අම්මට කියන්න ලැජ්ජයි (02 කොටස)

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අම්මට කියන්න ලැජ්ජයි (02 කොටස)

    ටික දවසකට පස්සේ මේ ලිපි මාලාව අලුත්ම කොටස කියවන්න පටන්ගන්න ඔබට මෙහි පළවෙනි කොටස මෙතනින් කියවන්න පුළුවන්. හරි එහෙනම් අද කොටසින් කතාකරන්න බලාපොරොත්තුවෙන කාරණය ගැන මෙන්න මෙහෙම ප්‍රවේශයක් ගමු.

    සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙක්ගේ නව යොවුන් වියේදි සිද්ධවෙන්න පුළුවන් ඉතාම වෙනස් විදිහක අත්දැකීමක් තමයි ඇය පළමු වතාවට ඔසප් වීම හෙවත් ආර්තවය (Menstruation) ආරම්භවීම. ලංකාවේ සමාජය ඇතුලේ ‘මල්වරවීම’ හෝ ‘වැඩිවියට පත්වීම’ නම්වලින් හඳුන්වන මේක ගැහැණු දරුවෙක්ගේ ජීවිතයේ ඉතාම වැදගත් වගේම ඉතා සංවේදී සංධිස්ථානයක් විදිහට හැඳින්වූවාට වරදක් නෑ.

    ඒත් අවාසනාවකට වගේ ලංකාවේ සංස්කෘතික සහ සමාජයීය වටපිටාව ඇතුලේ ආර්තවය ආරම්භවන නව යොවුන් දියණියකට මුහුණදෙන්න වෙන්නේ ඇතැම්විට ඉතාම ඛේදජනක සහ අප්‍රසන්න සිදුවීම් මාලාවකට. සාමාන්‍ය පොදු සමාජයේ දැරියක් ඔසප්වීම ඇරඹුවාම සිද්ධවෙන කාරණා ටික අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු.

    මුලින්ම දියණිය තමන්ගේ අම්මට හරි වැඩිහිටියෙක්ට හරි ගිහින් තමන්ගේ යෝනි මාර්ගයෙන් ලේ වහනයවීමක් සිද්ධවෙලා කියලා කිව්වට පස්සේ මුලින්ම කරන්නේ අම්මලා ඒ දියණියව නිවාස අඩස්සියට පත්කරන එක. කාටවත් දකින්න බැරිවෙන්න, කාවවත් ඇසුරු කරන්න බැරිවෙන්න කළුවර කාමරයක ටික දවසක හිර අඩස්සියට පත්වෙන්න මේ නව යොවුන් යුවතියට සිද්ධවෙනවා.

    ඊට පස්සේ කේන්දර අරගෙන දෛවඥයන් පස්සේ දුවලා, නැකැත් එහෙම බලාගෙන දින වකවානු සූදානම් කරගන්නේ විශාල සාදවලට. සමහර ගම්වල මේ සාදවලට දහස් ගණන් නෑදෑ හිතවතුන්ට කියලා බොහොම ජයට අරගෙන සමහරවෙලාවට ලාභ උපයන ව්‍යාපාරයක් බවටත් පත්කරගන්නවා. මේක ඉතාම අශෝභන වැඩක්. මේ සාදය දවස වෙනකල් වැඩිවියට පත්වුණු දියණියට හරියට නාන්න, ඇඟ සෝදගන්න අවස්ථාවක් ලැබෙන්නේ වත්, හිතේ හැටියට කිසිවෙකුත් ආශ්‍රය කරන්නවත් ලැබෙන්නේ නැතිවීම ඇතුලේ ඇය පත්වෙලා ඉන්න මානසික වික්ෂිප්තභාවය තවත් කම්පනයක් දක්වා වර්ධනය වෙන්නත් පුළුවන්.

    ඒ වගේම දියණියට තෙල් සහිත සහ පෝෂ්‍යදායී ආහාර වෙනුවට ලැබෙන්නේ බොහොම දළ ආහාර. පළමු ඔසප්වීමෙන් අකර්මණ්‍ය වෙලා ශරීරයට පෝෂණය අත්‍යවශ්‍යව සිටින දියණියකට මේ විදිහට ආහාර අහේනියක් නිසා ශරීරයේ සංකූලතා පවා ඇතිවෙන්න පුළුවන්. මේ සිදුවීම් මාලාව නිසා කෑගහලා අඬලා දුක පීඩනය පිටකරගන්න දියණියන් මේ සමාජය ඇතුලේ අනන්තවත් ඉන්නවා.

    නමුත් බොහොමයක් රටවල පළමුවර ඔසප්වෙන දියණියකට මුහුණ දෙන්නට වෙන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් ධනාත්මක සිදුවීම් මාලාවකටයි. ඒ නිසා ඔබේ දියණියකගේ, සොහොයුරියගේ අවශ්‍යතාව සහ සංවේදීතාව තේරුම්ගන්න මේ ලිපිය ඔබට සෑහෙන්න වැදගත් වේවි, ඒ වගේම මේක කියවන දියණියන්ට තමන්ගේ අවශ්‍යතාවය දෙමාපියන්ට නිවැරදිව සහ සෘජුව සන්නිවේදනය කරන්නත් හොඳ අවස්ථාවක් වේවි.

    මුලින්ම වැඩිවියට පත්වුණු දියණියව සිර අඩස්සියට පත්කරන එක වළක්වන්න. මොකද එහෙම කළා කියලා වෙන හොඳක් නැති නිසා. ඇයට සිද්ධවෙන මානසික වික්ෂිප්තභාවය සහ මේ අලුත් අත්දැකීමෙන් ඇයව මානසිකව නොවැටෙන්න කරන්න ඕන හොඳම දේ තමයි ඇය එක්ක ඉතා විවෘතව සහ ආදරණීයව කතාකරලා මේ සිදුව ඇති දේ පැහැදිලි කරන එක. “මගේ දුවේ.. ඔයාට මේ සිද්ධවෙලා තියෙන්නේ ඔසප්වීම කියන එක.

    ඔයාගේ වයසේ ඕනම ගෑණු දරුවෙක්ට මේක සිද්ධවෙන දෙයක්.. මේකෙන් වෙන්නේ ඔයාගේ ගර්භාෂය දරුවෙක් බිහිවෙන්න පුළුවන් තත්වයට පත්වීම.. ඒ කියන්නේ දැන් ඔයා එක පැත්තකින් ලොකු ළමයෙක්.. ඒ වගේම මේක මෙතනින් පස්සේ මාසයක් ගාණේ සිද්ධවෙනවා..ඒ නිසා ඔයාට අද ඉඳන්ම සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්න වෙනවා..ඒ වගේම පිරිසිදුව ඉන්න වෙනවා.. ඔයාට දරුවෙක් ලැබෙනකල්ම මේක මාසයක් පතා සිද්ධවෙන සාමාන්‍ය දෙයක්..දරුවෙක් ලැබිලත් ටික දවසකින් ඒක ආයෙත් පටන්ගන්නවා..ඔයාට දුක්වෙන්න කලබල වෙන්න කිසිම දෙයක් නෑ..දවස් කීපයකින් ආයෙත් පුරුදු විදිහටම ඔයාට හිටියටත් වඩා සතුටින් ගතකරන්න පුළුවන්...”

    මේ වචන ටික ඔබේ දියණියගේ මානසිකත්වය ඉතාම ශක්තිමත් කරාවි. ඇයිට වෙනසක් නොදැනේවි. ඒ නිසා මානසික කඩාවැටීමකින් හුදෙකලාවකින් තොරව ගතකරන්න පුළුවන්. පිරිමි අය දැක්කොත් කියලා හංගලා තියාගන්න එපා, ඔවුන් ඇසුරුකිරීමෙන් අමුතු සන්නියක් දියණියට හැදෙන්නේ නෑ කියන එක ඔබටම තේරුම්ගන්න පුළුවන් වෙයි.

    ඇත්තෙන්ම ඔසප්වීම ඇරඹීමත් එක්කම ශරීරයෙන් රුධිරය විශාල ප්‍රමාණයක් පිටව යෑමත් එක්ක යොවුන් දියණියගේ ශරීරයට වෙනදාටත් වඩා පෝෂ්‍යදායී ආහාර පාන අවශ්‍ය වෙනවා. ඒ නිසා මස්,මාළු,බිත්තර සහිතව හොඳින් එළවළු එක්ක, ඒ විතරක්ම නෙවෙයි හොඳ අතුරුපසක් එක්ක හොඳ ආහාර වේල් දෙන්න අමතක කරන්න එපා.

    බොරු වියදම් කරලා සාද පවත්වනවා වෙනුවට දියණියගේ අනාගතය වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් ඒ මුදල් ආයෝජනය කරන්න, නැත්නම් තැන්පත් කරලා තියන්න. ඒක කවදාහරි බොහොම වැදගත් වෙයි. පුළුවන් තරම් ඇයට අලුත් ජීවිතයක් පෙන්නලා හිතට බර වැඩිකරනවා වෙනුවට ඇයගේ සැහැල්ලුවට තවත් ඉඩදෙන්න. ඒ වගේම ඇයට හොඳ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් අධ්‍යාපනයක් දෙන්නත් අමතක කරන්න එපා.

    බොහෝ දියණියන් මේ කාරණා ටික අම්මලාට කියාගන්න බැරිව දුක්වෙනවා, පීඩාවිඳිනවා. ඒ නිසා මේ ලිපියේ අඩංගු කරුණු හැමදෙනෙක්ටම බොහොම වැදගත්වේවී යොවුන් දියණියන්ගේ ආර්තවය සම්බන්ධ කරුණු වලදි. තවත් මේ වගේම ලිපියකින් ඉක්මණින්ම දවසකදි ඔබ හමුවෙන්නම්.

    උපුටා ගැනීම www.her.lk
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ඕව නම් මහ ගොබ්බ මිත්‍යාදෘෂ්ටික අදහස්..කොහෙන් අාපු විකාර වැඩද මංද ඕවා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අතිශෝක්තියෙන් ලියල තියෙන දේවල් බන් ඔහොම නොදියුනු සමාජයක් අද නැ 99%ක් දැනුවත්..
     

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මේ අතිශෝක්තියෙන් ලියල තියෙන දේවල් බන් ඔහොම නොදියුනු සමාජයක් අද නැ 99%ක් දැනුවත්..
    කොළඹින් එළියට ගිහින් ගමක ටික කාලයක් ජීවත්වෙයන් මචං.. නැත්නම් අම්පාර, මොණරාගල ඈත පැත්තකට ගිහින් බලන්න ඕන දැනුවත්භාවය