මේ වන විට සිර දඬුවමට ලක්ව සිටින රන්ජන් රාමනායක මහතාට එරෙහිව 2016 වසරේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගොනුකරන ලද නඩුව ඉල්ලා අස්කර ගැනීමට අද (31) අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කර තිබෙනවා.
මෙහිදී අද (31) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව ඉල්ලා අස්කරගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන් රන්ජන් රාමනායක මහතාට සමාව දුන් බවයි.
2016.06.21 වැනි දින මාදිවෙල මන්ත්‍රී නිවාසයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් රන්ජන් රාමනායක මහතා ඩිෆෙන්ඩර් රථයක් පෙන්වා මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පහරදීමකට හා ඝාතනයකට සම්බන්ධ රථයක් දමා ගොස් ඇති බවට චෝදනා කරනු ලැබුවා.
එහෙත් එම ඩිෆෙන්ඩර් රථය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නොව බවට පසුව සනාථ වුණා.
එම සිද්ධියෙන් පසු තමන්ට සිදු වූ විශාල හානිය පදනම් කරගෙන රන්ජන් රාමනායක මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොණු කිරීමට කටයුතු කරනු ලැබුවා.
එහෙත් මේ වන විට රන්ජන් රාමනායක මහතා පසුවන අසරණ තත්ත්වය හමුවේ මෙම නඩුවද විභාග වී ඔහුට තවත් වසර කිහිපයකට හෝ සිරගත වීමට සිදුවන හෙයින් තමන් එම නඩුව ඉල්ලා අස්කරගැනීමට කටයුතු කළ බවයි අමාත්‍වරයා සඳහන් කළේ.
රන්ජන් රාමනායක අහිංසක මනුස්සයෙක් වන අතර ඔහුව ඇතැමුන් නොමඟ යවා ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
සුමන්තිරන් මන්ත්‍රීවරයාටද අවශ්‍ය වූයේ ඔහුව සිරගත කර ජිනීවා මානව හිමිකම් කොමිසමට රැගෙන යාම බවද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
”රන්ජන් රාමනායකව නොමඟ යවල තියෙන්නේ. ඔහු අහිංසක මනුස්සයෙක්. ඔහු එදා කළ වරද පිළිගත්තා. කණගාටුවත් ප්‍රකාශ කළා. ඒවගේම තමයි සුමන්තිරන් මන්ත්‍රීවරයාට අවශ්‍ය වුණා ඔහුව හිරේ යවන්න. සාක්ෂිකරුවන් 103ක් ඉන්නකොට තුන්දෙනෙකුගෙන් සාක්ෂි විමසලා නඩුව අවසන් කළා. රන්ජන්ව හිරේ යවල ඔහුව ජිනීවා මානව හිමිකම් අරන් යන්න සුමන්තිරන් බැලුවේ. මම කියන්නේ දේශපාලකයෝ විදිහට දේශපාලන පළිගැනීම් වලට අපි යන්න හොඳ නැහැ. මම මේ නඩුව ගැන ජනාධිපතිතුමා එක්ක කතා කරද්දී එතුමත් කිව්වේ දේශපාලකයෝ ලෙස පළිගැනීම් නොකළ යුතු බවයි. රන්ජන් මට තරම් කාටවත් ගැහුවේ නැහැ. නමුත් මම සමාවදුන්නා. කොහොමත් මේ මනුස්සයට සාධාරණයක් වෙන්න ඕනේ. මම ඒ ගැන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකුත් කරන්න ඉන්නේ.” යනුවෙන් අලුත්ගමගේ ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.
ගොන්ජට මේව මතක තිබුනොත් හොඳයි ඵළියට අාපු දවසක.මේ නඩුව තිබ්බනම් උෟට මැරෙනකන්ම හිරේ ඉන්න වෙන්නෙ.බොරුවට අනිත් උන්ට හොරා හොරා කිය කිය ඉඳල අන්තිමට අවුරුදු ගාණකට හිරේ ගියා..දැන් බල්ලෙක්වත් නෑ උෟට..මෝඩ ගොන්ජා..
Last edited:
