අම්මා හඬයි......................

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
අම්මා හඬයි......................


දිරියෙන් ඉදිරි පෙරමුන ගෙන යුද වැදුනේ

ඔබගෙයි පුතුනී මව්‍ රැක ගත යුතුනේ

සොයුරන් ඉදිරි පෙළ එක පිට ඇද වැටුනේ

නැත මගෙ පුතුන් බිය ගෙන ආපසු හැරුනේ



ගෙන අත අවිය ඉදිරියටම දිව යන්නා

සැඟවු විටදි වන සිව්පා උන් මෙන්නා

දුරුවල තැනින් සතුරන් බල බිද ලන්නා

නිර්බය පුතුන් මගෙ සටනට උර දුන්නා



ජනපතිතුමා නොබියව අත්සන දුන්නේ

ගොටාභයයි නියමිත දෑ ගෙන දුන්නේ

සේන්පතිතුමා විරු පුතු හට අණ දුන්නේ

විරු පුතු තමයි වෙඩි උන්ඩෙට ළය දුන්නේ



ගුවනින් ගොසින් සතුරන් බල බිදලන්නා

මුහුදින් ගොසින් සතුරන් බල බිදලන්නා

පොළවෙන් ගොසින් සතුරන් බල බිදලන්නා

හමුදා පුතුනු වන් මෙ ජය ගෙන දුන්නා



යහලුවො එකතුවී මෙ ජය අර ගන්නෙ

ජයගත් පසුව ඇයි එ ජයෙ නම ගන්නෙ

බලයෙන් කාමයෙන් ඉදිමුනු මිනිසුන්නෙ

අම්මා හඬයි නුඹලා ගැන සිත මින්නෙ



නුඹලා තුන් දෙනා ලිප් ගල් තුනකි අද

ලිප උඩ තිබෙන දෙ ගල් හෙල උනොත් බිම

ඉතිරිව ඉන්න ජඩයින්ගෙ උගුල් මැද

ඇසෙනවා මටත් පරාජයෙ සිනහා හඬ.


උපුටා ගැනීමකි
 

charurox

Member
Jul 6, 2009
2,366
33
0


ජනපතිතුමා නොබියව අත්සන දුන්නේ

ගොටාභයයි නියමිත දෑ ගෙන දුන්නේ

සේන්පතිතුමා විරු පුතු හට අණ දුන්නේ

විරු පුතු තමයි වෙඩි උන්ඩෙට ළය දුන්නේ


උපුටා ගැනීමකි

මචන්,,,
සෙන්පතිතුමා කව්ද කියලා කිව්වොත් නරකද?