Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අමර දුටු දේශපාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය කතන්දරයකි. මෙම කතන්දරය සටහන්කර තැබිය යුතුය යන තීරණයට එළැඹි වහාම "අමර සහ නයනා" සිහියට නැඟුනේ කුමන හේතුවක් නිසාදැයි නොදනිමි. පාසල් කාලයේ ප්‍රාථමික පන්තිවල පෙළපොත් වලින් හමුවූ ඔවුන් දෙදෙනා කෙසේ හෝ මතකයේ ඉඩක් වෙන්කරගෙන තවමත් හිත පත්ලේ තැන්පත්ව සිටී. එබැවින් මෙම කතන්දරය සඳහා ද එයින් නාමයක් යොදාගැනීමට සිත්විය.

නිසි වයස සම්පූර්ණ කළ අමර ඡන්ද අයිතිය හිමිවන තුරු දේශපාලනය ගැන එතරම් අවබෝධයක් ලබා නොසිටියේය. ඔහු එම විෂය පිළිබඳව උවමනාවෙන් සොයාබැලීමක් ද නොකළේය. ඡන්ද අයිතිය හිමි වූ පසු ඔහුගේ අවධානය තරමක් ඒ දෙසට යොමු විය. මැතිවරණයක් ළං වීමේදී ඔහුට නිතරම අසන්නට ලැබුනේ "ඔබේ වටිනා ඡන්දය" යනුවෙනි. මේ කියනා වටිනාකම කුමක්දැයි උපන් කුතුහලය නිසා සොයා බැලීමේදී ඡන්දයේ අයිතිය හා එහි වටිනාකම්, ප්රජාතන්ත්රවාදය, ජනතා පරමාධිපත්‍ය ආදී ශ්‍රේෂ්ඨ සංකල්ප රාශියක් පිළිබඳව දැනුමක් ඔහු ලබාගත්තේය. නමුත් අතීතයේ පටන්ම ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක නොවීමේ ගැටළු පැවති බවක් ද ඔහුට නිරීක්ෂණය විය.

එසේම පාසල් අධ්‍යාපනය ලබන අවදියේ සර්ව සම්පූර්ණ සුදු චරිත ලෙස ඉගෙන්වූ දේශපාලඥයන් යනු, සැබැවින්ම සුදු පැහැයට වඩා කළු පැහැය තවරා ගත්තවුන් බවද ඔහුට අවබෝධ විය. අනාගතයේ මෙවැන්නෙක් විය යුතුයැයි සිතෙන තරමට අමරගේ සිත පුරා පිරී ගිය ගෞරවය හිමිකරගත් චරිත, පසුකාලීනව ඔහුගේ අප්රියතාවට පාත්‍ර විය. ඊටත් වඩා පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය ඇතුළු ජන මාධ්‍යයන්ගේ පෙන්වන්නේ දේශපාලනයේ තෝරාගත් පරිපූර්ණ සුදු හෝ පරිපූර්ණ කළු අවස්ථාවන් පමණක් බව ඔහු බොහෝ අවස්ථා වලදී දුටුවේය. එසේම එක් එක් මාධ්‍ය විසින් සුදු චරිත මොවුන් ය, කළු චරිත මොවුන් ය යනුවෙන් පක්ෂග්රාහී ලෙස වෙන්කර ගෙන තිබීම දේශපාලනයේ යථාර්තය කුමක්දැයි අමරට වටහා දුන්නේය. දේශපාලනය නිසා ආගම් පවා හෑල්ලුවට ලක්වන අයුරු දුටු අමර කළකිරීමට පත්විය.

ප්‍රධාන දේශපාලන කඳවුරු අතර සිදුවූ බල පෙරළි සහ ඒ සෑම පෙරළියකම අවසානයේ ජය ගත්තවුන් පරාජිතයන්ට සමච්චල් කිරීමත්, මාස කිහිපයකින් අනතුරුව බලයේ සිටින්නන් සෑම දෙසින්ම සමච්චලයට ලක්වීමත් අමර දුටුවේය.

