අමතක නොවන හොරකම
අමතක නොවන හොරකම
වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ
දිනය - 2012.03.14 බදාදා
වේලාව - ප.ව. 12.45 යි
ස්‌ථානය - කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය ඉදිරිපිට.
ප්‍රසන්න කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර හෝටලයක සේවකයෙකි. සේවාස්‌ථානයට ආසන්නව පදිංචිව සිටි නිසාම ඔහුගේ ගමන පාපැදියෙනි.
එදා ඔහුට සේවයට වාර්තා කිරීමට තිබුණේ සවස තුනටය. තරමක් වේලාසන තම නිවසින් පිටත්වුණ ප්‍රසන්න ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය අසල තම පාපැදිය නවත්වා අත තිබූ කූඩා හුරු බුහුටි පාර්සලය පාපැදියේ එල්ලා අසල පිහිටි ස්‌වයංක්‍රීයව මුදල් ලබා ගන්නා යන්ත්‍රය වෙත පිවිසියේ මුදල් ගනුදෙනුවක් සඳහායි. ගනුදෙනුව කරනවිට පිටතින් ඇසුණු "හොරෙක් හොරෙක් අල්ලපියව්" හඬින් හනි හනික පිටතට පැමිණෙද්දී තම පාපැදියේ එල්ලා ගිය පාර්සලය කිසිවෙකු විසින් පැහැර ගෙන යනු සියෑසින්ම දුටුවේය. එම සිද්ධිය දුටු තවත් කිහිප දෙනෙක්‌ම "අන්න ඔයාගේ පා පැදියේ එල්ලා තිබූ පාර්සලය අරගෙන දිව්වා පන්නන්න" අපි උදව් කරන්නම්. අයෙක් එලෙස කියද්දී තවත් අය ඇහැව්වේ මොනවද පාර්සලේ තිබුණේ? වටිනා දෙයක්‌ද?
මේ සියලු ප්‍රශ්නවලදී ප්‍රසන්න කළේ සිනාසීම පමණයි. මොනවත්ම නොකියා මුණිවත රකිද්දී රැස්‌ව සිටි පිරිස ප්‍රසන්නට කතා කළේ අමනාපයෙන් වගෙයි. එනිසාම අකැමැත්තෙන් වුවත් ප්‍රසන්නට ඇත්ත කියන්න සිදුවුණා.
"අපේ හෝටලයේ වැඩකරන සියලුම දෙනා වෙනුවෙන් මේ දවස්‌වල වෛද්‍ය පරීක්‍ෂණ පැවැත්වෙනවා. එහිදී අපේ හැම දෙයක්‌ම පරීක්‍ෂාවට ලක්‌කෙරෙනවා. ඉතින් ඒ පාර්සලේ තිබුණේ පුංචි භාණ්‌ඩයක්. ඒකෙ තිබුණේ පරීක්‍ෂණයකට ගෙනාපු මගේම අසූචි. රැස්‌ව සිටි පිරිසට සිනහව නවතා ගන්න බැරිවුණා. මේක හොරාට හොඳ පාඩමක්. කවුරුත් එහෙම කිව්ව.
(සත්‍ය කතාවකි.)