵස්සජා වේදනා, කායසම්ඵස්සජා වේදනා, මනෝසම්ඵස්සජා වේදනා. අයං වුච්චති භික්ඛවේ වේදනා.

පින්වත් මහණෙනි, විඳීම කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, සය ආකාරයක විඳීමක් තියෙනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. කණේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි, විඳීම කියලා කියන්නේ.

කතමෝ ච භික්ඛවේ ඵස්සෝ? ඡයිමේ භික්ඛවේ ඵස්සකායා. චක්ඛුසම්ඵස්සෝ, සෝතසම්ඵස්සෝ, ඝානසම්ඵස්සෝ, ජිව්හාසම්ඵස්සෝ, කායසම්ඵස්සෝ, මනෝසම්ඵස්සෝ. අයං වුච්චති භික්ඛවේ ඵස්සෝ.

පින්වත් මහණෙනි, ස්පර්ශය කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, හය ආකාරයක ස්පර්ශයක් තියෙනවා. ඇසේ ස්පර්ශය, කණේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. මේකට තමයි පින්වත් මහණෙනි, ස්පර්ශය කියල කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ සළායතනං? චක්ඛායතනං සෝතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං. ඉදං වුච්චති භික්ඛවේ සළායතනං.

පින්වත් මහණෙනි, ආයතන හය කියල කියන්නේ මොකක්ද? ඇස නම් වූ ආයතනයක් තියෙනවා. කණ නම් වූ ආයතනයක් තියෙනවා. නාසය නම් වූ ආයතනයක් තියෙනවා. දිව නම් වූ ආයතනයක් තියෙනවා. කය නම් වූ ආයතනයක් තියෙනවා. මනස නම් වූ ආයතනයක් තියෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි, ආයතන හය කියල කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ නාමරූපං? වේදනා සඤ්ඤා චේතනා ඵස්සෝ මනසිකාරෝ. ඉදං වුච්චති නාමං. චත්තාරෝ ච මහාභූතා, චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති භික්ඛවේ නාමරූපං.

පින්වත් මහණෙනි, නාමරූප කියල කියන්නෙ මොකක්ද? විඳීම (වේදනා), හඳුනාගැනීම (සඤ්ඤා), චේතනා, ස්පර්ශය, මනසිකාරය කියන මේකට තමයි නාම කියල කියන්නේ. සතර මහා භූතත්, සතර මහා භූතයන්ගෙන් හටගත් රූපත් කියන මේකට තමයි රූප කියල කියන්නේ. ඉතින් මේ නාමත්, මේ රූපත් කියන මේකට තමයි පින්වත් මහණෙනි, නාමරූප කියල කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ විඤ්ඤාණං? ඡයිමේ භික්ඛවේ විඤ්ඤාණකායා. චක්ඛුවිඤ්ඤාණං සෝතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනෝවිඤ්ඤාණං. ඉදං වුච්චති භික්ඛවේ විඤ්ඤාණං.

පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, සය ආකාරයක විඤ්ඤාණයක් තියෙනවා. ඇසේ ඇතිවෙන විඤ්ඤාණය, කණේ ඇතිවෙන විඤ්ඤාණය, නාසයේ ඇතිවෙන විඤ්ඤාණය, දිවේ ඇතිවෙන විඤ්ඤාණය, කයේ ඇතිවෙන විඤ්ඤාණය, මනසේ ඇතිවෙන විඤ්ඤාණය. මේකට තමයි පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියල කියන්නේ.

කතමේ ච භික්ඛවේ සංඛාරා? තයෝමේ භික්ඛවේ සංඛාරා. කායසංඛාරෝ වචීසංඛාරෝ චිත්තසංඛාරෝ. ඉමේ වුච්චන්ති භික්ඛවේ සංඛාරා.

පින්වත් මහණෙනි, සංස්කාර කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මේ සංස්කාර තුන් ආකාරයි. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවාට තමයි පින්වත් මහණෙනි, සංස්කාර කියල කියන්නේ.

කතමා ච භික්ඛවේ අවිජ්ජා? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛසමුදයේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං. අයං වුච්චති භික්ඛවේ අවිජ්ජා.

පින්වත් මහණෙනි, අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, දුක නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක් ඇද්ද, මේකට තමයි පින්වත් මහණෙනි, අවිද්‍යාව කියල කියන්නේ.

ඉති ඛෝ භික්ඛවේ අවිජ්ජාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඤ්ඤාණං ….(පෙ)…. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, ඔය විදිහට අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.

අවිජ්ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ සංඛාරනිරෝධා විඤ්ඤාණනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝතීති.

අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.

සාදු! සාදු!! සාදු!!!

https://mahamevnawa.lk/sutta/sn2_1-1-2/

[QUOTE="S_M_S, post: 26404669, member: 564607"] [HEADING=2][SIZE=3]බුද්ධ දේශනාවෙ සඳහන් වෙන්නෙ නාම-රූප යනු සිත-කය කියලා නෙවේ.[/SIZE][/HEADING] [SIZE=3]රූප- පඨවි,ආපෝ,තේජෝ,වායෝ සහ ඒවායෙන් හටගත් දේ.[/SIZE] [HEADING=2][SIZE=3]නාම- වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර[/SIZE][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][SIZE=4]සංයුත්ත නිකාය > නිදාන වග්ගෝ > 1.1.2. විභංග සුත්තං (පටිච්චසමුප්පාදය විග්රහ කොට වදාළ දෙසුම)[/SIZE][/HEADING] [HEADING=3][SIZE=4]සාවත්ථියං….[/SIZE][/HEADING] [SIZE=4]සැවැත් නුවරදී….[/SIZE] [HEADING=3][SIZE=4]පටිච්චසමුප්පාදං වෝ භික්ඛවේ දේසිස්සාමි. විභජිස්සාමි. තං සුණාථ. සාධුකං මනසිකරෝථ. භාසිස්සාමී ති. ඒවං භන්තේ ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.[/SIZE][/HEADING] [SIZE=4]“පින්වත් මහණෙනි, මා ඔබට පටිච්චසමුප්පාදය ගැන කියා දෙන්නම්. විස්තර වශයෙන් කියා දෙන්නම්. එය හොඳින් අහගන්න ඕන. ඒ ගැන නුවණින් මෙනෙහි කරන්න ඕන. මං කියා දෙන්නම්.” “එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනය වදාළා.[/SIZE] [HEADING=3][SIZE=4]කතමෝ ච භික්ඛවේ පටිච්චසමුප්පාදෝ? අවිජ්ජාපච්චයා භික්ඛවේ සංඛාරා සංඛාරපච්චයා විඤ්ඤාණං විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූපපච්චයා සළායතනං සළායතනපච්චයා ඵස්සෝ ඵස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සූපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, පටිච්චසමුප්පාදය කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතු කරගෙන නාම රූප ඇතිවෙනවා. නාමරූප හේතු කරගෙන ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කරගෙන ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇතිවෙනවා. විඳීම හේතු කරගෙන තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කරගෙන බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කරගෙන විපාක පිණිස කර්ම සකස් වෙනවා. කර්ම සකස් වීම (භවය) හේතු කරගෙන ඉපදෙනවා. ඉපදීම හේතු කරගෙන ජරා-මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදිය හටගන්නවා. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. පින්වත් මහණෙනි, මේකට තමයි පටිච්චසමුප්පාදය කියල කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමඤ්ච භික්ඛවේ ජරාමරණං? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්රියානං පරිපාකෝ අයං වුච්චති ජරා.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, ජරාමරණ කියල කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවට පත්වීමක්, මහළු වී යාමක්, දත් වැටීමක්, කෙස් ඉදීමක්, ඇඟ පත රැළි වැටී යාමක්, ආයුෂ පිරිහී යාමක්, ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇද්ද, මේකට තමයි පින්වත් මහණෙනි, ජරාව කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමඤ්ච භික්ඛවේ මරණං? යා තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කළේබරස්ස නික්ඛේපෝ ජීවිතින්ද්රියස්ස උපච්ඡේදෝ. ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං, ඉදං වුච්චති භික්ඛවේ ජරාමරණං.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, මරණය කියල කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවලින් ඒ ඒ සත්වයන්ගේ යම් චුත වීමක්, චුතවන ස්වභාවයක්, බිඳී යාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කලුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳී යාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද, ජීවිතින්ද්‍රියෙහි ගෙවී යෑමක් ඇද්ද, මේකට තමයි මරණය කියන්නේ. ඉතින් මේ ජරාවත්, මේ මරණයත් කියන මේකට තමයි පින්වත් මහණෙනි, ජරා මරණ කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමා ච භික්ඛවේ ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති නිබ්බත්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ අයං වුච්චති භික්ඛවේ ජාති.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවල, ඒ ඒ සත්වයන්ගේ යම් ඉපදීමක්, හටගැනීමක්, මව්කුසක බැසගැනීමක්, උපතක්, විශේෂ උපතක්, ස්කන්ධයන්ගේ පහළ වීමක්, ආයතන හයේ ලැබීමක් ඇද්ද, මේකට තමයි පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමෝ ච භික්ඛවේ භවෝ? තයෝමේ භික්ඛවේ භවා. කාමභවෝ රූපභවෝ අරූපභවෝ. අයං වුච්චති භික්ඛවේ භවෝ.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, විපාක පිණිස කර්ම සකස් වීම (භවය) කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, විපාක පිණිස කර්ම සකස් වීම් (භව) තුනක් තියෙනවා. කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා (කාම භවය). රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා (රූප භවය). අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වෙනවා (අරූප භවය). මේකට තමයි පින්වත් මහණෙනි, භවය කියල කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමඤ්ච භික්ඛවේ උපාදානං? චත්තාරිමානි භික්ඛවේ උපාදානානි. කාමූපාදානං දිට්ඨූපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං. ඉදං වුච්චති භික්ඛවේ උපාදානං.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, බැඳීයාම (උපාදාන) කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, බැඳීයාම් සතරක් තියෙනවා. පංච කාමයට බැඳී යනවා. මතවාදවලට බැඳී යනවා. නොයෙක් සීල ව්රතවලට බැඳී යනවා. ‘මම, මාගේ, මාගේ ආත්මය’ යන හැඟීමට බැඳී යනවා. මේකට තමයි පින්වත් මහණෙනි, උපාදාන කියල කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමා ච භික්ඛවේ තණ්හා? ඡයිමේ භික්ඛවේ තණ්හාකායා. රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. අයං වුච්චති භික්ඛවේ තණ්හා.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, තණ්හාව කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, තණ්හාව හය ආකාරයකින් හටගන්නවා. රූප ගැන තණ්හාව ඇතිවෙනවා. ශබ්ද ගැන තණ්හාව ඇතිවෙනවා. ගඳ සුවඳ ගැන තණ්හාව ඇතිවෙනවා. රස ගැන තණ්හාව ඇතිවෙනවා. පහස ගැන තණ්හාව ඇතිවෙනවා. සිතේ ඇතිවෙන අරමුණු ගැන තණ්හාව ඇතිවෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි, තණ්හාව කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමා ච භික්ඛවේ වේදනා? ඡයිමේ භික්ඛවේ වේදනාකායා. චක්ඛුසම්ඵස්සජා වේදනා, සෝතසම්ඵස්සජා වේදනා, ඝානසම්ඵස්සජා වේදනා, ජිව්හාසම්ඵස්සජා වේදනා, කායසම්ඵස්සජා වේදනා, මනෝසම්ඵස්සජා වේදනා. අයං වුච්චති භික්ඛවේ වේදනා.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, විඳීම කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, සය ආකාරයක විඳීමක් තියෙනවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. කණේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීමක් තියෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි, විඳීම කියලා කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමෝ ච භික්ඛවේ ඵස්සෝ? ඡයිමේ භික්ඛවේ ඵස්සකායා. චක්ඛුසම්ඵස්සෝ, සෝතසම්ඵස්සෝ, ඝානසම්ඵස්සෝ, ජිව්හාසම්ඵස්සෝ, කායසම්ඵස්සෝ, මනෝසම්ඵස්සෝ. අයං වුච්චති භික්ඛවේ ඵස්සෝ.