අමනුෂ්‍ය රූප 3ක් - ගමේ හොල්මන්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
අමනුෂ්‍ය රූප 3ක් - ගමේ හොල්මන්

කාන්තාවකගේ, පිරිමියකුගේ සහ සුදු ඇඳුමින් සැරැසුණු වයස අවුරුදු 14ක පමණ දැරියකගේ අමනුෂ්‍ය රූප තුනක් දර්ශනයවීම හේතුවෙන් තඹුත්තේගම රාජපක්‍ෂගම ගම්මානයෙහි ජනතාව මේ දිනවල දැඩි භීතියකට පත්ව සිටිති. මේ අද්භූත අමනුෂ්‍ය රූප දැක බියට පත්ව කිහිප දෙනකුටම ශාන්ති කර්ම සිදුකර තිබෙන අතර මේ සිදුවීම වන බව කියන රාජපක්‍ෂගම වෙල්යායකට යකැදුරන් ගෙන්වා ශාන්ති කර්මයක් සිදුකිරීමටද ගම්වාසීන් කටයුතු කළ බව තුලාන භාර ග්‍රාම නිලධාරි අශෝක ධර්මකීර්ති මහතා පැවැසුවේය.

මස් මාංස අනුභව නොකරන කිසිදා හොල්මන් අවතාර විස්වාස නොකරන මධ්‍යම රාත්‍රියේ පවා කුඹුරට වතුර හැරවීමට යන රාජපක්‍ෂගම පදිංචි පනස් හැවිරිදි කාන්තාවක් වන එම්.ජී. ඉන්ද්‍රාවතී මහත්මියද ඉකුත් සතියේ දිනක දහවල් කාලයේ අත්භූත රුවක් දැක බියට පත්ව තිබේ. එම සිදුවීමෙන් පසු ඇගේ දෙපා හේතුවක් නොමැතිව නිය පහර කිහිපයකින් තුවාල වී තිබෙන අතර ඇය මේ වන විට රෝගාතුරවී ආහාර පවා නොගෙන සිටින බව ගම්වැසියන් පවසයි.

මේ අත්භූත සිදුවීම සමඟින් රාජපක්‍ෂ ගම ගම්මානයේ බොහෝ දෙනකු ගම අතහැර ගොස් ඇතැයිද ගම හැරයා නොහැකි අය සවස් වන විට දැඩි බියකින් නිවෙස්වලට වී සිටින බවද ගම්වාසීහු පැවසූහ.


http://www.lankagossipgirlnewslk.com/2015/06/story-about-rajapaksa-village.html