අම්මා_මලක්_නොව
ඒ වග ලියනු බෑ හොඳ මදිය මගෙ කට
කෙතරම් පතන මුත් බුදු නොවන අද හෙට
එන කල්පෙටත් යෙදුණ වැඩ ඇත මවකට
දර හෝ ගෑස් වෙනසක් නැතිව උදයට
උණුසුම දේ ය බැස යන සඳේ සීතට
ලොවක් පුබුදවා තේ කෝපි කහටට
සීනුව වයයි නැඟ එන්න නැවුම් ඉරකට
සාරිය, ගවුම නම පමණි ඇත්තෙ වෙනසට
මවකගෙ සතුට නැතුවාද වතක හිර කොට
වැඩ වැරුමක් කළොත් මව්වරුන් දිනකට
සිය සිය දහස් කුස් හිස්වේවි හනිකට
අම්මා මලක් නොව පේරාදෙණිය මට
නෙළා පුදනු කෙලෙසද සිරි පතුල් පිට
හැකි නම් සැණින් මම නඟිමි සදෙව් ලෝකෙට
එක් සුර කයක් බන්දමි එක් මවකට
කවිය ලොප් කරමි ලෝ සදාචාරෙට
දෙතන් හස කළෝ කවියන් අවාරෙට
සා පැටවුනේ මව් සඳ ඉරා මිහි බට
ඒ ණය ගෙවා, සැරසෙමු දෙවනු නිවනට
[SIZE=+1]Nilanka Maheshan Fernando | නිලංක මහේෂාන් ප්රනාන්දු[/SIZE]
අම්මා මලක් නොව
අඹෙන් ඉපිද කුලගෙට වැඩිය ගිනි පිට
ඒ වග ලියනු බෑ හොඳ මදිය මගෙ කට
කෙතරම් පතන මුත් බුදු නොවන අද හෙට
එන කල්පෙටත් යෙදුණ වැඩ ඇත මවකට
දර හෝ ගෑස් වෙනසක් නැතිව උදයට
උණුසුම දේ ය බැස යන සඳේ සීතට
ලොවක් පුබුදවා තේ කෝපි කහටට
සීනුව වයයි නැඟ එන්න නැවුම් ඉරකට
සාරිය, ගවුම නම පමණි ඇත්තෙ වෙනසට
මවකගෙ සතුට නැතුවාද වතක හිර කොට
වැඩ වැරුමක් කළොත් මව්වරුන් දිනකට
සිය සිය දහස් කුස් හිස්වේවි හනිකට
අම්මා මලක් නොව පේරාදෙණිය මට
නෙළා පුදනු කෙලෙසද සිරි පතුල් පිට
හැකි නම් සැණින් මම නඟිමි සදෙව් ලෝකෙට
එක් සුර කයක් බන්දමි එක් මවකට
කවිය ලොප් කරමි ලෝ සදාචාරෙට
දෙතන් හස කළෝ කවියන් අවාරෙට
සා පැටවුනේ මව් සඳ ඉරා මිහි බට
ඒ ණය ගෙවා, සැරසෙමු දෙවනු නිවනට
[SIZE=+1]Nilanka Maheshan Fernando | නිලංක මහේෂාන් ප්රනාන්දු[/SIZE]