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, ස්පර්ශය කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, හය ආකාරයක ස්පර්ශයක් තියෙනවා. ඇසේ ස්පර්ශය, කණේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. මේකට තමයි පින්වත් මහණෙනි, ස්පර්ශය කියල කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමඤ්ච භික්ඛවේ සළායතනං? චක්ඛායතනං සෝතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං. ඉදං වුච්චති භික්ඛවේ සළායතනං.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, ආයතන හය කියල කියන්නේ මොකක්ද? ඇස නම් වූ ආයතනයක් තියෙනවා. කණ නම් වූ ආයතනයක් තියෙනවා. නාසය නම් වූ ආයතනයක් තියෙනවා. දිව නම් වූ ආයතනයක් තියෙනවා. කය නම් වූ ආයතනයක් තියෙනවා. මනස නම් වූ ආයතනයක් තියෙනවා. මේකට තමයි පින්වත් මහණෙනි, ආයතන හය කියල කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමඤ්ච භික්ඛවේ නාමරූපං? වේදනා සඤ්ඤා චේතනා ඵස්සෝ මනසිකාරෝ. ඉදං වුච්චති නාමං. චත්තාරෝ ච මහාභූතා, චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති භික්ඛවේ නාමරූපං.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, නාමරූප කියල කියන්නෙ මොකක්ද? විඳීම (වේදනා), හඳුනාගැනීම (සඤ්ඤා), චේතනා, ස්පර්ශය, මනසිකාරය කියන මේකට තමයි නාම කියල කියන්නේ. සතර මහා භූතත්, සතර මහා භූතයන්ගෙන් හටගත් රූපත් කියන මේකට තමයි රූප කියල කියන්නේ. ඉතින් මේ නාමත්, මේ රූපත් කියන මේකට තමයි පින්වත් මහණෙනි, නාමරූප කියල කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමඤ්ච භික්ඛවේ විඤ්ඤාණං? ඡයිමේ භික්ඛවේ විඤ්ඤාණකායා. චක්ඛුවිඤ්ඤාණං සෝතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනෝවිඤ්ඤාණං. ඉදං වුච්චති භික්ඛවේ විඤ්ඤාණං.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, සය ආකාරයක විඤ්ඤාණයක් තියෙනවා. ඇසේ ඇතිවෙන විඤ්ඤාණය, කණේ ඇතිවෙන විඤ්ඤාණය, නාසයේ ඇතිවෙන විඤ්ඤාණය, දිවේ ඇතිවෙන විඤ්ඤාණය, කයේ ඇතිවෙන විඤ්ඤාණය, මනසේ ඇතිවෙන විඤ්ඤාණය. මේකට තමයි පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියල කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමේ ච භික්ඛවේ සංඛාරා? තයෝමේ භික්ඛවේ සංඛාරා. කායසංඛාරෝ වචීසංඛාරෝ චිත්තසංඛාරෝ. ඉමේ වුච්චන්ති භික්ඛවේ සංඛාරා.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, සංස්කාර කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මේ සංස්කාර තුන් ආකාරයි. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවාට තමයි පින්වත් මහණෙනි, සංස්කාර කියල කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]කතමා ච භික්ඛවේ අවිජ්ජා? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛසමුදයේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං. අයං වුච්චති භික්ඛවේ අවිජ්ජා.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, අවිද්‍යාව කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, දුක නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක්, දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය නම් වූ ආර්ය සත්‍යය ගැන යම් අවබෝධ නොවීමක් ඇද්ද, මේකට තමයි පින්වත් මහණෙනි, අවිද්‍යාව කියල කියන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]ඉති ඛෝ භික්ඛවේ අවිජ්ජාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඤ්ඤාණං ….(පෙ)…. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.[/SIZE][/HEADING] [SIZE=4]පින්වත් මහණෙනි, ඔය විදිහට අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.[/SIZE] [HEADING=3][SIZE=4]අවිජ්ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ සංඛාරනිරෝධා විඤ්ඤාණනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝතීති.[/SIZE][/HEADING] [SIZE=4]අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ. සාදු! සාදු!! සාදු!!![/SIZE] [URL='https://mahamevnawa.lk/sutta/sn2_1-1-2/'][SIZE=4]https://mahamevnawa.lk/sutta/sn2_1-1-2/[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom