අම්මා නැති දියණියකට ලියමි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අම්මා නැති දියණියකට ලියමි

අම්මා නැති දියණියකට ලියමි

ඇය ගියත් මැකිලා
දිවි දුනි නුඹම හින්දා
නුඹ ගියොත් මැකිලා
කවුරු අරුතක් දෙයිද ඇයටා

නුඹේ විකසිත හද
දකිනු පිබිදී එනු රිසින
හීන මැව් සඳ තුටින
කවුරු අරුතක් දෙයිද ඇයටා

සුපෙම් සඳ මෝරා
නුඹත් දවසක් වෙයි අම්මා
එදින තුරු සැනසිලා
හිඳියි ඇය හෙට වෙන්න අත්තම්මා


කාව්‍ය සංකල්පය- මාලන් විදානපතිරණ
(සත්‍ය සිදුවීමක් ඇසුරිනි)