මෙයාකාර වූ විහිළු සහගත දේශපාලන සංස්කෘතියක් ඇති වීමට හේතු වූ කාරණා පිළිබඳව මනස මෙහෙයවූ අමරට අවසානයේ එක් සත්‍යයක් අවබෝධ විය. එය නම් මේ සියල්ලටම වැරදිකරුවා අන් කිසිවෙකුත් නොව, පොදු මහජනතාව බවයි. ඊට හේතු ලෙස අමර දුටුවේ පාලකයන් යනු මහජනතාවගේ නියෝජනයක් බවත්, පාලකයන් කරන සෑම දෙයක් තුළින්ම නිරූපණය වන්නේ මහජනතාවගේ තෝරාගැනීම් බවත් ය. බුද්ධියෙන් තොර මිනිසුන් සමග කිසිදු රටක් ගොඩනැංවිය නොහැකි බව ඔහු දුටුවේය. බුද්ධිමය භාවිතය අඩුවෙන් කරන, හැඟීම්බර මිනිසුන්ගේ 'තෝරාගැනීම්' වල ප්‍රතිඵලය වනුයේ විනාශය බවත් අමර වැඩිදුරටත් සොයා ගත්තේය.

ඕනෑම පක්ෂයක් බලයේ සිටියදී සිදුවන සුළු වැරදීමකදී පවා විපක්ෂය පවසන්නේ "නැවත මෙවන් දෑ නොවීමට අපට බලය ලබා දෙන්න" යනුවෙන් බව කාලයක පටන් අමර දුටුවේය. නමුත් එතෙක් කාලයක් වරින්වර බලය ලැබී තිබියදී ඔවුන්ට කිසිවක් කළ නොහැකි වූ බව එම ඉල්ලීම් වලට එකඟව කටයුතු කරන බොහෝ දෙනෙක්ට නොපෙනෙන බවද ඔහු වටහා ගත්තේය. බලය නොලබන බව පැහැදිලිවම දනිමින්, ප්‍රධාන පක්ෂ වල නුගුණ වයනා, කිසිසේත්ම ප්‍රයෝගික නොවන සුරංගනා කතා ඉදිරිපත් කරන විකල්ප බලවේග සිදු කරනුයේද නාට්‍යනුසාරයෙන් තම පැවැත්ම තහවුරු කරගැනීම පමණක් බව ඉතිහාසය විසින් තහවුරු කළ නිදසුන් ද සමඟින් ඔහු දුටුවේය. "නැවත මෙසේ නොවීමට මොළේ භාවිතා කර ඡන්දය දෙන්න" යනුවෙන් පවසන ස්ථිරව දිය යුතු අයෙක් සඳහන් නොකරන සෑම ප්‍රකාශයකම කෙළවර කුමන හෝ දේශපාලන අභිලාෂයක් පෙරදැරි කරගත්තෙක් මුවා වී සිටින බවද බොහෝ අවස්ථා වලදී අමර දුටුවේය.

අපරිණත මනසකින් හෙබි පුද්ගලයන්ගේ ලක්ෂණයක් ද දේශපාලනයේ යථාර්තය සොයා ගිය ගමනේ දී අමරට දැක ගන්නට ලැබුණි. එනම් පොදු සතුරා ට බැණ වැදී සිත සනසා ගැනීමයි. බහුතරයක් දෙනා විසින් "පොදු සතුරා" ලෙස රජය හෝ දේශපාලඥයන් තෝරා ගනු ලබන්නේ ඕනෑම සිදුවීමක් දේශපාලනය හා සම්බන්ධ කළ හැකි බැවිනි. තමාගේම තෝරාගැනීම් වල ප්‍රතිඵල පැමිණෙද්දී කළ හැකි අන් යමක් නොමැති නිසා දේශපාලකයන්ට බැණ වදිමින්, ශාප කරමින් සිත සනසා ගනිති. අමර දුටුවේ එය තමාගේම අනුවණකම් වලට තමා විසින් තමාටම බැණ ගැනීමක් ලෙසිනි.

කළු සුදු කිරීමටත්, සුදු කළු කිරීමටත් හැකියාව ඇති දේශපාලනය යනු අප්රභංසයකි. ඒ පිළිිබඳව සිහිපත් කිරීමද හරසුන් වූවකි. දේශපාලනය පිළිබඳ මතකයෙන් මකා දමා කිසිත් නොදත් මෝඩයෙක් සේ දිවි ගෙවීම මානසික සෞඛ්‍යයට හිතකරය. අවසානයේ අමර එළැඹියේ එවන් තීරණයකටය.

අමරගේ තීරණය නිවැරදිදැයි විනිශ්චය කිරීම ඔබට බාර කරමි.

ස්තූතියි!

[QUOTE="s.p.n, post: 27021657, member: 578280"] මෙය කතන්දරයකි. මෙම කතන්දරය සටහන්කර තැබිය යුතුය යන තීරණයට එළැඹි වහාම "අමර සහ නයනා" සිහියට නැඟුනේ කුමන හේතුවක් නිසාදැයි නොදනිමි. පාසල් කාලයේ ප්‍රාථමික පන්තිවල පෙළපොත් වලින් හමුවූ ඔවුන් දෙදෙනා කෙසේ හෝ මතකයේ ඉඩක් වෙන්කරගෙන තවමත් හිත පත්ලේ තැන්පත්ව සිටී. එබැවින් මෙම කතන්දරය සඳහා ද එයින් නාමයක් යොදාගැනීමට සිත්විය. නිසි වයස සම්පූර්ණ කළ අමර ඡන්ද අයිතිය හිමිවන තුරු දේශපාලනය ගැන එතරම් අවබෝධයක් ලබා නොසිටියේය. ඔහු එම විෂය පිළිබඳව උවමනාවෙන් සොයාබැලීමක් ද නොකළේය. ඡන්ද අයිතිය හිමි වූ පසු ඔහුගේ අවධානය තරමක් ඒ දෙසට යොමු විය. මැතිවරණයක් ළං වීමේදී ඔහුට නිතරම අසන්නට ලැබුනේ "ඔබේ වටිනා ඡන්දය" යනුවෙනි. මේ කියනා වටිනාකම කුමක්දැයි උපන් කුතුහලය නිසා සොයා බැලීමේදී ඡන්දයේ අයිතිය හා එහි වටිනාකම්, ප්රජාතන්ත්රවාදය, ජනතා පරමාධිපත්‍ය ආදී ශ්‍රේෂ්ඨ සංකල්ප රාශියක් පිළිබඳව දැනුමක් ඔහු ලබාගත්තේය. නමුත් අතීතයේ පටන්ම ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක නොවීමේ ගැටළු පැවති බවක් ද ඔහුට නිරීක්ෂණය විය. එසේම පාසල් අධ්‍යාපනය ලබන අවදියේ සර්ව සම්පූර්ණ සුදු චරිත ලෙස ඉගෙන්වූ දේශපාලඥයන් යනු, සැබැවින්ම සුදු පැහැයට වඩා කළු පැහැය තවරා ගත්තවුන් බවද ඔහුට අවබෝධ විය. අනාගතයේ මෙවැන්නෙක් විය යුතුයැයි සිතෙන තරමට අමරගේ සිත පුරා පිරී ගිය ගෞරවය හිමිකරගත් චරිත, පසුකාලීනව ඔහුගේ අප්රියතාවට පාත්‍ර විය. ඊටත් වඩා පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය ඇතුළු ජන මාධ්‍යයන්ගේ පෙන්වන්නේ දේශපාලනයේ තෝරාගත් පරිපූර්ණ සුදු හෝ පරිපූර්ණ කළු අවස්ථාවන් පමණක් බව ඔහු බොහෝ අවස්ථා වලදී දුටුවේය. එසේම එක් එක් මාධ්‍ය විසින් සුදු චරිත මොවුන් ය, කළු චරිත මොවුන් ය යනුවෙන් පක්ෂග්රාහී ලෙස වෙන්කර ගෙන තිබීම දේශපාලනයේ යථාර්තය කුමක්දැයි අමරට වටහා දුන්නේය. දේශපාලනය නිසා ආගම් පවා හෑල්ලුවට ලක්වන අයුරු දුටු අමර කළකිරීමට පත්විය. ප්‍රධාන දේශපාලන කඳවුරු අතර සිදුවූ බල පෙරළි සහ ඒ සෑම පෙරළියකම අවසානයේ ජය ගත්තවුන් පරාජිතයන්ට සමච්චල් කිරීමත්, මාස කිහිපයකින් අනතුරුව බලයේ සිටින්නන් සෑම දෙසින්ම සමච්චලයට ලක්වීමත් අමර දුටුවේය. මෙයාකාර වූ විහිළු සහගත දේශපාලන සංස්කෘතියක් ඇති වීමට හේතු වූ කාරණා පිළිබඳව මනස මෙහෙයවූ අමරට අවසානයේ එක් සත්‍යයක් අවබෝධ විය. එය