අම්මලාට යුනිෆෝම් ඇන්දවීම

Jamis Banda

Member
Jul 19, 2015
15
7
0
Srilanka
අම්මලාට යුනිෆෝම් ඇන්දවීම

අම්මලාට යුනිෆෝම් ඇන්දවීම
Namitha%2BSaree%2B2.jpg

අතිශය කාර්‍යබහුල වූ දෛනික ජීවිතයෙන් පැය කිහිපයක් වෙන් කරගෙන තම දරුවාගේ තොරතුරු විමසිමට පාසලට එන මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්‍ය යැයි පාසැල් බලධරයන් විසින් දමා ඇති කොන්දේසියට සමාජයක් වශයෙන් අප එකඟ වූයේ කොතනද, යන පැනයට පිළිතුර මා දන්නේ නැත.

කාන්තාව සිය ගෞරවය ප්‍රකාශ කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කරන සමාජ ක්‍රමයක් තුළ පාසලකට පැමිණෙන මව්වරුන්ව පවා පුහු සදාචාරාත්මක සළුවකින් ඔතා ඊනියා ශිෂ්ඨත්වයක් ආරූඩ කොට පාසැල් බලධරයන් උත්සාහ කරන්නේ කාන්තාවව සංස්කෘතික බඩුවක් ලෙස භාවිතා කරන සමාජයකින් හොඳ නමක් දිනා ගැනීමටය. යහපත් ප්‍රතිරූපයක් හදා ගැනීමටය. පාසැල වැදගත්ය, ගෞරවනීයය, විශේෂ ස්ථානයක්ය කියා ඒත්තු ගැන්වීමටය.

ලාංකීය සමාජය සාරිය ගැන ඇති උන්මාදයට හේතුව වටහා ගැනීම පහසු නැත. සමහර විට සාරිය සමඟ අපේ ඇඳුමක් යන ලේබලය පැමිණෙන නිසා විය හැක. එසේත් නැතිනම් සාරිය ශිෂ්ඨ ඇඳුමක් ලෙස ඇති සම්මතය නිසාද විය හැක.

පාරිශුද්ධ වූ සංස්කෘතීන් කිසිත් නැති ලෝකයේ අපේම කියා වැළඳගන්නවා නම් අවසානයේ අමුඩයවත් ඉතිරිවේද යන ප්‍රශ්නය අප සමාජය හමුවේ නොනැඟීම අමතක කරමු. එහෙත් සාරිය ශිෂ්ඨ ඇඳුමක් ලෙසත්, ඊට සාපේක්ෂව අනෙක් ඇඳුම් ශිෂ්ඨ බවෙන් අඩු (හෝ අශිෂ්ඨ) ඇඳුම් ලෙසත් ඇති පිළිගැනීම ගැන අවධානය යොමු කිරීම වටියි.

පාසල් බලධරයන් විසින් ඇඳුමක ශිෂ්ඨ බව මනින්නේ කෙලෙසදැයි අපි නොදනිමු. ශරීරය අවම වශයෙන් නිරාවරණය වීම පදනම් කොටගෙන ශිෂ්ඨ බව මනින්නේ නම් සාරියට වඩා ශිෂ්ඨ ඇඳුම් කොතෙකුත් තිබේ. සාරියට සාපේක්ෂව පහසු (යැයි කාන්තාවන්ම කියන) සාය සහ බ්ලවුසය ඉන් එකකි. කලිසම සහ බ්ලවුසය තවත් එකකි. නාභියෙන් අඟල් දෙක තුනක් පහළට සිය උදරය නිරාවරණය වන සේ සිය පියයුරු උලුප්පා පෙනෙන අයුරින් සාරිය අඳිනා ගුරුවරියන් පවා අප දැක ඇත. ඉන, ඉඟ, නාභිය, ළැම, පිට නිරාවරණය වන සේ අඳිනා සාරිය, සාය සහ බ්ලවුසයකට වඩා ශිෂ්ඨ යැයි යමෙක් දකින්නේ කෙසේද යනුවෙන් යමෙක්ට සාධාරණ පැනයක් නැඟිය හැක (සාරිය යනු අශිෂ්ඨ ඇඳුමක් කියා මින් නොකියවෙයි). එසේ තිබියදී පාසල් බලධරයන් විසින් මව් වරුන් හට ඇඳීමට ඇඳුමක් නියම කොට (dress code) ඒ ඇඳුම ලෙස සාරිය ද තෝරාගෙන නිලනොවන නීතියක් සමාජය මත පටවා තිබේ.

මව්වරුන්ට මෙන් නොව පියවරුන්ට ඇඳුම පිළිබඳ නීති පනවා නැත. ඔවුන්ව බලෙන් සංවර කල යුතු බවක් පෙනෙන්නට නැත. පාසැලට පැමිණෙද්දි ඇඳිය යුත්තේ කලිසම්ද, ඩෙනිම් කලිසම්ද, ෂර්ට් ද, ටී-ෂර්ට් ද, දැමිය යුත්තේ සෙරප්පුද සපත්තුද හැඟවෙන නීති රෙගුලාසි නැත. ඔවුනට තමාට කැමති, සුදුසු යැයි සිතෙන ඇඳුමක් ඇඳීමේ නිදහස ඇත. ප්‍රශ්නය තිබෙන්නේ මව්වරුන් ගැන පමණි. මව්වරුන්ගේ ශරීර ගැන පමණි.

නුසුදුසු යැයි බලධරයන් සිතනා ඇඳුමක් ඇඳගෙන පාසලට පැමිණෙන මවක් දැකීමෙන් පාසලේ සිටින ළමයින්ගේ සදාචාරය නැත්තටම නැතිවී යා හැක. පාසලේ සිටින වැඩිමහල් පිරිමි සිසු දරුවන්ට සිය සගයන්ගේ මව්වරුන් දැක්මෙන් සිය නවයොවුන් ලිංගික ආශා පාලනය කර ගත නොහැකිව කුමකින් කුමක් විය හැකිද? සිසුදරුවන් නිසා මවට සිදුවිය හැකි, මව නිසා සිදුදරුවන්ට සිදුවිය හැකි මේ මහා විනාශය කෙසේ හෝ නැවැත්විය යුතුය. මවක් නිසා පාසල් හරපද්ධතියටම සිදුවේ යැයි ඔවුන් සිතනා මේ විනාශයෙන් සිදුසිසුවියන් බේරා ගැනීමට තිබෙන එකම විසඳුම ලෙස අප අනාගත පරපුරට අකුරු කරන, හරි වැරැද්ද කියා දෙන පාසල භාරව සිටින ගුරුදෙවිවරුන් තීරණය කොට ඇත්තේ, මව් වරුන්ට බලෙන් සාරි ඇන්දවීමයි.

කොතරම් අපහසුතාවයකට මුහුණ දීමට සිදු වුවද දෙමාපියන් සෑම විටම මෙන් මෙහිදීද ශේප් න්‍යාය අනුගමනය කිරීමට පෙළඹ ඇත. මුළු රට පුරා පැතිර ඇති මෙම අර්ථවිරහිත නීතියට එරෙහිව නැඟී සිටීමට කිසිවෙකුටත් උවමනාවක් නැත. මෙම නීතිය පැහැදිලි ලෙසම පාසල් බලධරයන් විසින් සිය අධිකරී බලය අනිසි ලෙස භාවිත කිරීමකි. පාසැල් සිසුන් මත තමා පතුරවන අධිකාරී බලය වැඩිහිටි සමාජය මතද පැතිරවීමකි.

මේ මව්වරුන් සහ පියවරුන්ගේ කොඳුනාරටි ඔවුන් සිසුසිසුවියන් වූ කාලයේදී කඩා ඉවත්කර දමා නිවටයන් බවට පත්කොට ඇත්තේද සිසුන් පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් මතද දැඩි ලෙස තම අධිකාරී බලය පතුරවන මෙම පාසල් පද්ධතිය විසින්මය. අද වැඩිහිටියන් ලෙස එම පාසැල් පද්ධතියේම අඩන්තේට්ටම් වලට ලක් වෙද්දි ඒ අසාධාරණයට එරෙහිව නැඟී සිටීමට ඔවුනට කොන්ද පණ නැති වීම පුදුමයක් නොවේ.

පාසල් බලධරයන් විසින් මෙවන් අර්ථශුන්‍ය නීති වෙනුවෙන් නිදහසට කාරණා ලෙස ඉදිරිපත් කරන්නේ සිසුසිසුවියන්ට හැදිච්චකම කියා දිය යුතු බවයි. එයට මව්පියන් ආදර්ශය සැපයිය යුතු බවයි.

මෙම මුග්ධ විදුහල්පතිවරුන්ගේ අමන තියරි වලට සිනාසිය යුත්තේ අධෝමුඛයෙන්ය. පාසැලට එන මව්වරුන්ගේ ශරීර බලෙන් සාරි වලින් එතීමෙන් ළමයාට යන පණිවුඩය කුමක්ද?

මෙහිදී ඔවුනට ලැබෙන ආදර්ශය වෙන කිසිවක් නොව, තමාගේ මව ඇතුළු මුලු කාන්තා පරපුරම ඇඳුම් වලින් ඔතා පිරිමි අශිෂ්ඨකම් වලින් ආරක්ෂා කල යුතු ලිංගික බඩු බවය. පියවරුන් සහ පිරිමියන් මෙන් නොව මව්වරුන් සහ ගැහැණුන්ව මෙල්ල කල හැක්කේ නීති දමා පාලනය කිරීමෙන් බවය. එසේම බලය දරන්නන් තමා මත පතුරවන අධිකාරී බලයට කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අවනත විය යුතු බවය. එසේ අවනත වීමෙන් ජීවිත සැපවත් සහ පහසු වන අතර ‍ප්‍රශ්න කිරීමට යාමෙන් නැති ප්‍රශ්න සහ ගැටළු වලට මුහුණ දෙන්නට සිදුවන බවය. සදාචාරය යනු මූනිච්චාවට බලය ඇත්තෙක් ඉදිරියේ රඟදක්වන බලය ඇත්තා නැති තැන නැතිව යන නොකර බැරිකමට අමාරුවෙන් කරන රැවටිලිකාර වැඩ බවය.

අප සෑම දේම කිරීමට පුරුදුව ඇත්තේ මූනිච්ඡාවටය. සිත සනසා ගැනීමටය. පාසලට එන මව්වරුන්ව සාරි වලින් ඔතා අනේ අපේ හැදියාව යැයි සිතමින්, අපේ ළමයි දැන් පිළිවෙලට අඳින හැටි දැනගන්නවා යැයි සිතමින් සැනසෙන්නෙමු. පාසලේ ගත කරන දවසේ පැය පහ හයට පෙර සහ පසු දරුවා සමාජයෙන් දකින්නේ කුමක්ද කියා සිතීමට අපට උවමනා නැත. පැය කිහියකට සීමා කරන ලද රඟපෑමකින් දරුවා රැවටිය හැකි බව අපි සිතමු. පාසලට සාරිය ඇඳන් එන මව පොළට යන්නේ කුමක් ඇඳගෙනද? නෑගම් යන්නේ? මංගල උත්සවයන් වලට සහභාගි වෙන්නේ? සාරිය හැර අනෙක් ඇඳුම් ශිෂ්ඨ නොවන බව කියනා අය ඉස්ලාම් අන්තවාදීන් විසින් සිය කාන්තාවට බුර්කාව ඇඳීම අනිවා‍ර්‍ය කොට ඇත්තා සේ අප ගැහැණුන්ටද සාරිය ඇඳීම අනිවාර්‍ය කල යුතුය.

මෙහිදී ආගමික ස්ථාන වලට අදාලව සමාජයේ පවතින සම්මුතීන් හෝ රාජකාරී ස්ථාන වල කාර්‍ය මණ්ඩල භාවිතා කරන නිල ඇඳුම් සමඟ මෙම සාරි පැටලවීමේ ඇති වෙනස වටහා ගැනීම වැදගත්ය.

සමහර රටවල නිරුවත් වෙරළ තීරයන් (nude beach) ඇති බව අප සැවොම දන්නා කාරණයකි. කෙසේ වෙතත් සම්පූර්ණ නිරුවතින් සිටිය යුතු වල වෙරළ තීරයන්ට ඇතුල්වීමට හෝ නොවීමට වැඩිහිටි සියල්ලන්ට නිදහස ඇත. නිරුවත් වීමට කැමති අයට ඇතුළු විය හැක. අකමැති අයට එළියට වී සිටිය හැක. ආගමික ස්ථානයකට ඇතුළු වීමේදීද එය එසේමය. යම් ආයතනයකට රැකියාවකට සම්බන්ධ වීමේදීද එය එසේමය. යම් dress code එකක් අනුගමනය කල යුතු උත්සවයකට සහභාගී විමේදීද එය එසේමය. නමුත්,

ඒවා සහ පාසලට පැමිණෙන දෙමාපියන් අතර වෙනස පාඨකයා වටහා ගනු ඇතැයි සිතමි.

මෙවන් ආකල්ප ඇති විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් දැනුම ලබා ගන්නා අප අනාගත පරපුරට තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්නාන්සේලාගේ පිහිට පතනවා හැර කුමක් කරම්ද?

තම පාසලට පැමිණෙන, යන එන අය සම්බන්ධ පාලනය කිරීම් ගැන නීති රෙගුලාසි පැනවීමට පාසැල් අධිකාරියට බලය ඇති බව සැබවකි. එහෙත් ඒ බලය අනිසි ලෙස, අර්ථ්ශුන්‍ය ලෙස භාවිතා කිරීම වැරදිය. එසේ කරනා අවස්ථාවන් හිදී එයට විරුද්ධවීමටත්, එයට එරෙහිව නැඟීසිටීමටත් දෙමාපියන්ට අයිතියක් ඇත. දැන්වත් දෙමාපියන් විසින් මෙම මුග්ධ නීති වලට අවනත වීම ප්‍රතික්ෂේප කල යුතුය.

එසේ නොවුවහොත් අපේ සංස්කෘතිය නම් වූ කවරයෙන් ඔතා ඇති අසූචි මල්ලක් වුවත් සුවඳ දුම් අල්ලා වන්දනාමාන කිරීමට සැදී පැහැදී සිටින අප සමාජය තුළ මෙම ප්‍රවනතාව තව තවත් ප්‍රචලිත වීමට වැඩි කලක් ගත නොවනු ඇත.


https://asammathasatahan.wordpress.com/ බ්ලොගයෙනි
 
Last edited:

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    meka liyapu ekata sariyak andawanna one issella.
    kisidu harayak natha.
    ලියපු එකාම තමා දාල තියෙන්නෙ. තමන් පොර කියල පෙන්නෙන්න බ්ලොග් ලියනකොට මෙහෙම ඒව ලියන්න වෙනව.
     

    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    ලියපු එකාම තමා දාල තියෙන්නෙ. තමන් පොර කියල පෙන්නෙන්න බ්ලොග් ලියනකොට මෙහෙම ඒව ලියන්න වෙනව.

    ow, wennathi
    apith iskole giya.
    mehema dewal nam hinenwath hithuwe nehe.
    amma kenektath mun kiyana katha, :no:
    asahanaye uparima lakshana.

    පාසැලට එන මව්වරුන්ගේ ශරීර බලෙන් සාරි වලින් එතීමෙන් ළමයාට යන පණිවුඩය කුමක්ද?

    මෙහිදී ඔවුනට ලැබෙන ආදර්ශය වෙන කිසිවක් නොව, තමාගේ මව ඇතුළු මුලු කාන්තා පරපුරම ඇඳුම් වලින් ඔතා පිරිමි අශිෂ්ඨකම් වලින් ආරක්ෂා කල යුතු ලිංගික බඩු බවය.