එකම අංකයෙන් ධාවනය කළ තුන්වන රථයත් පොලිස් භාරයට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නීති වීරෝධීව මෙරටට ආනයනය කළ ජීප් රථයක් ව්‍යාජ අංක සහිතව තලංගම ප්‍රදේශයේ ධාවනය වන බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එම රථය අද (12) සිය භාරයට ගනු ලැබීය.

    එම ප්‍රහාරක බළකායේ බුද්ධි නිලධාරින් දෙදෙනෙකු ආවේක්ෂණ රාජකාරි කටයුතු සඳහා යොදවා, පැලවත්ත ජපන් මිත්‍රත්ව පාරේ පාර්ලිමේන්තු පාර හංදිය අසලදී අදාළ ජීප් රථයත් එය පැදවූ පුද්ගලයාත් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම රථය මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ රථයක් වන අතර, එහි වැඩිදුර විමර්ශන කටයුතු තලංගම පොලිසිය විසින් සිදුකරනු ලබයි.
    අත්අඩංගුවට ගත් රථයේ රියදුරු 52 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු මහර ආසනයේ ප්‍රබල දේශපාලන පක්ෂයක සංවිධායකයෙකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලීසිය පවසයි.

    එමෙන්ම ඔහු හිටපු ජනාධිපතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ.
    පොලීසිය භාරයට ගත් මෙම ජීප් රථය කෝටි 04කට අධික වටිනාකමකින් යුතු බව පොලීසිය පවසයි.

    මෙම රථය ඉතා සුක්ෂම ලෙස කන්ටේනරයක් තුළ බහා මෙරටට ආනයනය කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
    මේ අතර නීතිවිරෝධීව මෙලෙස මෙරටට ගෙන්වනු ලබන වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පිරිසක් විසින් කූඨ ලේඛන සකස් කර පරිගණක දත්ත පවා වෙනස් කරමින් කටයුතු සිදුකරන බවටත් මෙම අත්අඩංගුවට ගැනීම හරහා පොලීසියට කරුණු වාර්තා වී ඇත.

    අත්අඩංගුවට ගන්නා ලද මෙම රථයේ ලියාපදිංචි අංකයෙන්ම යුතු විදුලි කාර් රථයක් 2018 වර්ෂයේදී වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එමෙන්ම එම අංකයෙන් යුත් මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් 2019 වර්ෂයේදී ද එම ප්‍රහාරක බළකාය විසින්ම සිය භාරයට ගෙන ඇත.
    ඒ අනුව මෙවරද වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින්ම මෙම සුඛෝපභෝගි ජීප් රථය අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක්ය.

    ranil ponna wesige puthai mahind aponnayai karapu sanwaradanya onna

    @2osama @G Starlin @monson @hirashgeff @dxx
     
    • Like
    Reactions: Naughtykolla48