චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..
January 16, 2015 at 10:14 am | lanka C news
හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ ප්‍රබලයකු වූ චාල්ස් ඥනකෝන් සහ මෙරටට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්රේ යන දෙදෙනා ඉකුත් දොළොස් වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණ ඇති මොවුන් දෙදෙනා සමග විදේශගත කොටි හිතවාදී ඩයස්පෝරාවේ ක්‍රියාකාරීන් සිව් දෙනකුද ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.
චාල්ස් ඥනකෝන් යනු කදිරගාමර් මහතාගේ ඝාතනය හේතුවෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ මෙරටින් පිටුවහල් කළ පුද්ගලයකු බව ඉකුත් කාලයේ ආරක්ෂක අංශ මගින් තහවුරු කරනු ලැබීය.
මෙරටට එරෙහි කිලිං ෆීල්ඩ් නමති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්රේ ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළු යුරෝපා රටවල එය ප්‍රදර්ශනය කරමින් බ්‍රිතානයේ “චැනල් ෆෝ” රූපවාහිනිය ඔස්සේ ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩකළ බවට ප්‍රචාරය කළ තැනැත්තෙකු වේ.
මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දින හතරක් ගෙවී ඇතත් ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න මෙතෙක් වාර්තා වී නැත.
– Divaina