අමල් සිල්වාට අයත් බව කියන මෝටර් රථ 3ක් පොලිස් භාරයට
හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ඇතුළු ජීප් රථ 3ක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අද (01) සිය භාරයට ගනු ලැබීය.
ඒ, පිංවත්ත හා රත්මලාන යන ප්‍රදේශවලදීය.
රජයේ ආයතනවලින් භාවිතයට නුසුදුසු ලෙස සඳහන් කරමින් ඉවත්කරන ලද වාහනවල අංක තහඩු යොදා අදාළ වාහන තුන භාවිත කර ඇති බවට සැක කරන බව පොලීසිය පැවසීය.
pinwaththen hoya gannawa kiyanne ithin, owa mala horage badu thamai