අම්මෙ ඒ නුඹ නෙවෙයි පව් කාරයා මම වෙමි!
"අම්මෙ මට බඩගිනියි,
කිරි ඕන" කිය කියා...
කිරි බිව්වේ මම නුඹගෙ,
සුදු පපුව උර උරා...
නොබිව් කිරි පොඩිත්තක්,
පුඩුව අග නැවතිලා...
කෙසේ එය දැනගන්නෙ,
පිළිකාව ලියලලා...
" නාඩන්න සුදු අම්මෙ
නපුරු සිතුවිලි සිතා...
කිසි දෙයක් වෙන්නෙ නෑ
මම නුඹගේ සුදු පුතා..."
"කපනවලු සුදු පුතේ
කිරි දුන්න මේ පපුව...
ගැහැනියක ලස්සනක්
නෑ නේද ඉන් පසුව..."
කොන්ඩෙ නැති සුදු මුණ,
පුර හඳත් පරාදයි...
දුක් වෙන්නෙපා අම්මෙ,
අපි ටිකක් ප්‍රමාදයි...
"කරුමයක් මම කෙරුව පෙර බවයෙ මම දනී...
අම්මෙ ඒ නුඹ නෙවෙයි
පව් කාරයා මම වෙමි..."
උපුටා ගැනීමකි
කිරි ඕන" කිය කියා...
කිරි බිව්වේ මම නුඹගෙ,
සුදු පපුව උර උරා...
නොබිව් කිරි පොඩිත්තක්,
පුඩුව අග නැවතිලා...
කෙසේ එය දැනගන්නෙ,
පිළිකාව ලියලලා...
" නාඩන්න සුදු අම්මෙ
නපුරු සිතුවිලි සිතා...
කිසි දෙයක් වෙන්නෙ නෑ
මම නුඹගේ සුදු පුතා..."
"කපනවලු සුදු පුතේ
කිරි දුන්න මේ පපුව...
ගැහැනියක ලස්සනක්
නෑ නේද ඉන් පසුව..."
කොන්ඩෙ නැති සුදු මුණ,
පුර හඳත් පරාදයි...
දුක් වෙන්නෙපා අම්මෙ,
අපි ටිකක් ප්‍රමාදයි...
"කරුමයක් මම කෙරුව පෙර බවයෙ මම දනී...
අම්මෙ ඒ නුඹ නෙවෙයි
පව් කාරයා මම වෙමි..."
උපුටා ගැනීමකි


