අම්මලාගේ වදේට කසාඳ බැන්දාට
මේ මල මඟුලට
මන් කැමති උනේ නෑ....
ගෙදර වගේ නැතුව
වගකීමෙන් වැඩ කරන්න
අම්මා එහෙම කිව්වාට
මට ඕවා තේරුන් නෑ...
දුව තාම නිදිද
ගෙදර පුරුද්දට අට වෙනකම් නිදි
නැන්දම්මා ඇහැරුවේ නම්
අම්මාවගේ පස්සට දෙකක් දීලා නෙමෙයි ...
දඩබඩ ගාලා
මූණ හෝදන් යනකොටත්
කෑම මේසේ තිබුනා...
එයා කෝ
මන් ඇහුවේ මහත්තයා ගැන..
පුතා වැඩට ගියා
පහ වෙනකොට අද එනවා කිව්වා...
මාත් උදව් කරන්නද
දවල් වෙනකොට කුස්සියට ගියේ
එයාලා උයනවා ඇහුන නිසා ....
පොල් ටික ගාන්න
නැන්දම්මා කිව්ව සැනින්
මන් පැනලා ගාගෙන ගාගෙන ගියා...
මේ රැළි නේ
චූටියට හෙමින් ගාන්න
නෑනා කිව්වේ තරහකින් නෙමෙයි කියලා
මට තේරුනේ
ගෙදර දී පොල් ගාලා දුන්නාම
අම්මගෙ බනින බැනුම් සිහි වෙලා...
ටික ටික එයා පුරුදු වෙයි
නැන්දම්මා කිව්වේ
ඔලුවත් අත ගාලා...
එයා තාම නිදි
ඇහැරුනාම කියන්න මන් ගියා කියලා
අයියෝ අදත් මට නින්ද ගිහින්..
මන් දිව්වෙ සාලෙට
යන්න කලින් මූණ බලන්න..
ඔක්කොම බඩ අල්ලන් හිනා වෙනකොට
එයා පොඩ් රැවුමක් දැම්මේ
ඇයි කියලා බලන්න
මගේ දිහා බැලුවාමයි
දෙලොව රත්වුනේ...
හැල්මේ ආපහු දිව්වේ
ලැජ්ජාවෙන් ඇබරි ඇබරි
නයිටිය දිහා බලන්...
ඔයා අද පරිප්පු හදන්න
නෑනා කිව්වාම
මන් එයාලා කියලා දුන්න විදිහට හැදුවා..
හරිම රසයි නේද පුතා
නැන්දම්මා එයාට කිව්වාම
එයත් හිනාවෙලා ඔලුව අත ගෑවා...
කියන තරම් රසක් නෑ කියලා
මට දැනුනෙ මන් කෑවම
ඊට වඩා රසට උයන්න ඕන
කියලා මන් හිතා ගත්තා...
පස්සෙ පස්සෙ
ගෙදරින් උදේම නැගිට්ටෙ මන්
ඒ හැම දවසකම
එයත් නැගිටලා කුස්සියට ආවා...
දැන් රසටම උයන්න පුළුවන් නේද
නැන්දම්මා කිව්වේ
ඔක්කොටම ඇහෙන්න..
එදා ඔක්කොටම කෑම හැදුවේ
මන් තනියෙන්ම....
එදා පරිප්පු එක රස නෑ නේද
හිතේ තියන් හිටපු දෙයක් මන් ඇහුවේ...
මෙයා මුලින් ම
පරිප්පු උයපු දවසෙ ඔයිට අන්තයි
අම්මා කිව්වේ නෑනව පෙන්නලා....
ඔක්කොම හයියෙන් හිනා වෙනකොට
මන් කල්පනා කරේ
ගෙදර ට වැඩිය සතුටින්
මන් මෙහෙ ඉන්නවා නේද කියලා .....
සැමියෙක් යාලුවෙක් වෙන තැන
නැන්දම්මා නොවී අම්මා වෙන තැන.
නෑනා නොවී සහෝදරිය වෙන තැන
කසාඳ ජීවිතේ හරිම සොදුරුයි කියලා
මගේ හිත කිව්වා ..........
