ගෝඨාභයගේ ආණ්ඩුවක් කසිප්පුකාරයො වෙනුවෙන් පෙනී ඉදිවි කියලා ජන්දේ නොදීපු මමවත් හිතුවේ නෑ.. අවංකව මම ඒ තරම් පහත් ලෙවල් එකක දේශපාලනයක් ගෝඨාභයගෙන් දැක්කේ නෑ.. එදා ඉදලා විරුද්ධ පැත්තේ හිටපු අපිත් ගෝඨාභය ගැන විශ්වාස කලා නම්, ජන්දෙ දීපු එවුන් කොහොම හිතන්න ඇත්ද?
කොටින්ට දුවන්න ගැහුවා කියපු සරත් වීරසේකර මහත්තයා ලබ්බ කහ කහ ඉදලා තමන්ගේ පුතත් නිලධාරියෙක් වෙච්ච පොලිස් දෙපාර්තුමේන්තුවේ ගෞරවය වෙනුවට, කසිප්පු පෙරන එවුන්ගේ ඉල්ලීමට සවන් දුන්නා කියලා අපිට හැඟෙනකොට ජන්දේ නොදීපු මටත් ටිකක් අවුල් වගේ නම්, ජන්දේ දීපු එවුන්ට කොහොම ඇත්ද?
සුරක්ෂිත රටක් ගැන කතා කරපු විශ්ව විද්‍යාල ආචාර්යවරු කසිප්පු පෙරන හැටි ගැන ස්ටේටස් දානකොට අපිට මෙච්චර අවුල් නම්, උන් කියන දේවල් අහලා ජන්දේ දීපු වැස්සකට හරි ඉස්කෝලෙකට ගොඩ වුණ එවුන්ට මොනවා හිතෙනවා ඇත්ද?
අවුලක් නෑ... දේශපාලනේ හැටි ඔහොම තමයි.
- ෂේන් මහේන්ද්‍ර ප්රියවික්රම
- අම්මෝහ්
Shane
උඹ යකෙක්
