අමාත්‍යාංශ හැදුනුම්පතක් යොදාගෙන මනුෂගේ මල්ලි කෝටි හය හමාරක් වංචා කළ හැටි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    thisara-nanayakkara-fraud

    විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ඔහුගේ සොහොයුරා විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයින පුරා පදිංචි 35 දෙනකුගෙන් රුපියල් කෝටි හය හමාරකට අධික මුදලක් ලබාගෙන වංචා කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව රහස් පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් සීලණි පෙරේරා මහත්මියට ඊයේ (06) දැනුම් දුන්නේය.


    විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකළ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති සැකකරු මනුෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් හැඳුනුම්පත භාවිත කරමින් මෙලෙස මුදල් වංචා කර ඇතැයි දැනුම දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළාය.මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ඔහුගේ සොහොයුරකු බව කියන ගාල්ල වංචාවල පදිංචි තිසර නානායක්කාර නමැත්තෙකි.


    සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී
    රිමාන්ඩ් බාරයට පත් කර සිටින සැකකාර තිසර නානායක්කාර නමැත්තා අධිකරණයට ඉදිරිපත් නොකළ අතර මෙවැනිම වංචා සිද්ධියකට අදාළව ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව බන්ධනාගාර නිලධාරිහු අධිකරණයට දැනුම් දුන්හ.


    ෆින්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය හා තුර්කිය යන රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි හය හාමාරකට අධික මුදලක් වංචා කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇතැයිද මේ සම්බන්ධයෙන් තවත් පැමිණිලි ලැබෙමින් පවතින බවද දැනුම් දුන් රහස් පොලිසියේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරිහු ගම්පහ, යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුට විදේශ රැකියා ලබා දෙන පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් ලබාගෙන වංචා කළැයි කියන සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළහ.



    ෆින්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය හා තුර්කිය යන රටවල රැකියා ලබාදෙන බව පවසා 28 දෙනකුගෙන් රුපියල් කෝටි හයහමාරකට අධික මුදලක් වංචා කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද මෙවැනිම වංචා සිද්ධීන් පිළිබඳව පැමිණිලි 35ක් පමණ ලැබී ඇතැයි ද රහස් පොලිස් නිලධාරීහු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකළ ආයතනයක් පවත්වාගෙන යමින් සැකකරු හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයාගේ හැඳුනුම්පත භාවිත කරමින් මුදල් වංචා කර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වු බවද ඔවුහු දැනුම් දුන්හ.


    වංචනිකව ලබාගත් මුදල් වලින් මිලදී ගත් බව කියන මෝටර් රථයක් නඩු භාණ්ඩයක් ලෙස තමන් බාරයට ගෙන ඇතැයි ද එම මෝටර් රථය අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර දෙන්නැයිද ඉල්ලා සිටි නිලධාරිහු සැකකරු පානදුර, ගාල්ල හා මාතර ප්‍රදේශවල කර ඇති වංචනික සිද්ධීන්වලට අදාළ පැමිණිලි කැඳවන අවස්ථාවල දී සැකකරු එම අධිකරණවලට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරන්නැයි ඉල්ලා සිටියහ.



    වෙනත් අධිකරණ කිහිපයකම සැකකරුට එරෙහිව නඩු ගණනාවක් ඇති හෙයින් සැකකරුට ඇප දුන්නොත් විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කරන්නැයි රහස් පොලිස් නිලධාරීහු ඉල්ලා සිටියහ. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්මිත දේවේන්ද්‍ර මහතා කරුණු දක්වමින් යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් ලබාගෙන ඇති රුපියල් ලක්ෂ තිහක මුදලට අදාළ මෙම පැමිණිල්ලට අදාළව තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය. තම සේවාදායකයාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු හේතුවක් නොමැති බව පෙන්වා දුන් නීතිඥ අස්මිත දේවෙන්ද්‍ර මහතා තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.


    කරුණු සලකා බැලීමෙන් අනතතුරුව සැකකරු ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරමින් සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරිමට රහස් පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 10 වැනිදා පාතදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය.පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ලසිත පෙරේරා මහතා සමග ප්‍රධාන පොලිස් පරික්ෂක ජයසුන්දර මහතා පෙනී සිටියහ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දින 100න් මහ බැංකුව හොරාකාපු නාකි සිලින්ඩර් මුත්තාගෙයි නාකි සාටක රාජපක්ශ කම්බ හොරාගෙයි ගෝලයෝ.. මේවද මුන්ගේ කල පුරුද්දයි පල පුරුද්දයි 🤮 🤮 🤮
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    දින 100න් මහ බැංකුව හොරාකාපු නාකි සිලින්ඩර් මුත්තාගෙයි නාකි සාටක රාජපක්ශ කම්බ හොරාගෙයි ගෝලයෝ.. මේවද මුන්ගේ කල පුරුද්දයි පල පුරුද්දයි 🤮 🤮 🤮
    @netudara @2osama @Walter White @monson @tharakaf @EVC @kasunkaru @Asmodeus @IndrajithGamage @dxx @hirashgeff @G Starlin 🤭 🤭 🤭
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,960
    113
    ප*යාගල
    sorry.com
    ඔය මනුශයා රට යවන එකට රු 70000ක් ගත්ත. අපෙ ගෙවල් පැත්තෙ මිට්ටො අම්බානක අහුවුනා. එක මිට්ටෙක් ඒ සල්ලි දීපු එකෙක්ට කොල් කරල එක රෙකොඩ් කරලා. ඔක්කොම ෆෙස්බුක් දාල අන්තිමෙ උට මරන තරන ආව ගෙදරටම. මට කියලමයි ෆෙස්බුක් පොස්ට් ටික අයින් කරගත්තෙ.

    කත කරපු මිට්ටා මනුසගෙ මැනෙජර් කෙනෙක් හරි ඌ ලග ඉන්න එකෙක්. පට්ට කපටි කොල් එකෙන් එක වචනයක් මිස් වෙන්න දෙන්නෙ නැ. කටින් අල්ලගන්න හෙනම ගෙමක් ගහන්න ඔනෙ