B.M.N.සඳූ බස්නායක
මේ මල මඟුලට
මන් කැමති උනේ නෑ....
ගෙදර වගේ නැතුව
වගකීමෙන් වැඩ කරන්න
අම්මා එහෙම කිව්වාට
මට ඕවා තේරුන් නෑ...
දුව තාම නිදිද
ගෙදර පුරුද්දට අට වෙනකම් නිදි
නැන්දම්මා ඇහැරුවේ නම්
අම්මාවගේ පස්සට දෙකක් දීලා නෙමෙයි ...
දඩබඩ ගාලා
මූණ හෝදන් යනකොටත්
කෑම මේසේ තිබුනා...
එයා කෝ
මන් ඇහුවේ මහත්තයා ගැන..
පුතා වැඩට ගියා
පහ වෙනකොට අද එනවා කිව්වා...
මාත් උදව් කරන්නද
දවල් වෙනකොට කුස්සියට ගියේ
එයාලා උයනවා ඇහුන නිසා ....
පොල් ටික ගාන්න
නැන්දම්මා කිව්ව සැනින්
මන් පැනලා ගාගෙන ගාගෙන ගියා...
මේ රැළි නේ
චූටියට හෙමින් ගාන්න
නෑනා කිව්වේ තරහකින් නෙමෙයි කියලා
මට තේරුනේ
ගෙදර දී පොල් ගාලා දුන්නාම
අම්මගෙ බනින බැනුම් සිහි වෙලා...
ටික ටික එයා පුරුදු වෙයි
නැන්දම්මා කිව්වේ
ඔලුවත් අත ගාලා...
එයා තාම නිදි
ඇහැරුනාම කියන්න මන් ගියා කියලා
අයියෝ අදත් මට නින්ද ගිහින්..
මන් දිව්වෙ සාලෙට
යන්න කලින් මූණ බලන්න..
ඔක්කොම බඩ අල්ලන් හිනා වෙනකොට
එයා පොඩ් රැවුමක් දැම්මේ
ඇයි කියලා බලන්න
මගේ දිහා බැලුවාමයි
දෙලොව රත්වුනේ...
හැල්මේ ආපහු දිව්වේ
ලැජ්ජාවෙන් ඇබරි ඇබරි
නයිටිය දිහා බලන්...
ඔයා අද පරිප්පු හදන්න
නෑනා කිව්වාම
මන් එයාලා කියලා දුන්න විදිහට හැදුවා..
හරිම රසයි නේද පුතා
නැන්දම්මා එයාට කිව්වාම
එයත් හිනාවෙලා ඔලුව අත ගෑවා...
කියන තරම් රසක් නෑ කියලා
මට දැනුනෙ මන් කෑවම
ඊට වඩා රසට උයන්න ඕන
කියලා මන් හිතා ගත්තා...
පස්සෙ පස්සෙ
ගෙදරින් උදේම නැගිට්ටෙ මන්
ඒ හැම දවසකම
එයත් නැගිටලා කුස්සියට ආවා...
දැන් රසටම උයන්න පුළුවන් නේද
නැන්දම්මා කිව්වේ
ඔක්කොටම ඇහෙන්න..
එදා ඔක්කොටම කෑම හැදුවේ
මන් තනියෙන්ම....
එදා පරිප්පු එක රස නෑ නේද
හිතේ තියන් හිටපු දෙයක් මන් ඇහුවේ...
මෙයා මුලින් ම
පරිප්පු උයපු දවසෙ ඔයිට අන්තයි
අම්මා කිව්වේ නෑනව පෙන්නලා....
ඔක්කොම හයියෙන් හිනා වෙනකොට
මන් කල්පනා කරේ
ගෙදර ට වැඩිය සතුටින්
මන් මෙහෙ ඉන්නවා නේද කියලා .....
සැමියෙක් යාලුවෙක් වෙන තැන
නැන්දම්මා නොවී අම්මා වෙන තැන.
නෑනා නොවී සහෝදරිය වෙන තැන
කසාඳ ජීවිතේ හරිම සොදුරුයි කියලා
මගේ හිත කිව්වා ..........
B.M.N.සඳූ බස්නායක