නම් මේ සියල්ලටම වැරදිකරුවා අන් කිසිවෙකුත් නොව, පොදු මහජනතාව බවයි. ඊට හේතු ලෙස අමර දුටුවේ පාලකයන් යනු මහජනතාවගේ නියෝජනයක් බවත්, පාලකයන් කරන සෑම දෙයක් තුළින්ම නිරූපණය වන්නේ මහජනතාවගේ තෝරාගැනීම් බවත් ය. බුද්ධියෙන් තොර මිනිසුන් සමග කිසිදු රටක් ගොඩනැංවිය නොහැකි බව ඔහු දුටුවේය. බුද්ධිමය භාවිතය අඩුවෙන් කරන, හැඟීම්බර මිනිසුන්ගේ 'තෝරාගැනීම්' වල ප්‍රතිඵලය වනුයේ විනාශය බවත් අමර වැඩිදුරටත් සොයා ගත්තේය. ඕනෑම පක්ෂයක් බලයේ සිටියදී සිදුවන සුළු වැරදීමකදී පවා විපක්ෂය පවසන්නේ "නැවත මෙවන් දෑ නොවීමට අපට බලය ලබා දෙන්න" යනුවෙන් බව කාලයක පටන් අමර දුටුවේය. නමුත් එතෙක් කාලයක් වරින්වර බලය ලැබී තිබියදී ඔවුන්ට කිසිවක් කළ නොහැකි වූ බව එම ඉල්ලීම් වලට එකඟව කටයුතු කරන බොහෝ දෙනෙක්ට නොපෙනෙන බවද ඔහු වටහා ගත්තේය. බලය නොලබන බව පැහැදිලිවම දනිමින්, ප්‍රධාන පක්ෂ වල නුගුණ වයනා, කිසිසේත්ම ප්‍රයෝගික නොවන සුරංගනා කතා ඉදිරිපත් කරන විකල්ප බලවේග සිදු කරනුයේද නාට්‍යනුසාරයෙන් තම පැවැත්ම තහවුරු කරගැනීම පමණක් බව ඉතිහාසය විසින් තහවුරු කළ නිදසුන් ද සමඟින් ඔහු දුටුවේය. "නැවත මෙසේ නොවීමට මොළේ භාවිතා කර ඡන්දය දෙන්න" යනුවෙන් පවසන ස්ථිරව දිය යුතු අයෙක් සඳහන් නොකරන සෑම ප්‍රකාශයකම කෙළවර කුමන හෝ දේශපාලන අභිලාෂයක් පෙරදැරි කරගත්තෙක් මුවා වී සිටින බවද බොහෝ අවස්ථා වලදී අමර දුටුවේය. අපරිණත මනසකින් හෙබි පුද්ගලයන්ගේ ලක්ෂණයක් ද දේශපාලනයේ යථාර්තය සොයා ගිය ගමනේ දී අමරට දැක ගන්නට ලැබුණි. එනම් පොදු සතුරා ට බැණ වැදී සිත සනසා ගැනීමයි. බහුතරයක් දෙනා විසින් "පොදු සතුරා" ලෙස රජය හෝ දේශපාලඥයන් තෝරා ගනු ලබන්නේ ඕනෑම සිදුවීමක් දේශපාලනය හා සම්බන්ධ කළ හැකි බැවිනි. තමාගේම තෝරාගැනීම් වල ප්‍රතිඵල පැමිණෙද්දී කළ හැකි අන් යමක් නොමැති නිසා දේශපාලකයන්ට බැණ වදිමින්, ශාප කරමින් සිත සනසා ගනිති. අමර දුටුවේ එය තමාගේම අනුවණකම් වලට තමා විසින් තමාටම බැණ ගැනීමක් ලෙසිනි. කළු සුදු කිරීමටත්, සුදු කළු කිරීමටත් හැකියාව ඇති දේශපාලනය යනු අප්රභංසයකි. ඒ පිළිිබඳව සිහිපත් කිරීමද හරසුන් වූවකි. දේශපාලනය පිළිබඳ මතකයෙන් මකා දමා කිසිත් නොදත් මෝඩයෙක් සේ දිවි ගෙවීම මානසික සෞඛ්‍යයට හිතකරය. අවසානයේ අමර එළැඹියේ එවන් තීරණයකටය. අමරගේ තීරණය නිවැරදිදැයි විනිශ්චය කිරීම ඔබට බාර කරමි. ස්තූතියි! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom