අනුර, රාජිත, පාටලී ඇතුළු පිරිස තමයි මේ විදියට අසත්‍ය චෝදනා ජන්ගත කිරීමේ පුරෝගාමියා. මිනිස්සු තුල වැඩකරන දේශපලකයයන් කෙරේ වයිරයක් ඇති කරන්න අනුර ක්‍රියා කරනවා. මේ කිසි චෝදනාවක් තවම උසාවියක සාක්ෂි ඇතුව ඔප්පු කරන්න අසමත් වෙලා තියෙනවා. මිනිස්සුන්ට ඕනෑතරම් චෝදනා කරන්න පුළුවන්. එත් ඒවාට නිසි පදනමක් තිබිය යුතුයි.
තව වගකිවයුතු කොටසක් තමයි social media වල ඉන්න සමහර කොල්ලෝ කෙල්ලෝ. උදේ ඉදන් හවස් වෙනකම් මෙලෝ සිහියක් නැතිව පදනමක් නැති පොස්ට් දම දම ඉන්නවා.
මෙගොල්ලා දැක්කහම රන්ජන් වගේ කට්ටිය හිතුවා මටත් වීරයෙක් වෙන්න පුළුවන් මඩ ගැහුවොත් කියලා. චන්ද ටිකක් ලබා ගන්න පුළුවන් කියල.
මේ ජරා සංස්කෘතිය අපි නැති කරන්න ඕනේ. මේ සංස්කෘතිය පසුපස යන මිනිස්සු පහනකට ඇදෙන මැස්සෙක් වගේ අන්තිමේදී සංස්කෘතිය තුලින්ම අමාරුවේ වැටෙනවා