අමාත්‍ය මණ්ඩලය ආර්ථික අර්බුදය ගැන ගත් තීරණ..රුපියල පා කිරීමට ඵකඟ වේ..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,686
    100,974
    113
    1 usd = 270 LKR
    290ට කිට්ටු කරයි මාසයක් වගේ ඇතුලත ඕකට නිදහසේ යන්න දුන්නොත්.

    කෝ දැන් ඩොලර් රේට් කියට ගිහින්ද
    උබට මොන ඩොලර්ද? යෙන් රුපියල් වලින්නෙ පේමන්ට් එන්නෙ.
    ------ Post added on Dec 14, 2021 at 4:30 PM
     
    • Sad
    Reactions: EVC

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    දැනට මතුව ඇති ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවට කැබිනට් අමාත්‍යවරු රැසක් යෝජනා ඉදිරිපත් කර තිබේ.

    ඊයේ (13) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්විය.

    පස්වරු 05ට පමණ ආරම්භ වූ අමාත්‍ය මණ්ඩල රැස්වීම රාත්‍රී 09.

    30 දක්වා පැවති බව වාර්තා වේ.

    මෙහිදී ප්‍රධාන වශයෙන්ම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරු කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර අරමුදලට ගියහොත් එහි කොන්දේසිවලට එකඟවීමට සිදුවනු ඇති බවය.

    එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගැනීම වඩාත් සුදුසු බව තවත් මන්ත්‍රීවරු පිරිසක් පෙන්වා දී තිබේ.

    කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

    මේ අතර අමාත්‍ය මණ්ඩලයේදී ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්වී තිබේ.

    ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 420ක් පමණ වැයවන බව විෂය භාර අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බව සඳහන් වේ.

    ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ඉන්ධන ආනයනය කිරීමේදී ගැටලු රැසක් මතුවනු ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

    මෙහිදී රුපියල පා කළ යුතු බවට අමාත්‍යවරු ප්‍රකාශ කර ඇති අතර ඊට බොහෝ පිරිසකගේ එකඟතාව පළ වී ඇති බව වාර්තා වේ.

    මේ අතර ඊයේ දිනයේදී යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මෙම ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන් වේ.

    http://sinhala.adaderana.lk/news/161668/අමාත්‍ය-මණ්ඩලය-ආර්ථික-අර්බුදය-ගැන-ගත්-තීරණ
    ඕක තමයි කරන්න ඉතුරු රුපියල පා කරලා රට එපා කරලා විනාස කරලම දාපල්ලා
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    USDT/BUSD ekath 300 th pannala yawi

    mama nam ganna thibaa godak ona karana dewal gathaa bung. wenada wagee newee, aiyth oya prices apita dakinnath nathi weiyi samahara items wala kalayak yanakam
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දැන් මේ ගෙන්වන ඉන්ධන නිකන්ද දෙන්නේ?

    ඩොලර් මිලියන 420ක් කියන පොල් අකුරු ගාන නිකන්ම දෙනවද?
    එහෙනං ඇයි imf එකෙන් ණය ගන්නෙ? බයියන්ට අනුව චීනෙං නැතුව ඒකෙන් ණය ගත්තොත් ජාති ද්‍රෝහී වෙනව නේද?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    "ලංකාවේ ඡන්දය දෙන මිනිසුන්ගෙන් අති බහුතරයක් ඉතා ම අඩු දේශපාලන සාක්ෂරතාවක් තියන වහලුන් පිරිසක්. ලංකාවේ පුරවැසිකම තිබුණට ඔවුන් පුරවැසියන් නෙවෙයි, නිකම්ම නිකම් සෙනග ගොඩක් විතරයි."

    කෝ දැන් ඩොලර් රේට් කියට ගිහින්ද
    ලංකාවේ ඡන්දය දෙන මිනිසුන්ගෙන් අති බහුතරයක් ඉතා ම අඩු දේශපාලන සාක්ෂරතාවක් තියන වහලුන් පිරිසක්. ලංකාවේ පුරවැසිකම තිබුණට ඔවුන් පුරවැසියන් නෙවෙයි, නිකම්ම නිකම් සෙනග ගොඩක් විතරයි.
    ------ Post added on Jan 21, 2022 at 5:11 PM