අම්මාගේ තැන ලාංකික ආයම්මාට දුන් එමිර් ජා&#3501

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අම්මාගේ තැන ලාංකික ආයම්මාට දුන් එමිර් ජා&#3501

    අම්මාගේ තැන ලාංකික ආයම්මාට දුන් එමිර් ජාතික තරුණයා



    තමා කුඩා කාලයේ සිට රැක බලාගත් ශ්‍රී ලාංකික ජාතික ආයම්මා මුළු ජීවිතකාලයේදීම බලා ගන්නා බවට ඇය හමුවේ පොරොන්දුවන අපූරු එමීර් ජාතික තරුණයෙකු ගැන සදහන් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය සේවා ඔස්සේ දැඩි අවධානයක් යොමු වී ඇත.
    එම වීඩියෝ පටය කලීජ් ටයිම්ස් පුවත්පත් වෙබ් අඩවියේ පළ කර තිබූ අතර එහි සදහන් වන ආකාරයට සැලී නැමැති එම ලාංකික කාන්තාවක වූ එම කාන්තාව වසර 36ක් පුරා එම එමීර් ජාතික මෙම තරැණයා සහ ඔහුගේ සහෝදරයින් රැක බලා ගෙන ඇත.විවාහක ඇයට ඇයගේම දරැවන් නොමැති බවද සදහන්ය.
    එසේ සේවය කරමින් සිටියදී එම ලාංකික කතගේ සැමියා හදිසියේම අසනීප වී ජීවිතක්ෂයට පත්ව ඇත.මෙම සිද්ධියෙන් දැඩි කම්පාවට පත් වේ යැයි කියන බියෙන් එම කණගාටුදායක පුවත තම ලාංකික ආයම්මාට නොපැවසීමට මෙම එමීර් ජාතික තරැණයා පියවර ගත්තේය.
    ඒ අනුව ඇයට වහා ලංකාවට යෑමට ගුවන් ටිකට් පත් වෙන් කරවා ඇයගේ ගමනට අවශ්‍ය පහසුකම් ලබා දීමටද මෙම තරැණයා කටයුතු කර ඇත.සමාජ මාධ්‍ය වල පළ වන වීඩියෝ පටයේ සදහන් එම එමීර් තරැණයා විසින් සිය ලාංකික ආයම්මා ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් රැගෙන ගොස් ගුවන්තොටුපළ වෙත ඇරලවා ඇයගෙන සමුගන්නා ආකාරයයි.
    ඇයට කිසිදු දුකක් දැනෙන්නට කටයුතු නොකරන මෙම තරැණයා තමාව සහ තම සහෝදර සහෝදරියන් කුඩා කාලයේදී බලා ගත් අයුරැ සිහිපත් කර දෙන අතරම එම තරැණයාගේ කාරැණික වදන් හමුවේ හැගුම්බරවන ආයම්මාද එම තරැණයාට ආශිර්වාද කරන අයුරැද වීඩියෝ පටයේ දැක්වේ.
    එසේම ලංකාවට ගොස් යළි තමන් ඇතුළු පවුලේ පිරිස් සමග සේවකයෙකු මෙන් නොව මුළු ජීවිත කාලයේම සිටින්නට එනු ඇතැයි තමන් බලාපොරොත්තුව වන බව එම එමීර් ජාතික තරැණයා සිය ලාංකික ආයම්මා හමුවේ පවසා ඇත.එය අල්ලා දෙවියන්ගේ සහ තම පවුලේ කැමැත්ත බවද එම තරැණයා ඇයට පවසා ඇත.
    අරාබි බසින් වචන හුවමාරැ වන මෙම වීඩියේ පටය මේ වන විට ඉන්ස්ටග්‍රෑම් , ඇතුළු විවිධ සමාජ මාධ්‍ය වල පළ වී ඇති අතර එය දෙලක්ෂ තිස් දහසකට වැඩි පිරිසක් නරඹා ඇති බව වාර්තාවේ.
    වීඩියෝව නැරැඹීමට පිවිසෙන්න - https://m.khaleejtimes.com/news/general//video-emirati-invites-maid-to-live-with-his-family-in-dubai-after-her-husband-passes-away-in-sri-lanka-
    ( තිළිණි ද සිල්වා )
    කලීජ් ටයිම්ස් ඇසුරෙනි.
     
    • Like
    Reactions: Ayesh Dilshan

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොද තම්බි කියල ජාතියක් ඉන්නව බන්..
    ඔය ඊස්ට් යුරොප් වල එහෙම.. උන්ට මේ අගම පතුරවන, වහාබ් වාදි පිස්සු උකන්නෝ නෙවෙයි උන්... ලංකාවෙ උනත් 10%ක වත් ඉන්නව හොද මුස්ලිම් අය.. උන් බොහොම සාමකාමීව ජිවත් වෙනවා අගම් පිස්සුව නැතුව...
    අරාබිකරෙන් ඔහොම දෙයක් ඇහෙන එකත් සතුටක් තමා...
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හොද තම්බි කියල ජාතියක් ඉන්නව බන්..
    ඔය ඊස්ට් යුරොප් වල එහෙම.. උන්ට මේ අගම පතුරවන, වහාබ් වාදි පිස්සු උකන්නෝ නෙවෙයි උන්... ලංකාවෙ උනත් 10%ක වත් ඉන්නව හොද මුස්ලිම් අය.. උන් බොහොම සාමකාමීව ජිවත් වෙනවා අගම් පිස්සුව නැතුව...
    අරාබිකරෙන් ඔහොම දෙයක් ඇහෙන එකත් සතුටක් තමා...

    :yes:එක පාරක් ඔයවගේ අරාබි කෙනෙක් ලංකාවට ඇවිත් එයාව පොඩි කාලේ බලාගත්ත කෙනාව ලෙඩ වෙලා කියලා ආරංචි වෙලා.ලංකාවේ හොදම ප්‍රයිවෙට් හොස්පිටල් එකක නවත්තලා එයාම ඔක්කොම වියදම් කරලා හොද වෙනකන්ම.ලෝකේ ඕන රටක හොද මිනිස්සු,නරක මිනිස්සු ඉන්නවා.:yes: