අම්මා
සසර පුරුද්දට සුවඳක් දැනුණා
මාහද ගැඹරේ එසුවඳ පිරුණා
ගතේ රුහිරු රන් කිරි වී එරුණා
අපෙ අම්මා බුදු ගෙයකට හැරුණා
අහස විලස මුදු සෙවණක් සදමින්
පවුරක් වී රැකවල දී යහමින්
පලා දෙමිටකින් හොද්දක් බෙදමින්
වැඩු හැටි උඹ වැඩි දෙවියෝ දකිමින්
දරුවන් තබමින් එක පේළියකට
එක එක බත් ගුලි කැව්වා රසකොට
කවුරුන් පොර බැදුවත් ලොකු ගුලියට
හැමටම දුන්නේ බත එක ගාණට
අකුරට ගියදා ආපසු එනතුරු
රැකවල සැදුවා වෙහෙසව නිරතුරු
දුක සැප දෙකටම එකසේ හුරුකෙරු
මහාමේරුවකි අම්මා ගරුසරු
සක්විති පදවිය හිමිකර දෙන්නට
අසරණ සිත උඩ පැන්නා අහසට
සෙනෙහස සයුරට, සයුරේ ගැඹුරට
මෙත් දිය මේ තරමට බුදු කෙනෙකුට
පබැඳු කවියට නුඹ ඉවකර සිට
"ලියා ඉවර වී කියවන්නැයි මට"
අම්මා ගැන ලියු ඒ කවි පොකුරට
හැළුණා සට, සට ගා නෙතු පිනිකැට
මධුරා වික*්*රමරත්න
සසර පුරුද්දට සුවඳක් දැනුණා
මාහද ගැඹරේ එසුවඳ පිරුණා
ගතේ රුහිරු රන් කිරි වී එරුණා
අපෙ අම්මා බුදු ගෙයකට හැරුණා
අහස විලස මුදු සෙවණක් සදමින්
පවුරක් වී රැකවල දී යහමින්
පලා දෙමිටකින් හොද්දක් බෙදමින්
වැඩු හැටි උඹ වැඩි දෙවියෝ දකිමින්
දරුවන් තබමින් එක පේළියකට
එක එක බත් ගුලි කැව්වා රසකොට
කවුරුන් පොර බැදුවත් ලොකු ගුලියට
හැමටම දුන්නේ බත එක ගාණට
අකුරට ගියදා ආපසු එනතුරු
රැකවල සැදුවා වෙහෙසව නිරතුරු
දුක සැප දෙකටම එකසේ හුරුකෙරු
මහාමේරුවකි අම්මා ගරුසරු
සක්විති පදවිය හිමිකර දෙන්නට
අසරණ සිත උඩ පැන්නා අහසට
සෙනෙහස සයුරට, සයුරේ ගැඹුරට
මෙත් දිය මේ තරමට බුදු කෙනෙකුට
පබැඳු කවියට නුඹ ඉවකර සිට
"ලියා ඉවර වී කියවන්නැයි මට"
අම්මා ගැන ලියු ඒ කවි පොකුරට
හැළුණා සට, සට ගා නෙතු පිනිකැට
මධුරා වික*්*රමරත්න