අමතක කළ ප්‍රේමය

KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    අමතක කළ ප්‍රේමය

    ලපැටි හිරු විලිවැද සිනාසෙන
    මිහිදුමින් සැරැහුණු ඉසව්වෙක
    උඹේ නොඉඳුල් සුමුදු සිනහව
    හැර ගියෙමි මම අකුරු කරනට

    මඳ පවන් රැල් සමඟ නැලැවෙන
    නැවුම් ගිනි දලුවෙක සෙනෙහෙ මෙන්
    සීන් සිරිපොද වැටෙන යාමෙක
    හදට සොම්නස දෙවන සෙනෙහස:love::love::love: