අභිරහසක් ව ඇති අපූර්ව රටා

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අභිරහසක් ව ඇති අපූර්ව රටා

    ලොව විවිධ විශාල වගා බිම් මැද කවුරුන් කළා දැයි නොදන්නවා වූ විශාල ප්‍රමාණයේ ජ්‍යාමිතික හැඩයන් නිර්මාණය වී තිබෙනු දක්නට ලැබෙන අතර මේවා කෙසේ නිර්මාණය වුනාද යන්න බොහෝ දෙනෙකු දැන සිටියේ නෑ. මේ ඒ අභිරහස් ජ්‍යාමිතික හැඩ හෙවත් වගා කව වල කතාවයි.
    වගා කව

    අපූරු හැඩයකින් යුතුව විශ්මය ජනක ලෙස එක ගොවිබිම් වල එක් රැයෙන් නිර්මාණය වන මෙම අපූරු හැඩ විවිධ ජ්‍යාමිතික හැඩ වලින් යුතු වූ අතර බොහොමයක් විට කවයක හැඩ ගෙන තිබුණා. මෙවැනි වගා කව බොහෝ විට එක්සත් රාජධානිය ආශ්‍රිතව දකින්නට ලැබුණා. නමුත් පසුව ලෝකය පුරා බොහෝමයක් ස්ථාන වලින් මේවා සොයා ගනු ලැබුවා. පසුගිය කාලය පුරාම මෙය ආශ්‍රිතව ගවේෂණය කළත් තවමත් ප්‍රශ්න කිහිපයක් ඉතුරුව තිබෙනවා. ඒ කවුද හෝ කුමකින්ද ? යන්න හා කෙසේ මේවා නිර්මාණය කළා ද යන්න පිළිබඳව සොයා ගැනීමයි.
    වසර සිය ගණනක් පුරාවට වාර්තා වූ සිය ගණනක් වූ වගා කව එතෙක් මෙතෙක් සියලුම දෙනා කර තිබුණේ අභිරහසක් ලෙස වර්ග කර තැබීමටයි. ඒ මේවා අද්භූත ලෙස හඳුන්වන්නේ කවුරුන් කෙසේ කරනවා දැයි නොදන්නා වූ නිසාය. මෙම අද්භූත වූ රටා වගා බිම් වල පමණක් නොව, හිමෙයි හා කාන්තාරයෙන් පවා හමු වී තිබෙනවා.
    image-011-701x461.jpg

    කාන්තාරයක වූ වගා කවයක් – .techtimes.com

    මෙම වගා කව පිළිබඳව ඇති පැරණිම හා ප්‍රථම සාක්ෂිය වන්නේ 1678 වසරේ ලී කොටයක නිර්මාණය කළ රවුම් හැඩයකට ඕට්ස් වත්තක අස්වැන්න ඉවත් කරන ආකාරයට දැක්වෙන සිතුවමකි. නමුත් කුඩා ඉතිහාස පරීක්ෂණයක් මගින් වෙනත් ආකාරයක නිගමනයක් ලබා දී තිබෙනවා. එහි සඳහන් වූයේ ජනප්‍රවාද වලට අනුව එන අස්වැන්නට අධිපති දෙවියන් විසින් මෙවැනි හැඩතල අඳිමින් අස්වැන්න පාලු කරන බවයි. ඉංග්‍රීසි ගොවීන් පවසන ආකාරයට ඔහු විසින් එසේ තම කොටස නොදෙන ඇය සමග වෛර බැඳගන්නා අතර එසේ වෛර බැදගත් අය කුට අයත් ඕට්ස් වත්තක තමාගේ කොටස ලබා ගන්නා අයුරු මෙහි ඇතැයි පැවසෙනවා.
    image-021.jpg

    වගා කව ගෙන ප්‍රථම සාධකය – www.livescience.com

    සමහරක් අය විසින් පවසන පරිදි ලොව ප්‍රථම වගා කවය ඔස්ට්‍රේලියාව ආශ්‍රිතව පවතී. කුඩා නගරයක් වූ ටුලී හී වාර්ථා වී තිබෙනවා. 1966 දී ගොවියෙකු විසින් පවසා තිබුණේ පියාඹන වස්තුවක් වගුරු සහිත පෙදසකින් එසවෙනු ඔහු දුටු බවත් පසුව එය ඉවතට ගමන් කල බවත් ය. ඔහු විසින් ඒවා ගෙන සොයා බලන්නට ගිය විට ඔහු රවුම් හැඩයට කපා තිබුණු දුටු බවත් ප්‍රදේශයම තෘණ බිමට සමතලා වී හා එය පැහැදිලිවම වෘත්තාකාර හැඩයකින් යුක්ත වූ බවත් යනුවෙනි. නමුත් පොලිස් පරීක්ෂණ වලින් මෙය දූවිලි කුණාටුවක් හෝ කුඩා ටෝනේඩෝවක් විය හැකි බවට අනුමාන කර තිබෙනවා.
    මේවා කවදා කොහෙන් දර්ශනය වෙන්න පටන් ගත්තා ද?

    මේවා ඇත්තෙන්ම පැහැදිලිවම පෙනෙන්නට ගත්තේ අස්වැන්න නෙළන කාල වලදී පමණයි. එක්සත් රාජධානියේ පළමු කව වාර්ථා වීම සිදුවීමට ගන්නේ අප්‍රේල් හා මැයි වන අතර එය ජූලි හා අගෝස්තු වන විට උපරිමයට ළඟාවීම සිදු වෙනවා. වගා කව ලෝකය පුරාම බොහෝවිට අස්වැන්න නෙළන කාලය ආශ්‍රිතව ආරම්භ වූ අතර එය ලෝකයේ යම් කොටසක කේන්ද්‍ර කර ගනිමින් සිදු වුණා. එක්සත් රාජධානිය ආශ්‍රිතව විල්ට්ශයර් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින් වගා කව විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබුණා. මුල් කාලයේ එනම් අප්‍රේල් හා මැයි මාස වල මේවා අඩුවෙන් සිදු වී තිබෙනවා. නමුත් ග්‍රීෂ්ම සෘතුව ලං වීමත් සමගම ඉහළම අගයන් ( ජූලි අග / අගෝස්ත්තු) වාර්තා වුණා. ඉන් සමහරක් වගා කව එක රැයකින් නිර්මාණය කර තිබුණා.
    image-031-701x501.jpg

    එක්සත් රාජධානියෙන් 2009 වසරේ වාර්ථා වූ වගා කවයක් – www.popsci.com

    ප්‍රමාණයන් මෙහෙමයි

    මෙවැනි වගා කව අඩි කිහිපයක විශ්කම්භයක සිට අඩි සිය ගණනක් වූ විෂ්කම්භයන් පුරා පැතිර තිබෙනවා. සමහරක් වගා කව ඉතා සියුම්ව නිර්මාණය වූ විශාල කව ලෙස දැක ගත හැකි අතර ඉන් විශාලම කවය විල්ට්ශයර් හී මිල්ක් හිල්දී දැක ගත හැකි අතර මෙයට කවාකාර හැඩයන් ගෙන් යුතු හැඩ 409 ක් අඩංගු වෙනවා.එහි විෂ්කම්භය අඩි 900 පමණ වනවා. සාමන්‍යයෙන් වගා කවයක් අඩි 200 ක 300 පමණ විශ්කම්භයකින් යුතු වෙනවා.
    මොනාද මේ වගා කව? ඇත්තටම ඒවායේ අර්ථයක් තියෙනවා ද?

    මෙය පිළිබඳව නම් විවිධාකාර වූ මතයන් රාශියක් තිබෙනවා. ඒවායින් කිහිපයක් නම් සුළිසුලං, විශ්ව ශක්තිය, පිටසක්වල ජීවීන් හා මිනිසුන් විසින්ම අනෙක් අය රැවටීමට මෙය කල බව ඒවායින් කිහිපයක් වනවා. මෙතරම් දුරට මෙම විෂයය ගලායාමට හේතු වුණේ මෙහි තිබු ආකර්ශනීය බව හා එය ඕනෑම කෙනෙකුට එහි කොටස්කරුවෙකු වී මෙම ගැටලුවට පිළිතුරු සෙවිය හැකි වීමයි. මෙම විෂය ගෙන උනන්දුව දක්වන අය විසින් මෙම අද්භූත සිදුවීමට අදාලව යම් යම් පර්යේෂණ කර තිබෙන අතර එවැනි දේ වෙනුවෙන් එවැනි දේ සිදුවූ භුමි වලින් සාම්පල පවා ලබා ගෙන තිබෙනවා. එවැනි බොහෝ පර්යේෂණ වලින් කියවුනේ මෙම හැඩයන් වල තේරුම් සොයා ගැනීම වෙනුවෙන් වූ අතර එමෙන්ම ඔවුන්ගේ ගවේෂණයන් මෙම වගා කව වල තිබු මෝස්‌තර හා හැඩයන් වල ජ්‍යාමිතික හා ගණිතමය හැඩයන් වෙනුවෙන් වෙන් වී තිබුණා.
    එවැනි වගා කව බොහොමයකට පොදු වූ සාධක දක්නට ලැබෙනවා.
    image-041.jpg

    ලොව විශාලතම වගා කවය – davidpratt.info

    කවය

    වගා කව, එනම් නමින්ම ගම්‍ය වන පරිදි මෙයින් බොහෝමයක් කවාකාර හැඩයන්ගෙන් යුක්ත වූ අතර එනමුත් සමහරක් තැන වලදී ත්‍රිකෝණ, සමචතුරස්‍රාකාර හා සෘජුකෝණාස්‍රාකාර හැඩයන් ගෙන් මෙය යුතු වුණා. සමහරක් ඒවා වක්‍ර හෝ සෘජු රේඛා වලින් යුතු වුණා.
    රාත්‍රියේ නිර්මාණය වීම

    වගා කව බොහොමයක් එක රැයකින් නිර්මාණය වී තිබුණා. පර්යේෂකයන්ට අනුව පිටසක්වල ජීවින් ට හෝ විශ්ව ශක්තියක් නම් රැයම මේ වෙනුවෙන් යොදා ගත යුතු වන්නේ නෑ. නමුත් යම් පිරිසක් රැවටීමේ චේතනාවෙන් එහි නිරත වන ඇයට නම් අඳුරෙන් ලැබෙන පිටුවහල් මෙවැනි කාර්යයකට ඉතා වැදගත් වනවා. විශේෂයෙන්ම මුළු චන්ද්‍රයාම පායා ඇති දින ඉන් ප්‍රධානයි.
    කැමරා වලට හසු නොවීම

    මෙවැනි දෙයක් කිසිදු කැමරාවක එය සිදුවන විට ( අනිත් ඇය රැවටීම වෙනුවෙන් කළ නිර්මාණයන් හැරුණු කොට) මෙතෙක් පටිගත වී නැත. මෙය තරමක් සැක සහිත ලක්ෂණයක් වන අතර පෘථිවියේ ඇති යම් බලයකින් හෝ පිටසක්වල ජීවින් විසින් මෙය කරණු ලැබුවත් එය මෙසේ සිදුවීමට ඉඩක් නැති බවයි පැවසෙන්නේ.
    මාර්ගයක ප්‍රවේශයකට ආසන්න වීම

    මෙවැනි වගා කව බොහෝමයක් නිර්මාණය වී තිබුණේ මහා මාර්ග හෝ අධි වේගී මාර්ග ආසන්නයේ වන අතර කලාතුරකින් ඈත ගම්මානයක නිර්මාණය වී තිබුණා.
     
    • Like
    Reactions: lilman